Friday, November 21, 2014

ඇවාස්ට් කෙටි පණිවිඩ ආරක්ෂක කේත - Avast Anti Theft SMS Commands.

ඇවාස්ට් ඇන්ටි තෙෆ්ට් ගැන පොස්ට් එකක් දැම්මට මොකෝ Code ටික පස්සේ දෙන පොරොන්දුවත් එක්ක තමා පොස්ට් එක අවසන් කලේ. අද අවේ ඒ පොරොන්දුවත් ඉෂ්ට කරන්න. ඇන්ටි තෙෆ්ට් පොස්ට් එක මිස් උන අය ඉන්නවානම් මෙතනින් ගිහිං බලලම ආවානම්.

හදිස්සියේ දුරකථනය අස්ථානගත උනොත්, ඒ අහල පහල අන්තර්ජාලයට පිවිසෙන්න පහසුකම් නැත්තන්, ඒ වෙලාවට තමයි මේ SMS Code ප්‍රොයෝජනවත් වෙන්නේ.

ඒ එක්කම මේ දේත් මතක තියාගන්න,

ඇවාස්ට් සෙට්න්ග්ස් වල Friends කියන යෙදුම යටතේ තියෙනවා "Only allow friends sms commands" කියලා යෙදුමක්. මේ යෙදුම සක්‍රීය කරලා තිබ්බොත්, ඒ අදාල යාළුවන්ගේ දුරකථන අංක වලින් හැර වෙන කිසිම අංකයකින් යවන විධාන ඇවාස්ට් මෘදුකාංගයෙන් ක්‍රියාත්මක වෙන්නේ නෑ.


හරි දැන් බලමු කේත ටික මොනවද කියලා.

හැම SMS කේතයක්ම යවනකොට අනිවාර්යෙන්ම ඇවාස්ට් PIN අංකය මුලට යොදලා යවන්න ඕනේ. නැත්නම් ඇවාස්ට් මෘදුකාංගයෙන් ඒ විධානය අදුරගන්නේ නෑ.
අපි නිකමට හිතමු ඔයාගේ ඇවාස්ට් PIN අංකය බිංදු හතරක් කියලා.

Avast PIN = 0000
උදාහරණයක් විදියට ඔයාට දුරකථනයේ සයිරන් එක නාද කරන්න ඕනේ නම්,

0000 SIREN ON කියලා පණිවිඩයක් යවන්න ඕනේ.

මේ විදියට යවද්දී මම කලින් කියපු යෙදුම සක්‍රීය කරලා තිබුන නම්,

("Only allow friends sms commands") ඒ අදාල යාළුවෙකුගේ දුරකථනයකින්ම පණිවිඩය යවන්න ඕනේ.

මේ විදියට තමයි අනික් හැම කේතයක්ම ක්‍රියාත්මක වෙන්නේ. දැන් අනික් කේත මොනවද කියලා බලමු.

නැතිවුණා කියලා පණිවිඩයක් යවන්නේ,
0000 LOST

නැවත හම්බුනා කියල පණිවිඩයක් යවන්නේ,
0000 FOUND

දුරකථනය Lock කරන්නේ,
0000 LOCK

දුරකථනය Unlock කරන්නේ,
0000 UNLOCK

කවුරුන් හෝ දුරකථනය අදාල වෙලාවේ අතේ තියාගෙන ඉන්න කෙනෙකුට පෙන්න පණිවිඩයක් යවන්නේ,
0000 MESSAGE පණිවිඩය (Pls call on 0777 000 000) වගේ නැත්නම් ඔයාට ඕනේ පණිවිඩයක්.

