Thursday, November 27, 2014

Free LAN Messenger - නොමිලේ ලබාදෙන ජාලකරණ "Chat" මෘදුකාංගයක්.

අද අරන් ආවේ බොහොමයක් දෙනෙක්ට ගොඩක් ප්‍රොයෝජනවත් වෙන LAN Chatting මෘදුකාංගයක්. වැදගත්ම දේ මේ මෘදුකාංගය ක්‍රියාත්මක වෙන්න "Server" පරිඝනකයක් හෝ අන්තර්ජාල පහසුකම් අවශ්‍ය නොවීමයි. ගොඩක් වෙලාවට මේක ගොඩක්ම ප්‍රොයෝජනවත් වෙන්නේ සාමාන්‍ය ප්‍රමාණයේ කාර්යාලයකට වගේ. නිතරම කෝල් ගන්නවට වඩා සැහෙන දෙයක් මේ මෘදුකාංගයෙන් කරගන්න පුළුවන්. File Transfer, Group Chatting, වගේ දේවලුත් කරගන්න පුළුවන්. ඔක්කොටොම වඩා වැදගත් වෙන්නේ නම් ඕපාදුප කතාකරන්න.

http://lanmsngr.sourceforge.net/downloads.php

එත් එක්කම මේ මෘදුකාංගයේ සංස්කරණ දෙකක්ම තියෙනවා,

1. සාමාන්‍ය විදියට පරිගණකයේ ස්ථාවරව ස්ථාපනය කරන ක්‍රමය. (Installation)  
2. ස්ථාවරව ස්ථාපනය නොකර භාවිතා කිරීමේ ක්‍රමය. 
(Portable)

1. සාමාන්‍ය විදියට පරිගණකයේ ස්ථාවරව ස්ථාපනය කරන ක්‍රමය. (Installation)
මේ ක්‍රමයේදී සාමාන්‍ය විදියට අනෙකුත් මෘදුකාංග ස්ථාපනය කරනවා වගේ ස්ථාපනය කරගන්න පුළුවන්.

2. ස්ථාවරව ස්ථාපනය නොකර භාවිතා කිරීමේ ක්‍රමය. 
(Portable)
මේ ක්‍රමයේදී සාමාන්‍ය විදියට අනෙකුත් මෘදුකාංග ස්ථාපනය කරනවා වගේ ස්ථාපනය කිරීමක් සිදුවෙන්නේ නෑ. අදාල ගොනු සහිත ෆෝල්ඩරයෙන් අදාල අයිකනය තෝරාගෙන මෘදුකාංගය ක්‍රියාත්මක කරන්න පුළුවන්. අනවශ්‍ය වෙලාවට Exit කරලා තියන්නත් පුළුවන්. මේ ක්‍රමයේදී පරිඝනකයේ "Add or Remove Programs" තුලට මෘදුකාංගයේ විස්තර ඇතුලත් වෙන්නේ නෑ. මෘදුකාංගය ඉවත් කරන්නේ අදාල ගොනු සහිත ෆෝල්ඩරය මකා දැමීම පමණයි.   

මේ මෘදුකාංගයෙන් ලබාදෙන ප්‍රධාන විශේෂාංග පොඩ්ඩක් බලමු.

Instant messaging.
තමන්ගේ ජාලයේ (Network) එකේ ඉන්න අනිත් සාමාජිකයින් එක්ක Chat කරන්න පුළුවන්.

Secure messaging for privacy.
මේ යවන පණිවිඩ AES ආරක්ෂක ක්‍රමය යටතේ ආරක්ෂා කරලා යවන්නේ.

Broadcast messages
කීපදෙනෙක්ට එකවර පණිවිඩයක් යැවීමට ඇති හැකියාව.

File transfer.
ජාලය හරහා ගොනු මාරු කිරීමට ඇති හැකියාව.


Serverless architecture.
ජාලය තුල ප්‍රධාන පරිඝනකයක් නොමැතිව භාවිතා කිරීමට ඇති හැකියාව.

No internet connection required.
අන්තර්ජාල පහසුකමකින් තොරව ක්‍රියාකිරීම හා එම නිසා බාහිරින් විය හැකි අනතුරු වලින් ආරක්ෂාව.

