Wednesday, November 19, 2014

ස්මාර්ට් ෆොර්න් එකට ආරක්ෂකයෙක්. - Protect Your Smart Phone.

පොස්ට් එකක් දාපු සැණින් අතුරුදහන් වීමේ රෝගයක් පවතින නිසා ම්ත්‍ර බ්ලොග්කරුවන් මට කමත්වා......... 
එහෙම බැරිනම් සමාව බාජනෙකට, බේසමකට, බාල්දියකට, බැරල් එකකට, බැරිම නං වතුර ටැංකියකට එහෙමත් බැරි නම් අහල පහල ළිදකට වත් දාහල්ලා. 
මේ සුදානම තවත් බෙගල් පොස්ට් එකක් ලියන්න තමා. 
(ඔව් ඔව් ලියලා, කොමෙන්ට් වලට වත් රිප්ලයි කොමෙන්ට් නොදා මාරුවෙනවා.) 
සෑහෙන වැඩ අදීකව තමා මේ දවස් ගෙවුනේ. (ඉතිං, අපිට මොකෝ) හරි හරි... බොරු බයිලා නැතුව ආපු දේ කියලා අන්තරස්දහන් වෙන්නම්කො.

ලංකාවේ දැන් ගොඩක් අඩුවට ඇන්ඩ්රොයිඩ් ස්මාර්ට් ෆොර්න් ගන්න තියෙනවා. හැමෝම ලග වගේ දැන් ස්මාර්ට් ෆොර්න් තමයි තියෙන්නේ. ඕක ගත්තා වගේ නෙමෙයි නැති උනොත්....??? මල මගුලයි නේ..?? 

අද කියන්න යන්නේ
ස්මාර්ට් ෆොර්න් එකට දාගන්න සිකියුරිට් ඇප් එකක් ගැන.        

ගූගල් Play එකට ගිහිං සිකියුරිට් ඇප් හෙව්වාම ඉතිං පදුරකට පයින් ගැහුවම 100ක් විතර විසිවෙනවා වගේ ලොකු ලිස්ට් එකක් එනවා, මේ දවස්වල හොද ඇප් එකක් හොයාගන්න බැරුව මම හිටියේ. හොයලා හොයලා අන්තිමේදී සමාන්‍ය තරමක් දුරට හොද ඇප් එකක් හම්බුනා. මේ ඇප් එක හදලා තියෙන්නේ ගොඩක් විශ්වාසදායි ප්‍රති වයිරස් මෘදුකාංග නිපදවන හා නොමිලේ ලබාදෙන සමාගමක් වන Avast සමාගමෙන්. 


https://play.google.com/store/apps/details?id=com.avast.android.at_play&hl=en

මේ ඇප් එක දාගත්තා කියලා ෆොර්න් එක පරිස්සමක් නැතුව තැන තැන අමතක කරලා යන්න එපා, මොකද කියනවානම් සාමාන්‍යයෙන් ස්මාර්ට් ෆොර්න් වලට ආවේනික උන හාර්ඩ් රීසෙට් කියලා ඔප්ෂන් එකක් එනවා. ටිකක් වැඩ දන්න කෙනෙක්ට ෆොර්න් එක හම්බුනොත්, එයා ඒක හාර්ඩ් රීසෙට් කලොත්, ස්මාර්ට් ෆොර්න් එක අපි අලුතෙන්ම ගන්නකොට තිබුන සෙටින්ග්ස් වලට (Factory Defaults) මාරු වෙනවා. ඔය දාපු ඇප් එකෙන් එතකොට ඇති වැඩක් නෑ. ඒ නිසා මේ ඇප් එක දාගත්තට කමක් නෑ, වෙනදා වගේම ෆොර්න් එක පරිස්සම් කරන්න.  

වැදගත්ම දේ තමයි, මේ ඇප් එක දාගන්නවානම් අනිවාර්යෙන්ම Avast නිල වෙබ් අඩවියට මෙතනින් ගිහිං, නොමිලේ ලබා දෙන ගිණුමක් හදාගන්න. එතකොට දුරකථනය අස්ථානගත උනොත්, හොයාගන්න එක ඉක්මනට කරන්න පුළුවන්.

