Thursday, April 23, 2015

වින්ඩෝස් 10 ඇත්තටම නිකන් දෙනවද..? - Is Windows 10 Really Free..?

 

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 10 හී පරිශීලක සංස්කරණය මේ අවුරුද්දේ ජූලි මස අග වෙද්දී නිකුත් කරන බව මයික්‍රොසොෆ්ට් සමාගමෙන් නිවේදනයක් නිකුත් කරා. එත් එක්කම එහෙන් මෙහෙන් තොරතුරු කීපයක් ලැබුනා, ලංකාවෙත් ප්‍රසිද්ධ සගරාවලත් එහෙම මේ පුවත පළවුණා. ඒ තමයි මේ වින්ඩෝස් 10 සංස්කරණය සියලුම පරිශීලකයන්ට නිකුත් කරන දිනයේ ඉදං අවුරුද්දක් යනකං නොමිලේ ලබාගන්න පුළුවන් කියලා. ඒ ගැන හොයාගත්ත තොරතුරු ටිකක් තමයි මේ.
 

ඒ ගැන පොඩ්ඩක් මේ විදියට පැහැදිලි කරන්නම්.

මේ විදියට වින්ඩෝස් 10 සංස්කරණය නොමිලේ ලබාගන්න පුළුවන් පිරිස් දෙකක් ඉන්නවා.

එක පිරිසක් තමයි____________________________


මේ වෙනකොට වින්ඩෝස් 7 හෝ වින්ඩෝස් 8 හෝ 8.1 යන සංස්කරණ වලින් එකක් හෝ කීපයක් මිලදී ගෙන තියෙන අයට. හරියටම කියන්නේ දැනටත් ඔරිජිනල් වින්ඩෝස් පාවිච්චි කරන අයට.    


අනික් පිරිස තමයි____________________________

මේ වෙනකොට වින්ඩෝස් 7 හෝ වින්ඩෝස් 8 හෝ 8.1 යන සංස්කරණ වලින් එකක් හෝ කීපයක් මිලදී නොගෙන, Crack, Pirate, Counterfeit, සංස්කරණ භාවිතා කරන අය. හරියටම කියන්නේ ඔරිජිනල් නොවන වින්ඩෝස් පාවිච්චි කරන අයට.    


මොනවා....!!! 

හොර කොපි වලටත් වින්ඩෝස් 10 ඔරිජිනල් දෙනවා....!!!!

හා... හා.... හදිස්සි නැතුව ඉතුරු ටිකත් කියවලම ඉමුකො.
_______________________________________________________


http://windows.microsoft.com/en-us/windows-10/about


මේ තියෙන්නේ මයික්‍රොසොෆ්ට් සමාගමෙන් ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ දාපු දැනුම්දීම.
(ලින්ක් එකට යන්න පින්තූරය උඩ තෝරන්න)


වින්ඩෝස් 10 සංස්කරණය නොමිලේ ලබාදීමේදී, Crack, Pirate, Counterfeit, භාවිතා කරන අයටත් නොමිලේ ලබාදීමක් කරනවා කියලා මෙතනදී මයික්‍රොසොෆ්ට් සමාගම කිසිම සදහනක් කරන්නේ නෑ.  ඔවුන් සදහන් කරලා තියෙන්නේ "යවත්කාලින කිරීම සදහා සුදුසු උපාංග (PC, Windows Mobile) පමණක් නොමිළේ යවත්කාලීන කරනවා." කියලා විතරයි.
_______________________________________________________


http://www.pcworld.com/article/2873214/windows-10-will-be-a-free-upgrade-for-windows-7-and-8-users.html

මේ තියෙන්නේ www.pcworld.com වෙබ් අඩවියේ පල කරන ලද ලිපියක්.

මෙතැනදී පැහැදිලිවම කියනවා වින්ඩෝස් 10 සංස්කරණය නොමිලේ ලබාදීමේදී, Crack, Pirate, Counterfeit, භාවිතා කරන අයටත් නොමිලේ ලබාදීමක් කරනවා කියලා.

______________________________________________________


http://www.reuters.com/article/2015/03/18/microsoft-china-idUSL2N0WJ2N220150318

මේ තියෙන්නේ www.reuters.com වෙබ් අඩවියේ පල කරන ලද ලිපියක්.