Cross-platform support.
එකිනෙකට වෙනස් පාලන පද්ධති (OS) වල ක්‍රියා කිරීමට ඇති හැකියාව. Windows වගේම Linux, හා Mac පාලන පද්ධතිවල.
 



මේ පින්තූරේ තියෙන්නේ මේ මෘදුකාංගයේ සෙට්ටින්ග්ස් මෙනු එක. මේ ගැන වැඩි විස්තර කරන්න යන්නේ නෑ මොකද හරිම සරල විදියට ඕනෑම කෙනෙක්ට වෙනස් කරගන්න පුළුවන් විදියට තියෙන නිසා. මේක පාවිච්චි කරලා හොද නරක කියන්නකෝ. මේ සම්බන්ධව මොනාහරි ගැටළුවක් තිබ්බොත් මේල් එකක් දාන්න. එහෙනම් ජය වේවා....!!

Free LAN Messenger නිල වෙබ් අඩවියට පිවිසෙන්න.

Tuesday, November 25, 2014

How To Root Your Android Mobile Without PC - පරිඝනකයක් නැතිව Root කරන්නේ කොහොමද?

මගේ ගාව තියෙන ඇන්ඩ්රොයිඩ් ෆොර්න් එක සෑහෙන පොඩි මතක ප්‍රමාණයක් තියෙන එකක්. මේ ෆොර්න් එක ගත්තේ Dialog එකෙන්. ඒ ගන්නකොට Dialog එකේ තියෙන ලට්ට ලොට්ට ඇප්ස් ඔක්කොම ඉන්ස්ටෝල් කරලා තමා දුන්නේ. ඒවා අයින් කරන්න ෆොර්න් එක Root කරන්න ඕනේ, මේක රූට් (Root) කරන්න ඕනේ කියලා හිතාගෙන හිටියට මොකෝ Warranty එකට තට්ටු වෙන නිසා නොකර හිටියා. මෙමරි බුස්ට් කරන්න තියෙන අරක මේක කර කර, රටේ නැති ඇප් දාගෙන හිටියේ. අන්තිමට හම්බුනා  Self Root කරන්න පුළුවන් නියම ඇප් එකක්. ඕන දෙයක් කියලා මේ ඇප් එක දාලා බැලුවා.වැඩේ ගොඩ.


හම්බුනේ English ඇප් එක නෙමෙයි. ඇප් එකේ මේ සංස්කරණයත් පරණ එකක් හැබැයි වැඩේ කරගන්න පුළුවන්. 

මුලුන්ම ෆොර්න් එකේ බැටරිය සීයට 50ක් (50%) වත් තියෙනවද කියල බලන්න. මේ වැඩේට ගොඩ වෙලාවක් යන්නේ නෑ, ඒ උනාට බැටරියේ ධාරිතාවය බලන්න. අනික් දේ වැදගත් කියලා දැනෙන ගොනු තියෙනවානම් මෙමරි කාර්ඩ් එකට නැත්නම් පරිඝනකයට ලබාගෙන ආරක්ෂා කරගන්න. මතක තියා ගන්න මේ ක්‍රමයට දුරකථනය Root කරන එක තමන්ගේ වගකීම. මේ ක්‍රමය මගේ ෆොර්න් එකට හරිගියා, ඔයාගේ එකට හරියන්නේ නැති වෙන්න පුළුවන්. අවධානමක් ගන්න කැමති නැත්තන් මේ ගැන දන්න කෙනෙක් එක්ක හෝ දන්න කෙනෙක්ට දීලා කරගන්න.

මෙතනින් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. මොකද මේ ඇප් එක ගූග්ල් ප්ලේ ස්ටෝර් එකේ නෑ.ඊට පස්සේ ෆොර්න් එකේ Settings වලට ගිහින්, Security Settings යටතේ, Unknown Resources කියන තැන ඉස්සරහින් "හරි" ලකුණ දාගන්න.

ඇප් එක ඉන්ස්ටෝල් කරලා, ඕපන් කරගත්තම මේ විදියට පෙනෙයි.  


1. Root.
මෙතන තෝරගත්තම Root කරන්න ඕනේ තැනට අපිට යන්න පුළුවන්. 
පහල පින්තුරේ වගේ,
මෙතැනදී පහලින් තියෙන කොලපාට බොත්තම එබුවහම Root වෙන්න පටන් ගන්නවා. එකපාරින් Root උනේ නැත්තන් තව පාරක් Root කරන්න. Root වෙලා ඉවර උනහම පහල පින්තුරේ වගේ "Rooted" කියලා පෙන්නන්න ඕනේ.


