Tuesday, May 5, 2015

ෆයර් ෆොක්ස් වලින් බුක්මාර්ක් සින්ක් කරන්න. - Sync Bookmarks Using Firefox


http://www.google.lk/imgres?imgurl=http://wallpaperstock.net/black-mozilla-firefox-wallpapers_541_1024x768.jpg&imgrefurl=http://wallpaperstock.net/mozilla-firefox-fire-wallpapers_w540.html&h=768&w=1024&tbnid=jXcdqHwVScikAM:&zoom=1&docid=yyRmq-CblPzY6M&ei=tOFAVbvDBsaOuAS20IHYDw&tbm=isch&ved=0CEQQMygiMCI

මොසිල්ලා සමාගම පහුගිය කාලය පුරාවටම ෆයර් ෆොක්ස් වෙබ් බ්රෝව්සර යවත්කාලින කරමින් අලුත් සංස්කරණ නිකුත් කරා. 
අලුත් සංස්කරණ එක්ක අලුත් ලක්ෂණ (features) හදුන්වාදෙන එක සාමාන්‍ය දෙයක්. අද හදුන්වලා දෙන්න යන්නේ, ඒ වගේ ෆයර් ෆොක්ස් අලුත් සංස්කරණයක් එක්ක එකතු උන අලුත් වැඩ කෑල්ලක් ගැන. මේක හදුන්වලා දීලා ටික කාලයක් වෙනවා. මම පාවිච්චි කරලා බැලුවම සාර්ථක ප්‍රතිපල තියෙන නිසා මේ දේ ඔයාලා එක්ක බෙදාගන්න හිතුවා. ගොඩක් අය දැනටමත් දන්නවා ඇති, නොදන්න අය කරලා බලන්න.

ගොඩක් අය නිවසේ තියෙන පරිඝනකයට අමතරව කාර්යාලයේ පරිඝණකයත් පාවිච්චි කරනවා. මේ විදියට පරිඝනක දෙකක් පාවිච්චි කරන කොට ඔයාලා නිතර පාවිච්චි කරන වෙබ් අඩවි බූක්මාර්ක් කරගෙන ඇති. එත් ඒ බුක්මාර්ක් එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ අදාල බුක්මාර්ක් එක සේව් කරගත්ත පරිඝනකයේ විතරයි. 

එක පරිඝනකයකින් සේව් කරන බුක්මාර්ක් එක සින්ක් වෙලා අනික් පරිඝනකයටත් යනවනං කොහොමද....?

දැන් ඒක ෆයර් ෆොක්ස් වලින් කරන්න පුළුවන්. 

බුක්මාර්ක් විතරක් නෙමෙයි,

Tabs,
Bookmarks, 
Passwords,
History,
Add-ons,
Preferences, 

මේ හැමදේම උපාංග දෙකක් හෝ ඊට වැඩි ගණනක් එක්ක සින්ක් කරන්න පුළුවන්.

මේක කරන්න පොඩි සෙටින්ග්ස් වගයක් හදන්න තියෙනවා. ඊටත් කලින් දැනට තියෙන බුක්මාර්ක් ටික පරිඝනකයට සේව් කරගන්න ඕනේ. ඒක කරගන්නේ මෙහෙමයි. ෆයර් ෆොක්ස් ඕපන් කරලා Ctrl+Shift+B කියන කීස් තුනම එකපාරට ඔබන්න. එතකොට පහලින් පේනවා වගේ මෙනු එකක් එයි.  

 
ඒ මෙනු එකෙන් Import and Backup තෝරගෙන Backup කියන තැනින් ඔක්කොම බුක්මාර්ක් ටික පරිඝනකයට සේව් කරගන්න. 

අනිවාර්යෙන්ම බුක්මාර්ක් ටික සේව් කරගෙන සින්ක් සෙට්ටින්ග්ස් හදන්න. එහෙම නොකලොත්, සමහරවෙලාවට බුක්මාර්ක් ඔක්කොම ටික මැකිලා යන්න පුළුවන්.

හරි දැන් සින්ක් සෙට්ටින්ග්ස් හදන්නේ මෙහෙමයි. 

ඉස්සෙල්ලම ඔය පෙන්නලා තියෙන විදියට Options වලට යන්න.



ඊට පස්සේ ඔතනින් Sync කියන එක තෝරලා Create Account තෝරන්න. එතකොට පහල පින්තූරේ වගේ එකක් එයි.



මෙතනින් අපිට අලුත් ගිණුමක් හදන්න ඕනේ. අවශ්‍ය විස්තර ටික දීලා ගිණුමක් හදන්න.