මෙතැනදී පැහැදිලිවම කියනවා වින්ඩෝස් 10 සංස්කරණය නොමිලේ ලබාදීමේදී, Crack, Pirate, Counterfeit, භාවිතා කරන අයටත් නොමිලේ ලබාදීමක් කරනවා කියලා. මේ ප්‍රකාශය කරන්නේ මයික්‍රොසොෆ්ට් සමාගමේ, මෙහෙයුම් පද්ධති සම්බන්ධ විධායක උප සභාපති Terry Myerson

 
ඔක්කොම පැත්තක තියලා ඇමතුවා ලංකාවේ මයික්‍රොසොෆ්ට් එකට, උන් දන්නේ නැත්තං කවුද දන්නේ..?

රින්ග්ස් ගිහින්, ගිහින්, ගිහින්, යන්තං එකෙක් ඉංගිරිසියෙන් 

උදේට කෑවද? 
දවල්ට කෑවද? 
කියලා කියන්න ගත්තද නැත්තන් මට ඇහුන විදියද දන්නේ නෑ . 
උගෙන් ඇහුවම,

(හරි හිමිං)
"ලොකු අයියේ මෙන්න මෙහෙම මයික්‍රොසොෆ්ට් එකෙන් ඒ කිව්වේ ඔයැයිලගේ කොම්පැනියෙන් වින්ඩෝස් 10 නිකන් දෙන්න යනවා කියන්නේ,  ඇත්තද ඈ....?? "

එතකොට ඒ යකා කියපි,


(මල් පොකුරක් අතේ අරං)
"මොන ගල් පැලෙන බොරුද මල්ලී ඔය කියන්නේ....? අපි කවදද නිකන් දුන්නේ, ඔයාට පිස්සු තද වෙලාද...? නිකන් එන්න එපා නෝන්ඩිය දාන්න"

එන පොට හොද නැති නිසා " ආ.. ආ.. හරි හරි අයියේ කියලා ශේප් උනා"

ඒ උනාට මගේ පපුවේ ගින්දර දන්නේ මම නෙව......,

ෆොර්න් එකේ රී-ඩැල් බටෝන් එක ඔබලා ආපහු ඇමතුවා,

ඒ පාර නං ඇහුනේ හීනියට... 

සුරූපී, 
සුකොමාල, 
තැන්පත්, ගෑල්ලමෙක්ගේ කටහඩක්,

"හෙලෝ..... *^*& &*5 @#$^ &_(+ &^*()()* "


(ඇගිල්ලෙන් පොලොව හුරන්න බැරිනිසා සපත්තුව හූරමින්)
" මේ... නංගි....., ඇත්තද ඔයාලා වින්ඩෝස් 10 නිකන් දෙනවා කියන්නේ...?"

එතකොට ඒ ළමය කියපි,
"අනේ අයියා, මම නං දන්නේ නෑ මේ නම්බර් එකට අරන් බලන්න."

"හා දෙන්න නංගි..."

අනේ කරුමෙක මහත, 

එතනින් වෙන තැනකට, 
එතනිනුත් තවත් තැනකට, 
ඔය විදියට මාව රවුමේ යවලා.., යවලා.., යවලා.., යවලා.., යවලා.., යවලා.., යවලා.., 
පස් හය සැරයක් කරවලා යන්තං යමක් කමක් තේරෙන එකෙක් ගාව නැවතුනා. මේ පාර නං මට මල් පොකුරක්ම පැනල තිබුනේ. එත් තත්වේ සෝචනීයයි. මිනිහගෙන් ඇහුවම මිනිහ කියපි,

"හලෝ...."


(මොරායල් හඩින්) 
 "හලෝ අයියේ, "

"මේ ඔයාල වින්ඩෝස් 10 නිකන් දෙනවද...? ඒ කතාව ඇත්තද..?"

"පිස්සුද මල්ලි අපි නම් දෙන්නේ නෑ, ඔය ටොරන්ට් දෙන කට්ටිය වින්ඩෝස් 8 වල නම වෙනස් කරලා දෙනවා ඇති. ඔයා කොහොමද මේක දන්නේ..?"