මෙහෙම පෙන්නනවා කියන්නේ වැඩේ හරි කියන එක. ෆොර්න් එක දැන් Root වෙලා තියෙන්නේ, දැන් පුළුවන් අපිට අවශ්‍ය නැති මෘදුකාංග ෆොර්න් එකෙන් අයින් කරලා දාන්න.

2. Application Permission Management.

අපි මොකක් උනත් ඇප් එකක් ඩවුන්ලෝඩ් කරනකොට අහනවා මේ ඇප් එක වැඩකරන්න මේ මේ විදියේ "Permissions" ඉල්ලනවා කියලා. මෙතනින් ගිහිල්ලා ඒ සෙට්ටින්ග්ස් වෙනස් කරන්න පුළුවන්. මොන ඇප් එකට මොන Permissions තියෙන්න ඕනෙද කියන එක අපිටම තීරණය කරන්න පුළුවන්.  

3. Clean Up Systemic Applications.

මෙතනින් තමා අපිට සාමාන්‍ය විදියට Uninstall කරන්න බැරි ඇප්ස් අයින් කරන්නේ. සාමාන්‍ය Uninstaller ඇප් එකක් වගේමයි. 

4. System Optimization. 
මේ ඔප්ෂන් එකෙන් කරන්නේ ෆොර්න් එක ප්‍රශස්තිකරණය (Optimize)කරන එක.ඒ උනාට මේ ඔප්ෂන් එක නම් සාර්ථක නෑ.

එහෙනම් ජයවේවා.....!!! නැවත හමුවෙමු.....!
 

Friday, November 21, 2014

ඇවාස්ට් කෙටි පණිවිඩ ආරක්ෂක කේත - Avast Anti Theft SMS Commands.

ඇවාස්ට් ඇන්ටි තෙෆ්ට් ගැන පොස්ට් එකක් දැම්මට මොකෝ Code ටික පස්සේ දෙන පොරොන්දුවත් එක්ක තමා පොස්ට් එක අවසන් කලේ. අද අවේ ඒ පොරොන්දුවත් ඉෂ්ට කරන්න. ඇන්ටි තෙෆ්ට් පොස්ට් එක මිස් උන අය ඉන්නවානම් මෙතනින් ගිහිං බලලම ආවානම්.

හදිස්සියේ දුරකථනය අස්ථානගත උනොත්, ඒ අහල පහල අන්තර්ජාලයට පිවිසෙන්න පහසුකම් නැත්තන්, ඒ වෙලාවට තමයි මේ SMS Code ප්‍රොයෝජනවත් වෙන්නේ.

ඒ එක්කම මේ දේත් මතක තියාගන්න,

ඇවාස්ට් සෙට්න්ග්ස් වල Friends කියන යෙදුම යටතේ තියෙනවා "Only allow friends sms commands" කියලා යෙදුමක්. මේ යෙදුම සක්‍රීය කරලා තිබ්බොත්, ඒ අදාල යාළුවන්ගේ දුරකථන අංක වලින් හැර වෙන කිසිම අංකයකින් යවන විධාන ඇවාස්ට් මෘදුකාංගයෙන් ක්‍රියාත්මක වෙන්නේ නෑ.


හරි දැන් බලමු කේත ටික මොනවද කියලා.

හැම SMS කේතයක්ම යවනකොට අනිවාර්යෙන්ම ඇවාස්ට් PIN අංකය මුලට යොදලා යවන්න ඕනේ. නැත්නම් ඇවාස්ට් මෘදුකාංගයෙන් ඒ විධානය අදුරගන්නේ නෑ.
අපි නිකමට හිතමු ඔයාගේ ඇවාස්ට් PIN අංකය බිංදු හතරක් කියලා.

Avast PIN = 0000
උදාහරණයක් විදියට ඔයාට දුරකථනයේ සයිරන් එක නාද කරන්න ඕනේ නම්,

0000 SIREN ON කියලා පණිවිඩයක් යවන්න ඕනේ.

මේ විදියට යවද්දී මම කලින් කියපු යෙදුම සක්‍රීය කරලා තිබුන නම්,

("Only allow friends sms commands") ඒ අදාල යාළුවෙකුගේ දුරකථනයකින්ම පණිවිඩය යවන්න ඕනේ.

