Wednesday, December 4, 2013

FaceBook එකෙන් Password 3,18,121 ක් සොරාගනී... Google අඩවියත් ඇතුලත්...

www.pcworld.com සහ වෙනත් වෙබ් අඩවි කීපයක් මගින් අද නිකුත් කරන ලද නිවේදනයක සදහන් උනේ Facebook, Google, Twitter, Yahoo, වැනි ඉතා වැඩි පිරිසක් භාවිතා කරන වෙබ් අඩවි කීපයකින් "PONY" නමැති හැකර් ජාලය මගින් Password සොරාගෙන ඇති බවය.

දැනට ආරංචි විදියට රටවල් 102 ක් මේ Password සොරකමට නතුවෙලා තියෙනවා.

තවත් දත්ත වගයකුත් සොරාගෙනලු, උබලට ඒවා වැඩක් නෑනේ..?
 




උබලත් ඔවා වල ඉන්නවා නම් Password මාරුකර ගනිල්ලා.

සම්පූර්ණ විස්තරය සහ උස්සපු තැන........

වැඩි විස්තර මෙතනත් තියෙනවා.....

Monday, December 2, 2013

H2testw USB Testing Tool


අපි හැමෝම USB Pen Drives, Memory Cards, External Hard Disk, වගේ දත්ත ගබඩා කරන උපාංග මිලදී ගන්නවා,බාවිතා කරනවා. මේ උපාංග වල ධාරිතාවය (Capacity) සදහන් ප්‍රමාණයම තියෙනවද කියල පරික්ෂා කරගන්න පොඩි ටූල් එකක් තියෙනවා.     




ඒ තමයි  H2testw USB Testing Tool එක. 
www.ctmagazin.de අඩවියෙන් නොමිලේ ලබාගන්න පුළුවන්.

හරි හරි දගලන්නේ නැතුව ඉදහල්ලකෝ,
ඕකෙන් ටෙස්ට් කරන්න ඕනේ ඇයි කියල තමයි කියන්න යන්නේ.

අපි USB Drives මිලදී ගන්නකොට ඊට අදාල ධාරිතාවයක් තියෙනවා, අර අපි කියන්නේ 1GB, 2GB, 8GB, 16GB, කියලා. USB Drive එක පරිගණකයට සම්බන්ධ කරහම අදාල ධාරිතාවය පෙන්නුවත්, අපි USB Drive එකට සම්පූර්ණයෙන්ම දත්ත ගබඩා කරලා වෙනත් තැනක නැවත ලබාගන්න උත්සහ කරද්දී ඒ ගොනු Corrupt (භාවිතා කල නොහැකි) තත්වයට පත්වෙලා තියෙනවා.

එහෙම වෙන්න හේතුව තමයි, ඒ අදාල USB Drive වල සටහන් කරලා තියෙන ධාරිතාවය නොමැති වීම. පරිගණකයට සම්බන්ධ කරහම අදාල ධාරිතාවය පෙන්නුවත් ඒ ධාරිතාවය නොමැති USB Drive අද වෙළද පොලේ ඕන තරම් තියෙනවා. එහෙම එකකට අහු උනාද කියලා මේ ටූල් එකෙන් බල ගන්න පුළුවන්.


මේක කරන්න කලින් USB Drive එකේ තියෙන වටිනා කියන දේවල් Backup කරගෙන ඉන්න.

මේ ටූල් එක ක්‍රියාත්මක වෙන්නේ යම්කිසි දත්ත ප්‍රමාණයක් අදාල USB Drive එකට ගබඩා (Write) කරන ගමන් (Verify) දත්තවල නිවැරදි ගබඩා වීම පරික්ෂා කරනවා. එහෙම කරද්දී නිවැරදිව ගබඩා කරන්න පුළුවන් දත්ත ප්‍රමාණය මේකෙන් හදුනා ගන්නවා.

කරන්න තියෙන්නේ USB Drive එක පරිගණකයට සම්බන්ධ කරලා, Select Target Button එකෙන් USB Drive එක තෝරාගන්න


ඊට පස්සේ Write + Verify Button එක Click කරන්න.



Thursday, November 28, 2013

Rufus USB Tool

Windows  XP / 7 / 8 USB එකකින් Install කරන්නේ කොහොමද? 

ඔය වැඩේ ගොඩක් ලේසියෙන් කරන්න පුළුවන් පොඩි මෘදුකාංගයක් තියෙනවා. 

" Rufus "





මුලින්ම ඔය Windows Install කරන්න බාවිතා කරන්න යන USB  එකේ කිසිම "වැදගත් ලිපිගොනු" මොනවත් නැති වගට වග බලාගන්න, මොකද මේකට පාවිච්චි කරන USB Drive එක "Format" කරන්න වෙන නිසා.
(ඔන්න මම කියලා පටන් ගත්තේ)



ඉතුරු දේවල් කිසි දේකට අත තියන්නේ නෑ මම කියන්නේ නැතුව.
 