Avast ගිණුමට ලොගින් උනහම මේ විදියට ඩෑෂ්බෝර්ඩ් එකේ විස්තර පෙන්නයි.


මෙතනින් පුළුවන්,

ෆොර්න් එක තියෙන තැන බලන්න,
නැතිවුණා කියලා ලොක් කරන්න,
ෆොර්න් එක
එන Call, SMS, වෙනත් අංකයකට Forward කරන්න,
සයිරන් ටෝන් එක ඔන් කරන්න,
ෆොර්න් එක ලොක් කරන්න,
Send Command - මෙතනින් පුළුවන් ෆොර්න් එකට විධාන නිකුත් කරන්න.

Contact Device - මෙතනින් පුළුවන් දැනට ෆොර්න් එක යම්කිසිකෙනෙක් ගාව තියෙනවනම්, සිම්පත මාරුකරලා උනත්, කතාකරන්න, කෙටි පණිවිඩ යවන්න පුළුවන්. 
(මේ වෙනුවෙන් ෆොර්න් එකේ ඩේටා කනෙක්ෂන් එක ඇක්ටිව් තියෙන්න ඕනේ)
මෙතන සමහර ඔප්ෂන් අක්‍රීය වෙලා පෙන්නනවා,  මේක නොමිලේ දෙන සංස්කරණයක් නිසා සමහර ඔප්ෂන්ස් සක්‍රීය කරන්න මේ ඇප් එක මිලදී ගන්න ඕනේ.

දැන් පොඩ්ඩක් බලමු ඇප් එකේ සෙටින්ග්ස් මොනවගේද කියලා.





ඔය පින්තූරේ තියෙන විදියට මෙනු එක එයි.
එතනදී.......

Owner - ඔයාගේ නම දාන්න, (ඔය ඉතිං සුරතල් නාමය නෙමෙයි හලෝ, උප්පැන්නේ තියෙන එක.)

**** avast PIN - ඔතනට දාන්න ඕනේ පාස්වර්ඩ් එකක්, ඒක අංකයක්ම විය යුතුයි. ඒ අංකයෙන් තමයි මේ ඇප් එක "Open" කරන්නේ.

Friends - මෙතනට ඔයාගේ යාළුවන් දෙන්නෙක්ගේ දුරකථන අංක ලබාදෙන්න පුළුවන්.

Avast Account - Avast වෙබ් අඩවියේ ගිණුමක් හදලා, ඒ තොරතුරු ඇතුලත් කිරීම මෙතනින් කරන්න පුළුවන්.


Advanced Settings - මෙතන සෙටින්ග්ස් ගොඩක් තියෙනවා. පහල පින්තුරේ බලලම පැහැදිලි කරගමු.  



Protection Behavior -  මෙතැනදී කරන්නේ දුරකථනය නැතිවෙලා වෙන කෙනෙක් වෙනත් සිම් කාර්ඩ් එකක් මේ දුරකථනයට දැම්මොත් මොන විදියට දුරකථනය හැසිරෙන්න ඕනෙද කියන සෙටින්ග්ස් හදන එක.
 මෙතැනදී ඔයාට පුළුවන් ෆොර්න් එකෙන් ඩේටා කේබල් එක හරහා දත්ත වෙනත් තැනකට ගන්න එක නවත්තන්න හා ඩේටා කනෙක්ෂන් එක හැම වෙලේම ක්‍රියාත්මක කරලා තියන්න.

(හැබැයි මේකට ෆොර්න් එක Root කරලා තියෙන්න ඕනේ, Root කියන්නේ සරලව ෆොර්න් එකේ ඇඩ්මින් ඔප්ෂන්ස් සක්‍රීය කරලා තියෙන්න ඕනේ. මේ ගැන වැඩිදුරටත් පස්සේ කතාකරමු.)   

Lock Text, GPS, Wipe - මෙතනින් ඔයාට පුළුවන් දුරකථනය ලොක් උනහම ස්ක්‍රීන් එකේ පෙන්නන්න ඕනේ නමක් හෝ සම්බන්ධ කරගන්න පුළුවන් වෙනත් දුරකථන අංකයක් ඇතුලත් කරන්න.