මේ විදියට තමයි අනික් හැම කේතයක්ම ක්‍රියාත්මක වෙන්නේ. දැන් අනික් කේත මොනවද කියලා බලමු.

නැතිවුණා කියලා පණිවිඩයක් යවන්නේ,
0000 LOST

නැවත හම්බුනා කියල පණිවිඩයක් යවන්නේ,
0000 FOUND

දුරකථනය Lock කරන්නේ,
0000 LOCK

දුරකථනය Unlock කරන්නේ,
0000 UNLOCK

කවුරුන් හෝ දුරකථනය අදාල වෙලාවේ අතේ තියාගෙන ඉන්න කෙනෙකුට පෙන්න පණිවිඩයක් යවන්නේ,
0000 MESSAGE පණිවිඩය (Pls call on 0777 000 000) වගේ නැත්නම් ඔයාට ඕනේ පණිවිඩයක්.

දුරකථනයේ සයිරන් ටොන් ඔන් කරන්නේ,
0000 SIREN ON 

දුරකථනයේ සයිරන් ටොන් ඔෆ් කරන්නේ,
0000 SIREN OFF

දැනට දුරකථනය තිබෙන ස්ථානය ගැන දැනගන්නේ, 

(ඩේටා කනෙක්ෂන් ඇක්ටිව් තිබිය යුතුයි.)
0000 LOCATE


දිගින් දිගටම දුරකථනය තියෙන තැන හොයන්නේ, 
(තමන් කැමති කාලපරාසයක් යොදාගන්න පුළුවන්)
0000 LOCATE 5
(5 = විනාඩි 5ක් ඒ කියන්නේ කියන්නේ කාලපරාසය )

දුරකථනය හොයන එක නවත්වන්න,
0000 LOCATE STOP

නැතිඋන දුරකතනයෙන් දුරස්ථ ක්‍රමයට ඇමතුමක් ලබා ගන්නේ,
0000 CALL
මේ විදියට යැවුවොත් ඔයා විධානය යවන දුරකතනයට නැතිඋන දුරකතනයෙන් ඇමතුමක් ලැබෙනවා.


0000 CALL 0777000000
මේ විදියට දුරකථන අංකයත් සදහන් කරලම යැවුවොත් ඒ අදාල දුරකථන අංකයට නැතිඋන දුරකතනයෙන් ඇමතුමක් ලැබෙනවා.


නැතිඋන දුරකතනයට ලැබෙන කෙටි පණිවුඩ ඔයාගේ දුරකතනයට ගෙන්නගන්නේ,
0000 FORWARD SMS
(තමන්ගේ සිම්පත දුරකථනයේ තිබීම අවශ්‍ය නොවේ.)

0000 FORWARD SMS 0777000000
මේ විදියට කලොත්, මෙතන සදහන් කරලා තියෙන දුරකථන අංකයට පණිවිඩ ලැබෙනවා.

මේක නවත්වන්නේ 0000 FORWARD SMS STOP කියන විධානයෙන්.

නැතිවුන දුරකථනයට ලැබෙන දුරකථන ඇමතුම් ගැන SMS පණිවිඩයකින් දැනගන්නේ,
0000 CC CALLS

0000 CC CALLS 0777000000
මේ විදියට කලොත් මෙතන සදහන් කරලා තියෙන දුරකථන අංකයට තමයි පණිවිඩය ලැබෙන්නේ.


මේක නවත්වන්නේ 0000 CC CALLS STOP කියන විධානයෙන්.

අන්තර්ජාල සම්බන්ධතාවය (බලෙන්) ක්‍රියාත්මක කරන්න,
0000 SET FORCEDATAMODE 1
මෙතැනදී අංක 1 කියන්නේ ඩේටා සක්‍රීය කරන්න කියලා. මේ වෙනුවට 0 දැම්මොත් ඩේටා සම්බන්ධතාවය අක්‍රීය වෙනවා.
 