මුලින්ම USB Drive එක පරිගණකයට සම්බන්ධ කරගන්න.
Rufus  මෘදුකාංගයේ "Device" මෙනු එකෙන් අදාල USB එක තෝරාගන්න.

  
Partition scheme and target system type මෙනු එකේ තියෙන දේවල් වෙනස් කරන්න යන්න එපා.

File System මෙනු එකෙන් Format කරන්න ඕන ක්‍රමය තෝරාගන්න පුළුවන්. (FAT32 තියන්න)


Cluster size එකත් වෙනස් කරන්න එපා.

New volume label එකට ඕන නමක් දාගනින්ලා, මට කමක් නෑ. 

ඉතුරු හරි ලකුණු ටික (Tick) ඔය විදියටම තියන්න.




FreeDOS මෙනු එක ඉස්සරහින් තියෙන Icon එක Click කලහම CD හෝ DVD drive එක තෝරලා දෙන්න පුළුවන්. නැත්තන් ISO Image එකක් උනත් දෙන්න පුළුවන්.
 
ISO Image එකක් හදන හැටි දැනගන්න මෙතනින් යන්න.





ඊට පස්සේ START Button එක Click කරලා පාඩුවේ වෙන වැඩක් කරගන්න. USB Drive එකට කරන්න ඕන දේවල් ටික කරලා ඉවර උනහම Massage එකකින් ඔයාට දැනුම් දෙයි.

Rufus හි නිල වෙබ් අඩවියට සහ බාගත කිරීමට මෙතැනින් පිවිසෙන්න.

Monday, October 28, 2013

Tera Copy

අපි පරිගණකය භාවිතා කරනකොට දත්ත (Data) කොපමන ප්‍රමාණයක් එහෙට මෙහෙට Copy, Paste කරනවද..?

අද හදුන්වල දෙන්න යන්නේ එකට ගොඩක් උදවු වෙන පොඩි මෘදුකාංගයක් ගැන. 


ඒක තමයි,
TeraCopy.

මේකෙන් සාමාන්‍ය වේගයට වඩා වැඩි වේගයකින් Copy Paste කරන්න පුළුවන්.

ඒ එක්කම මේකෙන් Copy කරලා ඉවර උනහම කොච්චර දත්ත ප්‍රමාණයක් Copy උනාද, Copy නොවුනේ මොනවද, කියල පෙන්නනවා.


මොනවහරි මග අරුනානම් එකත් මේකෙන් බලාගන්න පුළුවන්. ඒ අතරම මොනවහරි Copy නොවෙනවානම් ඒ අදාල File එක විතරක් මග ඇරලා (Skip) කරලා යන්න පුළුවන්.





අපි සාමාන්යෙන් File එකක් Copy  කරන අතරවාරයේම තවත් File එකක් එතනටම Copy කලොත්, Copy  කරපු File දෙකම Copy වෙන වේගය ගොඩක් අඩුවෙනවා. එහෙම වෙන්න හේතුව Copy වෙන්න තියෙන Bandwidth එක බෙදෙන නිසා.   

TeraCopy භාවිතා කරනවානම් එහෙම වෙන්නේ නැ. TeraCopy භාවිතයෙන් File එකක් Copy  කරන අතරවාරයේම තවත් File එකක් එතනටම Copy කලොත්, Copy  කරපු File එක කලින් තිබුණු Copy Progress එකටම එකතුවෙනවා.  

මෙහි නොමිලේ දෙන සංස්කරණයේ නම් තවත් Window එකකින් ඒ File එක පෙන්නනවා. ඒ උනාට Copy  වෙන්න පටන්ගන්නේ පලවෙනි එක ඉවර උනාම විතරයි.




මේ මෘදුකාංගය ගොඩක් සාර්ථක මෘදුකාංගයක්. පාවිච්චි කරලා බලන්න.

Saturday, October 26, 2013

Revo Uninstaller

අද මම කියන්න යන්නේ ගොඩක් දෙනෙක්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතන පොඩි ටූල් එකක් ගැන.

Revo Uninstaller කියන මේ ටූල් එකෙන් ඕනෑම මෘදුකාංගයක් සම්පූර්ණයෙන්ම තමන්ගේ පරිගණකයෙන් ඉවත් කරගන්න පුළුවන්. 


සම්පූර්ණයෙන්ම කිව්වහම registry settings, leftover files,(මෘදුකාංගයක් ඉතිරි කරලා යන ගොනු.) ඒ වගේම මේකෙන් අපේ පරිගණකයේ අපි නොදැනුවත්වම තැන්පත් වෙලා තියෙන තාවකාලික ලිපිගොනු ( Temporary Files ) වගේ දේවල් සියල්ලම හරිම ලේසියෙන් ඉවත් කරන්න පුළුවන්. 


ගොඩක් වෙලාවට මම දැක්ක ගොඩක්ම වටිනා විශේෂාංගයක් තමයි Hunter Mode කියන එක. එක ගැන පැහැදිලි කරන්න කලින් Revo Uninstaller මොන වගේද කියල බලමු.