(නැවතත් මොරායල් හඩින්) 
"එතකොට මයික්‍රොසොෆ්ට් සයිට් එකේ දාලා තියෙන්නේ...? "

(ඉතාමත් නිවිච්ච හඩකින්)
"ආ..... ඇත්තද මල්ලී, එහෙම එකක් මයික්‍රොසොෆ්ට් සයිට් එකේ දාලා තියෙනවද..? අපි දන්නේ නෑනේ. ඔයා මෙහෙම කරන්න, අපිට මේල් එකක් දාන්න අපි හොයල බලලා කියන්නං හොදේ, බායි..."

එතකොට මමද මයික්‍රොසොෆ්ට් එකේ ඉන්නේ උන්ද..? ලංකාවේ මයික්‍රොසොෆ්ට් සමාගමෙන් උත්තරයක් නැති තැන ඇමරිකාවේ මයික්‍රොසොෆ්ට් සමාගමේ පාරිබෝගික සේවා මද්‍යස්ථානයෙන් විමසීමක් කරන්න සිද්ධ උනා.


කොහොම නමුත්, ඇමරිකාවේ මයික්‍රොසොෆ්ට් සමාගමේ පාරිබෝගික සේවා මද්‍යස්ථානයෙන් හිටපු ඉටිකිරිස් කෑල්ල ලබාදුන්න තොරතුරට අනුව නම්, වින්ඩෝස් 10 නොමිලේ ලබාගන්න පුළුවන් මේ වෙනකොට වින්ඩෝස් 7 හෝ වින්ඩෝස් 8 හෝ 8.1 යන සංස්කරණ වලින් එකක් හෝ කීපයක් මිලදී ගෙන තියෙන ඔරිජිනල් වින්ඩෝස් කස්ටමර්ලට විතරයි. කාලා වරෙන්කො

පාරිබෝගික සේවා මද්‍යස්ථානයෙන් ලබාදුන්න මේ තොරතුර ඇත්ත නම් Terry Myerson කියලා තියෙන්නේ බොරුද...?? එතකොට කවුද වැරදි....?? 


මෙතැනදී මතක තබා ගන්න ඕනේ කරුණක් තමයි,මයික්‍රොසොෆ්ට් කියන්නේ මේ වෙනකන්ම Crack, Pirate, Counterfeit, මෘදුකාංග හා මෙහෙයුම් පද්ධති භාවිතය නිසා හොදටම පහර වැදුන සමාගමක්.
Crack, Pirate, Counterfeit, මෘදුකාංග හා මෙහෙයුම් පද්ධති භාවිතයෙන් ඉවත් කරන්න ඔවුන් කොච්චර උත්සහා කලත්, මේක හැබෑ නොවෙන හීනයක් කියල දැනගත්තට පස්සේ ඒ පස්සෙන් යන එක නවත්තලා වෙනත් අදායම් මාර්ග වලට යොමු උනා. එත් වින්ඩෝස් 10 නොමිලේ ලබාදෙනවා නම්, Crack, Pirate, Counterfeit, මෙහෙයුම් පද්ධති භාවිතයෙන් ඉවත් කරන්න ඔවුන්ගේ තවත් එක පියවරක් වෙන්නත් පුළුවන්.

කොහොම නමුත් ගොඩක් දුරට වෙන්න පුළුවන් දේ හා මයික්‍රොසොෆ්ට් සමාගම නිල වශයෙන් නිකුත් කරලා තියෙන ප්‍රකාශයට අනුව, මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් නිත්‍යානුකුල පිටපත් භාවිතා කරන අයට විතරක් මේ අදාල යාවත්කාලින කිරීම වින්ඩෝස් 10 සංස්කරණය නිකුත් කල දින සිට අවුරුද්දක කාලයක් නොමිලේ ලබාදීම සිදුකිරීමයි.

කරුණු කාරණා එක්රැස් කරලා විශ්ලේෂණය කලාට පස්සේ මට හිතෙන  දේ තමා මේ ලිපියේ සදහන් කරලා තියෙන්නේ. මයික්‍රොසොෆ්ට් සමාගමේ මේ තීරණය ඕනෑම වෙලාවක ඕනෑම ආකාරයකට වෙනස් වෙන්නත් පුළුවන්. 