දුරකථනය සම්පුර්ණයෙන්ම මකාදමන්නේ,
0000 WIPE
මේ විධානය යැවුවට පස්සේ නම් නවත්වන්න ක්‍රමයක් නෑ, ඒ නිසා මේක යවන්න කලින් හොදට හිතල බලලා යවන්න.

මම මෙතැන් දැම්මේ අත්‍යවශ්‍ය විධාන ටික විතරයි. තව විදාන තියෙනවා. දුරකථනය නැති උනා කියලා දැනගත්ත ගමන් ක්‍රියාත්මක කලයුතු විධාන.
එත් ඇවාස්ට් නිල වෙබ් අඩවියේ නොමිලේ ලබාදෙන ගිණුමක් හදාගත්තොත් මේ හැමදේමත් එක්ක මම මෙතන සදහන් කරලා නැති හැමදේම හරිම ලේසියෙන් කරගන්න පුළුවන්. 


එහෙනම් අපි නැවත හමුවෙමු, ජය වේවා.....!!!!


Wednesday, November 19, 2014

ස්මාර්ට් ෆොර්න් එකට ආරක්ෂකයෙක්. - Protect Your Smart Phone.

පොස්ට් එකක් දාපු සැණින් අතුරුදහන් වීමේ රෝගයක් පවතින නිසා ම්ත්‍ර බ්ලොග්කරුවන් මට කමත්වා......... 
එහෙම බැරිනම් සමාව බාජනෙකට, බේසමකට, බාල්දියකට, බැරල් එකකට, බැරිම නං වතුර ටැංකියකට එහෙමත් බැරි නම් අහල පහල ළිදකට වත් දාහල්ලා. 
මේ සුදානම තවත් බෙගල් පොස්ට් එකක් ලියන්න තමා. 
(ඔව් ඔව් ලියලා, කොමෙන්ට් වලට වත් රිප්ලයි කොමෙන්ට් නොදා මාරුවෙනවා.) 
සෑහෙන වැඩ අදීකව තමා මේ දවස් ගෙවුනේ. (ඉතිං, අපිට මොකෝ) හරි හරි... බොරු බයිලා නැතුව ආපු දේ කියලා අන්තරස්දහන් වෙන්නම්කො.

ලංකාවේ දැන් ගොඩක් අඩුවට ඇන්ඩ්රොයිඩ් ස්මාර්ට් ෆොර්න් ගන්න තියෙනවා. හැමෝම ලග වගේ දැන් ස්මාර්ට් ෆොර්න් තමයි තියෙන්නේ. ඕක ගත්තා වගේ නෙමෙයි නැති උනොත්....??? මල මගුලයි නේ..?? 

අද කියන්න යන්නේ
ස්මාර්ට් ෆොර්න් එකට දාගන්න සිකියුරිට් ඇප් එකක් ගැන.        

ගූගල් Play එකට ගිහිං සිකියුරිට් ඇප් හෙව්වාම ඉතිං පදුරකට පයින් ගැහුවම 100ක් විතර විසිවෙනවා වගේ ලොකු ලිස්ට් එකක් එනවා, මේ දවස්වල හොද ඇප් එකක් හොයාගන්න බැරුව මම හිටියේ. හොයලා හොයලා අන්තිමේදී සමාන්‍ය තරමක් දුරට හොද ඇප් එකක් හම්බුනා. මේ ඇප් එක හදලා තියෙන්නේ ගොඩක් විශ්වාසදායි ප්‍රති වයිරස් මෘදුකාංග නිපදවන හා නොමිලේ ලබාදෙන සමාගමක් වන Avast සමාගමෙන්. 


https://play.google.com/store/apps/details?id=com.avast.android.at_play&hl=en

මේ ඇප් එක දාගත්තා කියලා ෆොර්න් එක පරිස්සමක් නැතුව තැන තැන අමතක කරලා යන්න එපා, මොකද කියනවානම් සාමාන්‍යයෙන් ස්මාර්ට් ෆොර්න් වලට ආවේනික උන හාර්ඩ් රීසෙට් කියලා ඔප්ෂන් එකක් එනවා. ටිකක් වැඩ දන්න කෙනෙක්ට ෆොර්න් එක හම්බුනොත්, එයා ඒක හාර්ඩ් රීසෙට් කලොත්, ස්මාර්ට් ෆොර්න් එක අපි අලුතෙන්ම ගන්නකොට තිබුන සෙටින්ග්ස් වලට (Factory Defaults) මාරු වෙනවා. ඔය දාපු ඇප් එකෙන් එතකොට ඇති වැඩක් නෑ. ඒ නිසා මේ ඇප් එක දාගත්තට කමක් නෑ, වෙනදා වගේම ෆොර්න් එක පරිස්සම් කරන්න.  