ඊට පස්සේ ආපහු සෙට්ටින්ග්ස් වලින් සින්ක් සෙට්ටින්ග්ස් වලට ගිහිං, Sign In තෝරාගන්න. ඊට පස්සේ එන වෙබ් පිටුවෙන් අපි අලුතෙන් හදාගත්ත ගිණුමේ අදාල විස්තර ටික දාලා Login වෙන්න. එතකොට සින්ක් සෙට්ටින්ග්ස් වලට ගියහම පහල තියෙන පින්තූරේ වගේ පෙනෙයි.


මේතනින් සින්ක් වෙන්න අවශ්‍ය දේවල් ඉස්සරහින් "හරි" ලකුණ තෝරන්න. 
(Passwords සින්ක් කරන එක නම් මම අනුමත කරන්නේ නෑ.)
Device Name කියන තැනට ඔයාට කැමති නමක් දෙන්න. 



ඊට පස්සේ උඩ පින්තූරේ තියෙන විදියට Sync කියන අයිකන් එක තෝරන්න. එතකොට ඒ අයිකන් එක නිල් පාට වෙලා කැරකෙන්න පටන් ගන්නවා, එහෙම වෙනවා කියන්නේ Sync හරියට වැඩ කරනවා. මේ විදියට කීප සැරයක් Sync කරන්න. Sync කරන අතරවාරයේ ඔයාගේ බුක්මාර්ක් ටික මැකිලා ගියොත්, අපි බැකප් කරපු බුක්මාර්ක් ෆයිල් එකෙන් බුක්මාර්ක් ටික ආපහු ඉම්පෝර්ට් කරන්න පුළුවන්.

ඒක කරන්නේ මෙහෙමයි.  

පහල පින්තූරේ වගේ, ඉස්සෙල්ලම Ctrl+Alt+B ඔබලා බුක්මාර්ක් මෙනු එක ගන්න, එතනින් Import and Backup \ Restore \ Choose File තෝරගන්න. එතනින් එන බ්රෝව්ස් වින්ඩෝ එකෙන් අපි කලින් බැකප් කරපු ෆයිල් එක හොයලා දෙන්න. ඊට පස්සේ එතනින් එන මෙනු එක OK කරන්න.  



දැන් සින්ක් සෙට්ටින්ග් හදලා ඉවරයි.
දැන් බුක්මාර්ක් ටික සින්ක් වෙන්න ඕනේ අනික් පරිඝනක්යෙත් සෙට්ටින්ග්ස් වලට ගිහිං, 
Sync සෙට්ටින්ග්ස් වලට ගිහිං, 
Sign In තෝරාගන්න. 
ඊට පස්සේ එන ලොගින් වින්ඩො එකට කලින් හදාගත්ත ෆයර් ෆොක්ස් ගිණුමේ අදාල තොරතුරු ඇතුලත් කරන්න. 
ඊට පස්සේ මෙනු එකේ තියෙන Sync බොත්තම කීප සැරයක් ඔබන්න. පලවෙනි පාරට සින්ක් වැඩකරන්න කොහොමත් පොඩ්ඩක් වෙලා යනවා. මට නම් පැයක් විතර ගියා. හැබැයි පලවෙනි පාරට විතරයි. කොහොම නමුත් සින්ක් වෙන්න පටන්ගත්තාම ෆයර් ෆොක්ස් හරහා සින්ක් වෙන්න තෝරගත්ත ඔක්කොම දේවල් සින්ක් වෙයි.

ඔයාට මේ සින්ක් සෙට්ටින්ග් අයින් කරන්න හරි ගිණුම වෙනස් කරන්න හරි ඕනේ නම්, සෙට්ටින්ග වලට ගිහිං, සින්ක් සෙට්ටින්ග්ස් වල Firefox Account කියන තැන ඔයා දාපු ඊමේල් ඇඩ්රස් එක ඉස්සරහින් තියෙන Disconnect කියන බටන් එක ඔබලා, බුක්මාර්ක් ඔක්කොම මකලා දාන්න.


9 comments:

  1. සෑහෙන්න වටින පහසුකමක් නිමෝ!! 
    ඒ වුණාට, දුකයි ඉතිං මට මේකෙන් වැඩක් ගන්න බැරි වෙන එක!! ගිනි නරියා මගෙ ලැපේ පොඩ්ඩක් ලෙඩ දෙනවා!! ඒ නිසා ක්‍රෝම් බ්‍රව්සරේ සින්ක් කරලා තියෙන්නෙ මං නං. කරදරයක් නෑ මෙච්චර කාලෙකට. ඒත් ගිනි නරියා වුණත් සින්ක් කරලා තියාගන්න එක වටිනවා. වැඩි වෙන්නෙ නෑ; නේ බැකප් ඔප්ෂන්ස් තියෙන තරමට වාසි!!