Through Wipe - මේ සෙට්ටින්ග් එක ඕන් එකේ තියෙද්දී, ඔයා ෆොර්න් එක සම්පුර්ණයෙන් මකාදැමුවොත් (Wipe) කලොත් එක වෙන අතරතුර මෙමරි කාර්ඩ් එක අනවශ්‍ය ගොනු වලින් පුරවනවා. මේක කරන්නේ මෙමරි කාර්ඩ් එකේ තිබුන ගොනු නැවතත් ලබාගැනීමේ (Recover) කිරීමේ හැකියාව අවම කරන්න.

Geo fencing - මේ ඔප්ෂන් එකෙන් කරන්නේ ඔයා යම්කිසි තැනක සෑහෙන වෙලාවක් ඉන්නවානම්, (කාර්යාලය හෝ රෙස්ටුරන්ට් එකක වගේ)
එම ස්ථානයේ ඉදන් (මීටර 100 ඉදං කිලෝමීටර් 50ක් වෙනකං පරාසයක් ඇතුලත) දුරකතනය අදාල පරාසය ඉක්මවා ගිය ගමන් Friends කියන තැන අපි දාපු දුරකථන අංකවලට පණිවිඩයක් යනවා. ලංකාවේ දැනට පවතින GPS තාක්ෂණයත් එක්ක මේක කොච්චර දුරට සාර්ථකද කියන එක ගැටළුවක්.


Password Check - ඔයාගේ දුරකතනයට දැනටමත් ස්ක්‍රීන් ලොක් එකක් දාලා නම් තියෙන්නේ, ඒ ලොක් එක වැරදියට තුන් පාරක් එන්ටර් කලොත් ෆොර්න් එක ඉබේම ලොක් වෙන්න, අදාල අංක වලට පණිවිඩයක් යන්න, ෆොර්න් එකේ ඉදිරිපස කැමරාවෙන් ෆොටෝ එකක් ගන්න වගේ සෙටින්ග්ස් ටික මෙතනින් හදන්න පුළුවන්. 

Siren Sound - මෙතනින් පුළුවන් සයිරන් එක විදියට නාද වෙන සද්දේ වෙනස් කරන්න, ඔයාටම රෙකොර්ඩ් කරන්න. 


Hard Reset Protection - මේ ඔප්ෂන් එක සෑහෙන වැදගත් ඔප්ෂන් එකක්. මම කලින් කිව්ව ස්මාර්ට් ෆොර්න් වල තියෙන Hard Reset ඔප්ෂන් එක අක්‍රීය කරන්න පුළුවන්. 
(මේකටත් Root ඔප්ෂන් තියෙන්න ඕනේ)
Avast anti theft removal wizard - මේ ඇප් එක (මල වාතයක් උනොත්) මෙතනින් තමයි ෆොර්න් එකෙන් අයින් කරලා දාන්නේ.  

මෙතැනදී මම විස්තර කලේ අත්‍යවශ්‍ය කියලා හිතෙන ඔප්ෂන් ගැන විතරයි.  එත් එක්කම මේකේ SMS Commands මහා ගොඩක් තියෙනවා. එක ඊලග පොස්ට් එකට ඉතුරුකරගත්තා. 
(හරි හරි ඉක්මනට දානවා... ඉක්මනට දානවා..) මීට අමතර යමක් දැනගන්න ඕනේ නම් ඉතිං කොමෙන්ටුවක් හරි මේල් එකක් හරි දාන්නකෝ. එහෙනං ජය වේවා...!!!


 

10 comments:

  1. හායි...
    බූතයෝ මංං එක.. -එක පලියට..

    මටනං මේක මාර විදියට තේරුනා - තේරුණා කියන්නේ පලවෙනි දවසෙම දෛශික තේරුං ගන්නවා වගේ.. කමක් නෑ.. උඔ ලියලනේ ...

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. අඩෝ නිට්ටබු විදානෙ....
      උබ එක තමා. හැබැයි -එක පලියට දාන්න එපා, පැත්ත පළාතේ සතා සිව්පාවුන්ට වත් ඉන්න බැරි වෙයි.
      තේරුනේ නැත්තං ඉතිං...... (මං කිව්වා කියලා හිතාගනින්....)