වැදගත්ම දේ තමයි, මේ ඇප් එක දාගන්නවානම් අනිවාර්යෙන්ම Avast නිල වෙබ් අඩවියට මෙතනින් ගිහිං, නොමිලේ ලබා දෙන ගිණුමක් හදාගන්න. එතකොට දුරකථනය අස්ථානගත උනොත්, හොයාගන්න එක ඉක්මනට කරන්න පුළුවන්.

Avast ගිණුමට ලොගින් උනහම මේ විදියට ඩෑෂ්බෝර්ඩ් එකේ විස්තර පෙන්නයි.


මෙතනින් පුළුවන්,

ෆොර්න් එක තියෙන තැන බලන්න,
නැතිවුණා කියලා ලොක් කරන්න,
ෆොර්න් එක
එන Call, SMS, වෙනත් අංකයකට Forward කරන්න,
සයිරන් ටෝන් එක ඔන් කරන්න,
ෆොර්න් එක ලොක් කරන්න,
Send Command - මෙතනින් පුළුවන් ෆොර්න් එකට විධාන නිකුත් කරන්න.

Contact Device - මෙතනින් පුළුවන් දැනට ෆොර්න් එක යම්කිසිකෙනෙක් ගාව තියෙනවනම්, සිම්පත මාරුකරලා උනත්, කතාකරන්න, කෙටි පණිවිඩ යවන්න පුළුවන්. 
(මේ වෙනුවෙන් ෆොර්න් එකේ ඩේටා කනෙක්ෂන් එක ඇක්ටිව් තියෙන්න ඕනේ)
මෙතන සමහර ඔප්ෂන් අක්‍රීය වෙලා පෙන්නනවා,  මේක නොමිලේ දෙන සංස්කරණයක් නිසා සමහර ඔප්ෂන්ස් සක්‍රීය කරන්න මේ ඇප් එක මිලදී ගන්න ඕනේ.

දැන් පොඩ්ඩක් බලමු ඇප් එකේ සෙටින්ග්ස් මොනවගේද කියලා.





ඔය පින්තූරේ තියෙන විදියට මෙනු එක එයි.
එතනදී.......

Owner - ඔයාගේ නම දාන්න, (ඔය ඉතිං සුරතල් නාමය නෙමෙයි හලෝ, උප්පැන්නේ තියෙන එක.)

**** avast PIN - ඔතනට දාන්න ඕනේ පාස්වර්ඩ් එකක්, ඒක අංකයක්ම විය යුතුයි. ඒ අංකයෙන් තමයි මේ ඇප් එක "Open" කරන්නේ.

Friends - මෙතනට ඔයාගේ යාළුවන් දෙන්නෙක්ගේ දුරකථන අංක ලබාදෙන්න පුළුවන්.

Avast Account - Avast වෙබ් අඩවියේ ගිණුමක් හදලා, ඒ තොරතුරු ඇතුලත් කිරීම මෙතනින් කරන්න පුළුවන්.


Advanced Settings - මෙතන සෙටින්ග්ස් ගොඩක් තියෙනවා. පහල පින්තුරේ බලලම පැහැදිලි කරගමු.  



Protection Behavior -  මෙතැනදී කරන්නේ දුරකථනය නැතිවෙලා වෙන කෙනෙක් වෙනත් සිම් කාර්ඩ් එකක් මේ දුරකථනයට දැම්මොත් මොන විදියට දුරකථනය හැසිරෙන්න ඕනෙද කියන සෙටින්ග්ස් හදන එක.
 මෙතැනදී ඔයාට පුළුවන් ෆොර්න් එකෙන් ඩේටා කේබල් එක හරහා දත්ත වෙනත් තැනකට ගන්න එක නවත්තන්න හා ඩේටා කනෙක්ෂන් එක හැම වෙලේම ක්‍රියාත්මක කරලා තියන්න.

