Monday, April 14, 2014

බල්ක් මේල් යවන්න හොදම විදිය - Send Bulk Mails.

අපි කාටත් බල්ක් මේල් යවන්න ඕනේ වෙනවා. ඒ කිව්වේ මේල් එකක් ගොඩ දෙනෙක්ට, මේල් ඇඩ්රස් දහදාහකට විතර. කොහොමද යවන්නේ. කිසිම මේල් එකකින් කරන්න බෑ. මොකද ස්පෑම් කියලා බ්ලොක් කරන නිසා. එතකොට ඊමේල් මාර්කටින් කරන අය කොහොමද කරන්නේ. (ඒක නම් මම දන්නේ නෑ) හැබැයි මේකට පොඩි ක්‍රමයක් මම හොයාගත්තා. 

නොමිලේ ලැබෙන සේවාවක්. කරන්න තියෙන්නේ මේ ලින්ක් එකට යන්න. ටාර්ගට් හීරෝ වෙබ් අඩවිය.


මෙතන තියෙන වීඩියෝ එක බලන්න. අදහසක් ගන්න පුළුවන් වෙයි. මේකේ ඉස්සෙල්ලම රේජිස්ටර් වෙන්න ඕනේ. ඊට පස්සේ බ්ලොග් ඩෑෂ් බෝර්ඩ් එක වගේ තැනකට එනවා. 
(ස්ක්‍රීන් ෂොට් දාන්න විදියක් නෑ මගේ පාස්වර්ඩ් එක මතක නෑ.)

කන්ටැකස් ලිස්ට් එක, (ඊ මේල් ලිස්ට් එක) එක්සෙල් එකක නැත්නම් නෝට්පෑඩ් එකක හරි දාලා තියාගන්න.
ඒක එහෙම්මම අප්ලෝඩ් කරන්න පුළුවන්.

ඊට පස්සේ අපිට අපි යවන්න ඕනේ කරන දැන්වීම හදාගන්න තැනකට යනවා. එතනින් ලොකු අව්ලක් නැතුව හදාගන්න පුළුවන්. 

මේකෙන් ඔයා යවන දැන්වීමත් එකත් එක්ක ටාර්ගට් හීරෝ වෙබ් අඩවියෙත් පොඩි දැන්වීමක් යනවා. ඒක අයින් කරනවානම් මුදල් ගෙවන්න වෙනවා. ඇත්තටම ලොකු පාඩුවක් ඒකෙන් වෙන්නේ නෑ. 

මේකෙන් දැන්වීමක් යැවුවට පස්සේ, ගොඩක් විස්තර බලාගන්න පුළුවන්. මොන මේල් ඇඩ්රස් වලින්ද දැන්වීම බැලුවේ. 
කී දෙනෙක් බැලුවද,
තව කී දෙනෙක් බලන්න ඉන්නවද, ඔය වගේ ගොඩක් දේවල්.

කරලා බලන්න. උදවුවක් ඕනේ නම් සුපුරුදු විදියට මේල් කැල්ලක් දාන්න. ජය වේවා..! 

ඒ එක්කම ලැබුවා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන, කරදර ජරමර නැති, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා....!

9 comments:

  1. නිමෝ පෝස්ට් එක නිවී සැනසිල්ලේ කියවන්නම්...

    නිමෝ ඇතුළු පවුුලේ සැමට සුභම සුබ අළුත් අවුරුද්දක් වේවා!!!

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. කියෙව්වා අළුත් අවුරුද්දේ වැදගත් පොස්ට්ටුවක්,

      ජය වේවා!!!

      Delete
    2. ඔබටත් ඔබේ පවුලේ සැමටත් එසේම වේවා, තව ස්ක්‍රීන් ෂොට් ටිකක් දන්න ඕනේ.

      Delete
  2. ඔබ ඇතුළු පවුලේ සැමටම සුභ නව වසරක් වේවා නිමෝ ........................

    ReplyDelete
    Replies
    1. ඔබටත් ඔබේ පවුලේ සැමටත් එසේම වේවා

      Delete
  3. නියමයි ...මට පොඩ්ඩක් කියලා දෙන්න බැරිද මෙල් එඩ්‍රස් 5ක විතර මෙල් එක එඩ්‍රස් එකකට ගෙන්න ගන්න ක්‍රමයක් :)))

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න ගොඩක් අහන්න ඕනේ ඕකට, සහෝගේ ඊමේල් එක එවන්න.
      අනිවාර්යෙන්ම පුළුවන් දෙයක් කරමු.
      Admin@ithelpzone.info

      Delete
  4. නියමයි මම හොයපු එක මේක....

    http://ikmain.com - ශ්‍රී ලංකාවේ නොමිලේ ලුහුඬු දැන්වීම්

    ReplyDelete
  5. ⇝⇝⇝...මගේ යහළුවන්ට කරන විශේෂ ආරාධනයකි ...⇜⇜⇜

    2014-07-30 දින හෝ ඊට ප්‍රථම ආරම්භ කිරීමට සිතා ඇති දැන්වීම් නොමිලේ පලකිරීමට ඇති අපේම තැන පිලිබදව ඔයාලව පොඩ්ඩක් දැනුවත් කරන්න මම හිතුවා ..මේ සදහා මුලින්ම කියන්න ඕනි, ඔයාලගේ සහයෝගය ගොඩක්ම ඕනි...හරිනේ...ඔයාලගේ බ්ලොගය පිලිබදව, අඩවිය පිලිබදව, විකුණන දෙයක් ගැන, කන්ඩායම් පන්ති පිලිබදව, ලබාදෙන සේවාවක් ගැන, දැනුවත් කිරීමක් පිලිබදව හා ඕනෑම ආකාරයක දැන්වීමක් පලකිරීමට අපි මෙතන ගොඩනගා ගමු....
    යාලුවනුත් දැනුවත් කරන්න....
    ස්තුතියි ලබාදුන් සහයෝගයට......

    Site : www.hungaonline.com
    www.hungaa.blogspot.com

    contact me : wimuplus@gmail.com

    Fill the Form : www.emailmeform.com/builder/form/3iA65NdgHoK8

    ReplyDelete

හිතුන දෙයක් තියෙනවනම් නොකියා මාරුවෙන්න එපා හොදේ........!
ගල් මුල්, යෝජනා, චෝදනා, ඕනදෙයක්.....!

Related Posts Plugin for WordPress, Blogger...