      Delete
  2. නිමෝ.....................

    ඔය ඒක ලිපියක් දැම්මා ම කොහෙට ද අතුරුදහන් වෙන්නේ................ නිකං දැනගන්න අහන්නේ මචං.....

    ReplyDelete
    Replies
    1. මේකයි මචං වෙන්නේ....
      එක පොස්ට් එකක් කොටාගෙන කොටාගෙන යනකොට පුදුම ගැම්මක් එනවා. ඒ වෙලාවට හිතාගන්නවා දවස් තුන හතරකට එකක්වත් දානවා කියලා. ගැට අරගෙන ලියලා ඉවරවෙලා ටික දවසක් යනකොට අර ඔඩිට් මේ ඔඩිට් ඔෆිස් එකේ වැඩ එක්ක කොමෙන්ට් කරන්න වත් වෙලාවක් නැති වෙනවා.

      Delete
  3. මේ යකා හිටි ගමන් හීනෙන් ඇහැරිච්චි එකා වගෙ ආවම පෝස්ටුත් මග ඇරෙනවා. හා හා කමක් නෑ.. එහෙම හරි ලියන එක මදෑ. ඔය කිව්වට මං ඊට එහා තමයි ඉතින් :D

    මරු ඇප් එක. නැද්ද නිමෝ ඉමි එක පාවිච්චි කරල හොයන්න පුළුවන් ක්‍රමයක් හෙම.

    ReplyDelete
    Replies
    1. මේ සටහන සෑහෙන්න වටිනවා. ස්තුතියි නිමෝ !!

      Delete
    2. ඔව් බන් මේ දවස්වල පොඩ්ඩක් වැඩ.

      මගේ දැනුමේ හැටියටනම් IMEI එකෙන් ෆොර්න් එකක් හොයන්න පුළුවන් සේවය සපයන්නාට (Mobitel, Dialgo) විතරයි. මොකද අපි දාන සිම් එකෙන් ෆොර්න් එක ගැන සියලු විස්තර අදාල සේවා සපයන්නාට දුන්නට පස්සේ තමයි ෆොර්න් එකේ සිග්නල් ඇක්ටිව් කරන්නේ. ඔය සියලු විස්තර වෙනම ඩේටා බේස් එකකට යනවා. දැන් හැම සේවා සපයන්නම පාවිච්චි කරන්නේ එකම ඩේටා බේස් එකක්. TRC (විදුළි සංදේශ හා නියාමන කොමිසම) එකෙන් කරන එක කාර්යක් තමයි ඔක්කොම ඩේටා බේස් එක තැනකට ගෙනල්ලා පරික්ෂා කරන එක. දැනට ලංකාවේ නිතිය අනුව පොලිස් ස්ථානයකින් පැමිණිල්ලක් දාලා ඒ අදාල විස්තර TRC එකට දෙන්න ඕනේ. ෆොර්න් එක හම්බෙන දවස ඉතින් දෙයියෝ තමයි දන්නේ. මේ මම දන්න විදිය. වෙන විදියක් වෙන කෙනෙක් දන්නවානම් කරුණාකරලා අපිත් එක්ක බෙදාගන්න.

      Delete
  4. මම දාල තියෙන්නෙ AVG :-D

    ReplyDelete
    Replies
    1. AVG කියන්නෙත් හොද සමාගමක්, ඉස්සර Avast, AVG තමයි අපේ හොදම යාලුවෝ. සමහර හේතු නිසා AVST ඉදිරියට අවා. ඒ ගැනත් විස්තර වෙලාවක දාන්නම්කො. ජය..!! :D

      Delete
  5. ESET කොහොමද?? 
    මං ඒකෙ ෆ්‍රී එක දාලා තියෙන්නෙ!! දැනට නං අවුලක් නෑ. හැබැයි මං Anti-theft ෆැසිලිටිය අැක්ටිව් කලේ නෑ!! කම්මැලි අෆ්ෆා!!

    ReplyDelete

හිතුන දෙයක් තියෙනවනම් නොකියා මාරුවෙන්න එපා හොදේ........!
ගල් මුල්, යෝජනා, චෝදනා, ඕනදෙයක්.....!

Related Posts Plugin for WordPress, Blogger...