(හැබැයි මේකට ෆොර්න් එක Root කරලා තියෙන්න ඕනේ, Root කියන්නේ සරලව ෆොර්න් එකේ ඇඩ්මින් ඔප්ෂන්ස් සක්‍රීය කරලා තියෙන්න ඕනේ. මේ ගැන වැඩිදුරටත් පස්සේ කතාකරමු.)   

Lock Text, GPS, Wipe - මෙතනින් ඔයාට පුළුවන් දුරකථනය ලොක් උනහම ස්ක්‍රීන් එකේ පෙන්නන්න ඕනේ නමක් හෝ සම්බන්ධ කරගන්න පුළුවන් වෙනත් දුරකථන අංකයක් ඇතුලත් කරන්න.

Through Wipe - මේ සෙට්ටින්ග් එක ඕන් එකේ තියෙද්දී, ඔයා ෆොර්න් එක සම්පුර්ණයෙන් මකාදැමුවොත් (Wipe) කලොත් එක වෙන අතරතුර මෙමරි කාර්ඩ් එක අනවශ්‍ය ගොනු වලින් පුරවනවා. මේක කරන්නේ මෙමරි කාර්ඩ් එකේ තිබුන ගොනු නැවතත් ලබාගැනීමේ (Recover) කිරීමේ හැකියාව අවම කරන්න.

Geo fencing - මේ ඔප්ෂන් එකෙන් කරන්නේ ඔයා යම්කිසි තැනක සෑහෙන වෙලාවක් ඉන්නවානම්, (කාර්යාලය හෝ රෙස්ටුරන්ට් එකක වගේ)
එම ස්ථානයේ ඉදන් (මීටර 100 ඉදං කිලෝමීටර් 50ක් වෙනකං පරාසයක් ඇතුලත) දුරකතනය අදාල පරාසය ඉක්මවා ගිය ගමන් Friends කියන තැන අපි දාපු දුරකථන අංකවලට පණිවිඩයක් යනවා. ලංකාවේ දැනට පවතින GPS තාක්ෂණයත් එක්ක මේක කොච්චර දුරට සාර්ථකද කියන එක ගැටළුවක්.


Password Check - ඔයාගේ දුරකතනයට දැනටමත් ස්ක්‍රීන් ලොක් එකක් දාලා නම් තියෙන්නේ, ඒ ලොක් එක වැරදියට තුන් පාරක් එන්ටර් කලොත් ෆොර්න් එක ඉබේම ලොක් වෙන්න, අදාල අංක වලට පණිවිඩයක් යන්න, ෆොර්න් එකේ ඉදිරිපස කැමරාවෙන් ෆොටෝ එකක් ගන්න වගේ සෙටින්ග්ස් ටික මෙතනින් හදන්න පුළුවන්. 

Siren Sound - මෙතනින් පුළුවන් සයිරන් එක විදියට නාද වෙන සද්දේ වෙනස් කරන්න, ඔයාටම රෙකොර්ඩ් කරන්න. 


Hard Reset Protection - මේ ඔප්ෂන් එක සෑහෙන වැදගත් ඔප්ෂන් එකක්. මම කලින් කිව්ව ස්මාර්ට් ෆොර්න් වල තියෙන Hard Reset ඔප්ෂන් එක අක්‍රීය කරන්න පුළුවන්. 
(මේකටත් Root ඔප්ෂන් තියෙන්න ඕනේ)
Avast anti theft removal wizard - මේ ඇප් එක (මල වාතයක් උනොත්) මෙතනින් තමයි ෆොර්න් එකෙන් අයින් කරලා දාන්නේ.  

මෙතැනදී මම විස්තර කලේ අත්‍යවශ්‍ය කියලා හිතෙන ඔප්ෂන් ගැන විතරයි.  එත් එක්කම මේකේ SMS Commands මහා ගොඩක් තියෙනවා. එක ඊලග පොස්ට් එකට ඉතුරුකරගත්තා. 
(හරි හරි ඉක්මනට දානවා... ඉක්මනට දානවා..) මීට අමතර යමක් දැනගන්න ඕනේ නම් ඉතිං කොමෙන්ටුවක් හරි මේල් එකක් හරි දාන්නකෝ. එහෙනං ජය වේවා...!!!


 

Related Posts Plugin for WordPress, Blogger...