Tuesday, March 18, 2014

බ්ලොග් ෆලෝ කරන්න බැරිද? මෙන්න විසදුම.

නිතර දෙවේලේ මේල් දාන්න හදාගත්ත ජි මේල් එකවුන්ට් එක අයින් කරලා වෙන ජි මේල් එකවුන්ට් එකකට බ්ලොග දාගත්තා. දාගත්තා තමයි එවෙලේ ඉදන්  බ්ලොගක් ෆලෝ කරනවා බොරු. දවස් තුනක් කට්ට කෑවා, එත් හරිගියේ නෑ.මම හිතුවේ මේක මට  විතරක් වුන වැඩක් කියලා. බැලින්නම් නෑ. කොහොමින් කොහොම හරි මම වෙන විදියක් හොයා ගත්තා.

                                                        මෙහෙම එරර් එකක් තමයි එන්නේ.
අනිවා මේක ගූගල් එකේ අව්ලක්. දැන් සෑහෙන දවසක් වෙනවා. පොඩි විසදුමක් හොයාගත්තා දැනට ඒක සාර්ථකයි.



ඕකට කරන්න තියෙන්නේ බ්ලොගර් ඩෑෂ් බෝර්ඩ් එකට ලොගින් වෙන්න. www.blogger.com වලින් 




එතකොට මේ විදියට පෙනෙයි. ඔතන තියෙන Add බටන් එක සිලෙක්ට් කරන්න.
(ඔය රතු පාටින් කොටු කරලා තියෙන්නේ.)

 



එතකොට මේ විදියේ කොටුවක් පෙන්නනවා. "Add from URL" එතනට බ්ලොග් ඇඩ්රස් එක කොපි කරලා පේස්ට් කරන්න. 

"Following Option" වලින් ෆලෝ කරන ක්‍රමය තෝරන්න පුළුවන්.

ඔතන තියෙන +Add බටන් එකෙන් බ්ලොග් ඇඩ්රස් කීපයක් උනත් එකසැරේ ෆලෝ කරන්න පුළුවන්. 
(මේ නිකන් වැඩි වැඩ ඕනේ නෑ නේ)

ඊට පස්සේ පහලින් තියෙන Fallow බට්න් එක ක්ලික් කරා නම් හරි. 
(ඔය පහලින් තියෙන්නේ තැබිලි පාටින්)

 support-sl.blogspot.com/2014/03/blog-post_15.html

මෙතැනදී හොදට මතක තියාගන්න, බ්ලොග් ඇඩ්රස් එක කොපි කරද්දී බ්ලොග් URL එක විතරක් ගන්න. මම උඩින් දාලා තියෙන ලින්ක් එකේ යටින් ඉරක් ඇදලා තියෙන ටික බ්ලොග් ඇඩ්රස් එකට අයිති වෙන්නේ නෑ. ඒ නිසා ඒ ටික අනිවාර්යෙන්ම මකන්න.

.com කියන තැනට වෙනකන් විතරයි බ්ලොග් ඇඩ්රස් එක එන්නේ. අත්හදා බලන්න ඕනේ නම් මගේ බ්ලොග් ඇඩ්රස් එක පාවිච්චි කලාට මම නම් අමනාප නෑ. (මේ ඇත්තමයි)
මගේ බ්ලොග් ඇඩ්රස් එක - support-sl.blogspot.com
 
 එහෙනම් කට්ටියට ජය වේවා....! ගැටළු ඇත්නම් මේල් කෑල්ලක් දාන්න.


Wednesday, March 12, 2014

වැඩ ලේසි කරගන්න - KVM Switch







කට්ටිය හොදින් ඉන්නවා කියලා හිතනවා. අද මම කියන්න යන්නේ ගොඩක් දුරට එක පරිඝනකයකට වඩා එකම වෙලාවේ පාවිච්චි කරන අය වෙනුවෙන් ලොකු උදවුවක් වෙන ගැජට් එකක් ගැන. සමහර වෙලාවට ගොඩක් කට්ටිය මේ ගැන දන්නවත් ඇති. කොහොමින් කොහොම හරි නොදන්න අයගේ දැනගැනීම පිණිස ලියන්නම්කො.

මේක හදුන්වන්නේ KVM Switch (කේ.වී.එම්. ස්විච්) කියලා.

KVM Switch ප්‍රධාන වශයෙන් වර්ග 3 කට බෙදෙනවා.