Forced Uninstall Forced Uninstall

මේ Icon එකෙන් කරන්නේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් බලෙන් පරිගණකයෙන් ඉවත් කරලා දාන එක.

Junk Files Cleaner Junk Files Cleaner

මේ Icon එකෙන් කරන්නේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකකින් හදන තාවකාලික ලිපිගොනු හොයාගෙන මකල දාන එක. 


AutoRun Manager Autorun Manager

මේ Icon එකෙන් කරන්නේ පරිගණකය Start වෙනකොට එකත් එක්ක ආරම්භ වෙන වැඩසටහන් (Applications) අවශ්‍ය විදියට සකස් කර ගන්න එක.  

Browsers Cleaner Browsers Cleaner

මේ Icon එකෙන් කරන්නේ පරිගණකයේ ස්ථාපනය කරලා තියෙන Web Browsers වල එකතු වෙන තාවකාලික ලිපිගොනු මකල දාන එක.

Unrecoverable Delete Unrecoverable Delete 

මේ Icon එකෙන් කරන්නේ පරිගණකයේ ස්ථාපනය කරලා තියෙන Applications වල හෝ තමන්ගේ පුද්ගලික තොරතුරු වගේ දේවල්, කෙනෙක්ට ආපහු ලබාගන්න බැරි විදියට මකල ඉවත් කරන්න ඕනේ නම් මේ Option එක යොදා ගෙන එක කරන්න පුළුවන්. 

icon Hunter Mode  

මේ Icon එකෙන් කරන්නේ පරිගණකයේ ස්ථාපනය කරලා තියෙන Application පරිගණකයෙන් ඉවත් කරගන්න බැරි උනහම Application  එක Corrupt උනහම, ඒ මෘදුකාංගයට අදාල Uninstaller එක වැඩ කරන්නේ නැති උනහම මේ Icon එක Drag කරලා Application එක උඩට දැම්මම මේක Force Uninstall Mode එකට දාගන්න පුළුවන්.
 

(සමහර Application Corrupt උනහම Revo Uninstaller එකේ පෙන්නන්නේ නැතිව යනවා, Hunter Mode එක ගොඩක් ප්‍රයෝජනවත් ඒ නිසයි.)  


මම මෙතන පැහැදිලි කලේ Revo Uninstaller  එකේ තියෙන පහසුකම් කීපයක් විතරයි.

හොයාගන්න පුළුවන් උන පින්තූර ටිකක් පැහැදිලි මදි, ඒ ගැන තරහ අවසර.
 


 මේක ගොඩක් දුරට ක්‍රියාත්මක වෙන්නේ අපේ පරිගණකයේ තියෙන Uninstaller නැතිනම් Add Or Remove Programs
එක වගේ.

මේකෙන් අපි Program  එකක් ඉවත් කරගන්නකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේකෙන් ඒ Program  එකට අදාල සියලුම Registry Settings ඉවත් කරන නිසා පරිගණකයට හානි සිදුවෙන්න පුළුවන්.

කරන මගුලක් කරන්න කලින් Backup අරගෙන ඉන්න. ඔන්න මම නොකිව්වා කියන්න එපා.


Program එකක් Uninstall කරන්නේ මෙහෙමයි....!



 
මුලින්ම Revo Uninstaller එක Run කලහම ලැබෙන්නේ මුලින් ඔයාලට පෙන්නපු විදිහේ මුහුණතක්. මෙතන තියෙනවා ඔයාගේ පරිගණකයේ දැනට ස්ථාපනය කරලා තියෙන හැම මෘදුකාංගයක්ම. ඔයාට Uninstall කරන්න ඕන එක Select කරලා උඩින් තියෙන Uninstall කියන Button එක Click කරන්න. එතකොට මේ විදිහේ මුහුණතක් පෙනෙයි.




මෙතනදී අපි Advance කියන Selection එක තෝරා ගන්න ඕනේ. 

ඉස්සෙල්ලාම Revo Uninstaller එකෙන් අපි ඉවත් කරන්න සුදානම් වෙන මෘදුකාංගයේ අන්තර්ගතවෙලා තියෙන Uninstaller එක Run කරනවා. 

මේ Uninstaller එක හරියට වැඩ කලොත් සාමාන්‍ය විදියට මෘදුකාංගය පරිගණකයෙන් ඉවත් වෙයි. (නැති උනත් ගැටළුවක් නෑ.)

 ඊට පස්සේ Revo Uninstaller එකෙන් ඉස්සෙල්ලම registry keys ටික පෙන්නනවා.



 ඊට පස්සේ leftover files,(මෘදුකාංගයක් ඉතිරි කරලා යන ගොනු.) පෙන්නනවා. 


මේවා අතරින් ඉවත්කරන මෘදුකාංගයට අදාල දේවල් විතරක් තෝරගන්න එක ඔයාලට බාරයි. පස්සේ මාව එහෙම කන්න හදනවා එහෙම නෙමෙයි.
Revo Uninstaller එකේ නිල වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.  

 
Related Posts Plugin for WordPress, Blogger...