    ReplyDelete
    Replies
    1. ක්‍රෝම් සින්ක් නම් මම පාවිච්චි කරලා නෑ, ගිනි නරියා දානකොට ලෙඩ දෙනවානම්, පුතේ ඉක්මනට මෙමරි මොඩියුල් ටික චෙක් කරගනිං. මෙමරි වල සොහොන් ලකුණු තමා ඔහොම පෙන්නන්නේ.

      Delete
    2. ක්‍රෝම් සින්ක් කලාම, ටෝච්, ඩ්‍රැගන් වගේ බ්‍රව්සර් වලටත් (ක්‍රෝම් එන්ජින් එක දාපු ඕනෙම බ්‍රව්සරයක්) සෙට් වෙනවා!! අනික, තියෙන හැම ඩිවයිස් එකෙන් ම, බ්‍රව්සර් අන්-ඉන්ස්ටෝල් කලත්, පස්සෙ කාලෙක, අායෙම දාන ක්‍රෝම් බ්‍රව්සර් එකකින් අර මේල් එකට සින්ක් කලාම අර පරණ බුක්මාක්, හිස්ටරි එහෙම (සින්ක් කරපු හැම දේම) එනවා!! හැබැයි මං හිතන්නෙ, මින් ඉදිරියට නං, නරියා වුණත් ඒ පහසුකම දෙයි!!

      නරියා දානකොට නං කිසිම ලෙඩක් දුන්නේ නෑ, ඒ වුණාට, දාගෙන ඉවර වෙලා, දුවන්න හදනකොට, යන්තම් මූණ පෙන්නලා, මොකක්දෝ කියාගෙන හැංගෙනවා!!

      තිබුණ එව්වා මකලා අලුත් ම නරියා දාගත්තා. උෟ නං දැනට යහතිං දුවනවා!!

      Delete
  2. මට ගිනි නරිය උන්නහේ දිරවන්නෙම නෑ...
    ක්‍රෝම් වල ඔය තරං නටන්ට දෙයක් නෑ නෙ කොහෙ ගියත් බුක්මාක්ද අරකද මේකද ඔක්කම සින්ක් වෙලා ඇති ගූගල් ලොග් වෙන්න විතරයි තියෙන්නෙ හිහි
    අවුල කියන්නෙ ක්‍රෝම් උන්නහෙ රැම් එක කනව හූ කියාගෙන ඔව් ඉදගෙන

    ReplyDelete
    Replies
    1. මදි නොකියන්න මෙමරි (RAM කිව්වෙ ඒකම වෙන්ටැ) තියෙනවා නං, ක්‍රෝම් එන්ජිමෙං හදාපු ඕනෙ ඉලව්වක් හොඳටම හොඳයි!!
      අලුත් නරියා දාගෙනත්, තවම මාත් ඉන්නෙ පන්දමේ (Torch) පිහිටෙං!!

      Delete
  3. උඹේ බොගේ මගේ අනිකෙ තිවුනු හින්දා මග ඇරිලා මචෝ. අනේ සමාවෙයං. ඔන්න එල්ලුවා. මටත් ගිනි නරියා හෙන කේස්. ඒක අළුත් කොම්පීතරේක උනත් හෙන සොලෝ.

    ReplyDelete
  4. නිමෝ.................. මේකේ මොනවා හරි ලිව්වානම් මොකද වෙන්නේ... අපිටත් පාලුයි සෙට් ඒකේ කට්ටිය දැන් ලියන්නැති හින්දා//////

    ReplyDelete
  5. යකෝ අදනේ මෙහෙම අඩවියක් තියනවා කියලා දන්නේ. ඔන්න මම මගේ බ්ලොග් රෝලට දාගත්තා.

    ක්‍රෝම් එකේ වැඩ කරන නිසා ගිනි නරියා එක්ක ගනුදෙනු අඩුයි.

    ReplyDelete
  6. නිමෝ........... උදව්වක් ඔ්නේ.... අපේ බ්ලොගයට අදාල නැති කමෙන්ටු ගලාගෙන ඒනවා.... මොනවද මන්දා.... කිසි සම්බන්ධයක් නැහැ.... ටිකක් අැවිත් බලනවද????

    ReplyDelete

හිතුන දෙයක් තියෙනවනම් නොකියා මාරුවෙන්න එපා හොදේ........!
ගල් මුල්, යෝජනා, චෝදනා, ඕනදෙයක්.....!

Related Posts Plugin for WordPress, Blogger...