PS2 KVM Switch


USB KVM Switch


ඔය අතරම VGA පොර්ට් එකයි DVI පොර්ට් එක අතරිනුත් වර්ග කිරීමක් වෙනවා. හැබැයි DVI පොර්ට් එක තෝර ගන්න එක අදාල උපකරණත් එක්කම වෙනස් වෙනවා.

KVM Switch පොර්ට් ප්‍රමාණයෙනුත් වෙනස් වෙනවා. 2 පොර්ට්, 4 පොර්ට්, 8 පොර්ට්, 16 පොර්ට්, ඔය විදියට තියෙනවා. එතනින් එහාට තියෙන 32 පොර්ට් වගේ ඒවා ගොඩක් දුරට HDMI විදියටත් එනවා

මේක ක්‍රියාකරන්නේ මෙහෙමයි.

KVM Switch එකට අවශ්‍ය කරන කේබල් KVM Switch එකත් එක්කම ලැබෙනවා. ඒවා සම්බන්ද කරන්නේ පරිඝනකයේ ඉදන් එන VGA, Key Board, Mouse, කෙලින්ම KVM Switch එකට. KVM Switch එකේ වෙනම පොර්ට් එකක් තියෙනවා මොනිටර්, කී බෝර්ඩ්, මවුස්, සම්බන්ධ කරන්න. USB එකක නම් ගොඩක් වෙලාවට අමතර පොර්ට් එකකුත් එනවා සෙන්ට්‍රල් USB  එකක් වගේ පාවිච්චි කරන්න.

ගොඩක් වෙලාවට KVM එකේ හොට් කී (Hot Key) එකක් එනවා. ඒ කීස් වලින් පරිඝනක අතර හුවමාරු වෙන්න පුළුවන්. එහෙම නැත්තන් KVM එකේ බටන් එකක් තියෙනවා එකෙන් කරන්න පුළුවන්. KVM ගොඩක් වෙලාවට පරිඝනක ගොඩක් තියෙන සර්වර් රූම් වල පාවිච්චි කරනවා. ඒ නිසා ගොඩක් ඉඩ කඩ ඉතිරි කරගන්නත් පහසුවෙන් වැඩක් කරන්නත් පුළුවන්. ගැටළු එහෙම තියේ නම් ඉතින් මේල් කෑල්ලක් දාන්න. 


කට්ටියටම ජය වේවා...!

Sunday, March 2, 2014

ටොරන්ට් බානවානම් අනිවා කියවන්න - GreedyTorrent!


දැනට අන්තර්ජාලයේ සැරිසරන අපි හැමෝම වගේ ටොරන්ට් ගැන දන්නවා, ටොරන්ට් බානවා. ටොරන්ට් බාන්න ටොරන්ට් සීඩර්ස් ලා ඉන්න ඕනේ. ඒ කියන්නේ ටොරන්ට් එක අප්ලෝඩ් කරන කට්ටිය. ඒ වගේම ලිචර්ස් ලා ඉන්නවා, ඒ කියන්නේ ටොරන්ට් එක බාගෙන සීඩ් කරන්නේ නැතුව පාඩුවේ පැත්තකට වෙනවා.

ඔය කාරණාව නිසා සීඩර්ස්ලා සීඩ් කරන වේගය අඩු කරනවා. ටොරන්ට් එක සීඩ් කරන අයට විතරක් ඩවුන්ලෝඩ් වේගය වැඩිකරනවා.

අපි හැමෝම දන්නා දෙයක් තමයි ලංකාවේ දැනට ලැබෙන අන්තර්ජාල පහසුකම් එක්ක සීඩ් කරනවා කියන එක කරන්න අමාරු වැඩක්. හැම අන්තර්ජාල සබදතාවයක්ම සිමා කරලා තමයි තියෙන්නේ. 
සිමා නැති (Unlimited) සබදතා දෙන්නේ ලංකා බෙල් විතරයි. එකත් 1MB Download 128Kb Upload මාසයකට 3000 ක් විතර වෙනවා.(මෙය ප්‍රචාරක දැන්වීමක් නොවන වග සලකන්න.) ඕකෙන් සීඩ් කොලොත් කරන්ට් බිල ගෙවන්න වෙනම ජොබක් හොයාගන්න වෙනවා.

ඔයාලා ටොරන්ට් එක බාගත්ත වෙබ් අඩවියේ සාමාජිකයෙක් වෙලා හිටියනම් ඒ වෙබ් අඩවියට එම වෙබ් අඩවිය සතුව සීඩර් කෙනෙක් (Private Tracker) ඉන්නවනම් මේක ගොඩක් දුරට වෙන්න පුළුවන්. 