ප.ලි - ඕන එකක් සිලිං දෙකයි කියලා මම දන්න, හොදට වැඩකරන වින්ඩෝස් 7 වලම ඉන්නවා.

Wednesday, April 1, 2015

ඩවුන්ලෝඩ් කරන්න ඕනෙද..? මෙන්න ඊගල් ගෙට්. - EagleGet Download Manager.

http://www.eagleget.com/

EagleGet කියන්නේ නොමිලේ ලබාදෙන ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගයක්. මේ මෘදුකාංගයේ ගොඩක්ම ප්‍රොයෝජනවත් විශේෂාංගය වෙන්නේ ඕනෑම අඩවියකින් වීඩියෝ ඩවුන්ලෝඩ් කිරීමට තියෙන හැකියාව. මේ මෘදුකාංගය නොමිලේ ලබාදෙන සංස්කරණයකින් තියෙන එකත් ගොඩක් ලොකු වාසියක්. 

කරන්න තියෙන්නේ මෙතනින් ගිහින් දැනට යාවත්කාලින අලුත්ම මෘදුකාංග ගොනුව බාගන්න. ඊට පස්සේ සාමාන්‍ය මෘදුකාංගයක් පරිගණකයට ස්ථාපනය කරන විදියට ස්ථාපනය කරගන්න. ඊටපස්සේ තමා අපිට පොඩි වැඩක් කරන්න තියෙන්නේ.

මේ මෘදුකාංගය තමන්ගේ පද්ධතියට ස්ථාපනය කරගත්තට පස්සේ, තමන් භාවිතා කරන වෙබ් බ්රෝව්සරය ඕපන් කරන්න. එතකොට මෙහෙම පෙන්නයි. 
(මං පාවිච්චි කරන්නේ Firefox)

        
මේ අහන්නේ Flash Get මෘදුකාංගයෙන් වෙබ් බ්රෝව්සරේට ප්ලගින් එකක් (ආධාරක මෘදුකාංගයක්) ස්ථාපනය කරන්න අහනවා, ඒකට ප්‍රශ්නයක් නැද්ද කියලා.

මේකෙන් කිසිම ගැටළුවක් වෙන්නේ නෑ, මේකෙන් තමයි වෙබ් බ්රෝව්සරේ Flash Get මෘදුකාංගයත් එක්ක සම්බන්ධ කරන්නේ. 

මෙතැනදී කරන්න ඕනේ පහල තියෙන පින්තූරේ වගේ "Allow this installation" තැන "හරි" ලකුණ දාලා Restart Firefox තෝරාගන්න එක. එතකොට වෙබ් බ්රෝව්සරය රී-ස්ටාට් වෙනවා.

  
ඊට පස්සේ කරන්න තියෙන්නේ මොකක් හරි දෙයක් ඩවුන්ලෝඩ් කරන එක. එතකොට පහලින් තියෙන පින්තූරේ වගේ එකක් එයි.  ඔතනින් "OK" තෝරගත්තම අදාල ගොනුව ඩවුන්ලෝඩ් වෙනවා.



එහෙනම් අපි ගියා, පොස්ට් එක සම්බන්ධව ගැටළු මොනාහරි තියෙනවානම් කොමෙන්ට් එකක් හරි මේල් එකක් හරි දාන්න. ජය වේවා.....!!!!
________________________________________________________
ප.ලි : ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගයක් විදියට මම ගොඩක් දුරට පාවිච්චි කලේ IDM - Internet Download Manager කියන මෘදුකාංගය. ඒත් ඒ මෘදුකාංගය නොමිලේ ලබාදෙන සංස්කරණයක් නොමැති නිසා, දිගටම පාවිච්චි කරනවා නම් අඩුම තරමෙන් මාසෙට එක පාරක්වත් මෘදුකාංගය යාවත්කාලින කරන ගමන්ම Crack කරන්න ඕනේ, මේ වෙනකන් Crack මෘදුකාංග කිසිම දෙයක් දීලා නැති නිසා, ඒ සම්බන්ධව කරුණු කාරණා කතා කරමින් ඉන්නේ. මේ ගැන පුළුවන් නම් ඔයාලගේ අදහසකුත් එකතුකරලම යන්න.

Related Posts Plugin for WordPress, Blogger...