දුරකථනයේ සයිරන් ටොන් ඔන් කරන්නේ,
0000 SIREN ON 

දුරකථනයේ සයිරන් ටොන් ඔෆ් කරන්නේ,
0000 SIREN OFF

දැනට දුරකථනය තිබෙන ස්ථානය ගැන දැනගන්නේ, 

(ඩේටා කනෙක්ෂන් ඇක්ටිව් තිබිය යුතුයි.)
0000 LOCATE


දිගින් දිගටම දුරකථනය තියෙන තැන හොයන්නේ, 
(තමන් කැමති කාලපරාසයක් යොදාගන්න පුළුවන්)
0000 LOCATE 5
(5 = විනාඩි 5ක් ඒ කියන්නේ කියන්නේ කාලපරාසය )

දුරකථනය හොයන එක නවත්වන්න,
0000 LOCATE STOP

නැතිඋන දුරකතනයෙන් දුරස්ථ ක්‍රමයට ඇමතුමක් ලබා ගන්නේ,
0000 CALL
මේ විදියට යැවුවොත් ඔයා විධානය යවන දුරකතනයට නැතිඋන දුරකතනයෙන් ඇමතුමක් ලැබෙනවා.


0000 CALL 0777000000
මේ විදියට දුරකථන අංකයත් සදහන් කරලම යැවුවොත් ඒ අදාල දුරකථන අංකයට නැතිඋන දුරකතනයෙන් ඇමතුමක් ලැබෙනවා.


නැතිඋන දුරකතනයට ලැබෙන කෙටි පණිවුඩ ඔයාගේ දුරකතනයට ගෙන්නගන්නේ,
0000 FORWARD SMS
(තමන්ගේ සිම්පත දුරකථනයේ තිබීම අවශ්‍ය නොවේ.)

0000 FORWARD SMS 0777000000
මේ විදියට කලොත්, මෙතන සදහන් කරලා තියෙන දුරකථන අංකයට පණිවිඩ ලැබෙනවා.

මේක නවත්වන්නේ 0000 FORWARD SMS STOP කියන විධානයෙන්.

නැතිවුන දුරකථනයට ලැබෙන දුරකථන ඇමතුම් ගැන SMS පණිවිඩයකින් දැනගන්නේ,
0000 CC CALLS

0000 CC CALLS 0777000000
මේ විදියට කලොත් මෙතන සදහන් කරලා තියෙන දුරකථන අංකයට තමයි පණිවිඩය ලැබෙන්නේ.


මේක නවත්වන්නේ 0000 CC CALLS STOP කියන විධානයෙන්.

අන්තර්ජාල සම්බන්ධතාවය (බලෙන්) ක්‍රියාත්මක කරන්න,
0000 SET FORCEDATAMODE 1
මෙතැනදී අංක 1 කියන්නේ ඩේටා සක්‍රීය කරන්න කියලා. මේ වෙනුවට 0 දැම්මොත් ඩේටා සම්බන්ධතාවය අක්‍රීය වෙනවා.
 


දුරකථනය සම්පුර්ණයෙන්ම මකාදමන්නේ,
0000 WIPE
මේ විධානය යැවුවට පස්සේ නම් නවත්වන්න ක්‍රමයක් නෑ, ඒ නිසා මේක යවන්න කලින් හොදට හිතල බලලා යවන්න.

මම මෙතැන් දැම්මේ අත්‍යවශ්‍ය විධාන ටික විතරයි. තව විදාන තියෙනවා. දුරකථනය නැති උනා කියලා දැනගත්ත ගමන් ක්‍රියාත්මක කලයුතු විධාන.
එත් ඇවාස්ට් නිල වෙබ් අඩවියේ නොමිලේ ලබාදෙන ගිණුමක් හදාගත්තොත් මේ හැමදේමත් එක්ක මම මෙතන සදහන් කරලා නැති හැමදේම හරිම ලේසියෙන් කරගන්න පුළුවන්. 


එහෙනම් අපි නැවත හමුවෙමු, ජය වේවා.....!!!!


2 comments:

  1. තැන්කුයි නිමෝ....................
    උම්ම්ම්ම්ම්මමමම

    ReplyDelete
    Replies
    1. පේනවිදියට බොලන්ට ඇප් එකක් ඕන වෙලා තිබිලා වගේ..... එල එල

      Delete

හිතුන දෙයක් තියෙනවනම් නොකියා මාරුවෙන්න එපා හොදේ........!
ගල් මුල්, යෝජනා, චෝදනා, ඕනදෙයක්.....!

Related Posts Plugin for WordPress, Blogger...