මට මතකයි තිබුනා demanoid.com කියලා වෙබ් අඩවියක්. මේ වෙබ් අඩවියේ ලියාපදිංචි වීම පවා සිමා කරලා තිබුනේ. හිටපු ගමන් පැය බාගයකට විතර රෙජිස්ට්‍රේෂන් දෙනවා. කොහොම හරි රෙජිස්ටර් උනා. කල් යද්දී ටොරන්ට් බාන වේගය එන්න එන්න අඩු උනා. මගේ demanoid.com ප්රෝෆියිල් එකේ මම අප්ලෝඩ් කරපු ඩේටා අගයත් පෙන්නනවා. අන්තර්ජාලේ එහෙන් මෙහෙන් හොයනකොට තමා මේ බාන්ඩෙ හම්බුනේ. කාලයක් තිස්සේ මම මේක පාවිච්චි කරනවා.

හරි හරි කතාව පැත්තට හැරෙමු.

මේකෙන් කරන්නේ අපි යම්කිසි ටොරන්ට් එකක් බානකොට අපි බාන ඩේටා අගය වැඩිකරලා (Multiply) සීඩර්ට පෙන්නනවා. ඒ ඇරුනම ටොරන්ට් එකේ ඉන්න සීඩර්ලව (Update) යාවත්කාල කරන්නෙත් මේකෙන්.ගොඩක් ඉඩ හෝ මතක ප්‍රමාණයක් ගන්න මෘදුකාංගයක් නෙමෙයි.





මේ ටික හරිම වැදගත්, 

මෙහෙමයි ඕක වැඩකරන්නේ. ඔය තියෙන පින්තුරේ Report My Upload as කියලා කොටුකරලා තියෙන තැන ඉදිරියෙන් අපි දෙන අගයට අනුපාතව තමයි සීඩර්ට අගය පෙන්නන්නේ. අපි ඩවුන්ලෝඩ් කරන 1MB එකක් අපි ඔතන දාන අගයෙන් වැඩිවෙලා තමයි සිඩර්ට පෙන්නන්නේ. ඒ නිසා ඔතන භාවිතා කරන අගය හරියටම තවත් අගයකින් බෙදෙන විදියේ අගයක් (රවුම් ගණන්) දාන්න එපා. එහෙම උනොත් මාට්ටු වෙනවා. ඒ වගේම ඕනෑවට වඩා වැඩි අගයන් දාන්නත් එපා 100,1000,10000 වගේ ලොකු ගණන් කොහොමත් දාන්න එපා. මොකද ඒ තරමට *LAN එකකින් වත් සීඩ් කරන්න බෑ. එතකොට අනිවා මාට්ටු. ඔතන දාන අගය හැමවෙලේම 10.00 ට අඩු අගයකින් තියාගන්න බලන්න. අනික් දේ තමයි මේක දාපු ගමන් හෙන ගැහුවා වගේ වැඩකරන්නේ නෑ. ටිකක් වෙලා යනවා. ඔයා ටොරන්ට් බාන්නේ රෙජිස්ටර් වෙලා සාමාජිකත්වය තියෙන වෙබ් අඩවි වලින් නම් සමහරවිට දවසක් දෙකක් උනත් යනවා. වැඩකරන්න දවස්දෙකක් යනවා කිවුවට ඒ වෙනකන් ලැබෙන සාමාන්‍ය වේගයෙන් ඩවුන්ලෝඩ් වෙනවා. සමහර සිඩර්ස්ලා ඉන්නවා කොච්චර අප්ලෝඩ් කලත් ඩවුන්ලෝඩ් දෙන්නේ එකම ගානට.
මේක දාලා සෙටින් ටිකක් හදන්න තියෙනවා. එකටත් ලින්කුව පහලින් දානවා. 

කොහොමහරි, මේක පාවිච්ච් කරලා බලන්න. ගැටළු මොනවහරි තියේ නම් කොමෙන්ටුවක් හෝ මේල් කෑල්ලක් දාන්නකෝ. 

* LAN  කිව්වේ සාමාන්‍ය කාර්යාලයක භාවිතා වෙන පරිඝනක ජාලයක් කියල හිතන්නකෝ.

Greedy Torrent නිල වෙබ් අඩවියෙන් බාගන්න.

සෙටින් හදාගන්න මෙතනින් යන්න.

ජය වේවා.....!

Related Posts Plugin for WordPress, Blogger...