Friday, May 30, 2014

ගූගල් මේල් එකවුන්ට් එක රැකගනිමු. - Secure Your Gmail.

ගොඩ කාලෙකින් මොනවත් ලියන්න බැරි උනා, ඔපීසියේ තිබුන වැඩ නිසාම බ්ලොග් කොමෙන්ටුත් මිස් වෙලා තිබුනේ, පත්තරයා මාව ආදරෙන් මතක් කරලා මේල් එකකුත් දාලා තිබුනා.
(පත්තරයගේ ආදර බර වචන දැනුත් මතක් වෙනවා)

මේ දේවල් ගැන ගොඩක් දෙන සමහරවිට දන්නවා ඇති. නොදන්නා අයට දැනගන්න තමයි මේ ලියන්නේ. 

කොහොමින් හරි මේ ලියන්න යන්නේ ජි මේල් එකට අද උදේ මට ලැබුන මේල් එකක් ගැන. ඒක කියවලම හිටියානම්.


මේක දැක්කම මගේ සතුට පිරිලා ඉතිරිලා ගියා, මොකද කියනවනම් ගූගල් දෙයියා මගේ එකවුන්ට් එක නොමිලේම අප්ඩේට් කරන්න යනවනේ. මම ඇත්තටම හිතුවේ ගිගාබයිට් කියක් වැඩිපුර ලැබෙයිද කියලා. එත් සැකයට හේතුවක් තිබුනා.

මේ මේල් එකේ සදහන් වෙන විදියට ලබාදීලා තියෙන ලින්ක් එකට ගියහම මගේ ගූගල් පාස්වර්ඩ් එක දෙපාරක් එන්ටර් කරන්න කියලා තිබුනා. කවදාවත් ගූගල් එකෙන් පාස්වර්ඩ් එක දෙපාරක් ඉල්ලන්නේ නැතිවෙයි කියලා හිතුනා. ඒ නිසාම මට මේල් එක ආපු මේල් එකවුන්ට් එක හොදට බැලුවා. එතකොටයි දැක්කේ, මේ ඊ මේල් ඇඩ්රස් එක එන්නේ  norep@gmall.com කියලා. 

ඉතින් මොකෝ අවුල මොකක්ද?

වෙනස තමයි ජි මේල් කියන අග කොටසේ MAIL (මේල්) වෙනුවට MALL (මෝල්) තමයි තියෙන්නේ. එතැනින්ම දැනගත්තා මේ මේල් එක මට එවල තියෙන්නේ මගේ එකවුන්ට් එක හයිජැක් කරන්න. සරලව කියනවනම් මගේ පාස්වර්ඩ් එක උස්සන්න. 
(හයිජැක් කියන්නේ මොකක්ද කියලා විස්තරාත්මකව පස්සේ වෙලාවක කියන්නම්)

මෙතන තියෙන වෙබ් පිටුවත් හරියටම ගූගල් වෙබ් පිටුවකට සමානව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ දේවල් කරන අය මේ සම්බන්ධව හරිම දක්ෂයි, ගොඩක් වෙලාවට වෙනසක් හොයන්නම බෑ. මොකද ගෙඩි පිටින් ඒ වෙබ් පිටුවම කොපි කරලා දාගන්නවා.
(වෙබ් පිටුවේ පින්තුරයක් දාන්න විදියක් නෑ. වෙබ් පිටුව දැන් බ්ලොක් කරලා.)

අනික් කාරණාව තමයි මේ වෙබ් පිටුවට අදාල වෙබ් ලින්කුව. 
මෙලෝ විදියකට ගූගල් එකත් එක්ක සම්බන්ද නැති විදියට තමයි ලින්ක් එක තියෙන්නේ. එතැනින්ම මගේ සැකය තහවුරු උනා.
මේ තියෙන්නේ ලින්ක් එක. 

http://gmallupgrade.bnibarao.com.br/gmall.html
මම හයිලයිට් කරලා තියන ටික බලන්න. මෙතන තියෙන්නේ වෙන කොහෙද යන ලින්ක් එකක්.   
 
මේ සිදුවීම ජි මේල් වලට විතරක් නෙමෙයි යාහු, පේපැල්, වගේ ඕනෑම ප්‍රසිද්ධ වෙබ් අඩවියක් ඉලක්ක කරගෙන සිදුවෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලගේ සංවේදී තොරතුරු අලුත් කිරීම, නැවත ඇතුලත් කිරීම, වගේ දේවල් ඉල්ලා හිටියොත් පොඩ්ඩක් ඒ ගැන විමසිල්ලෙන් කරන්න. හැමවෙලාවෙම මේල් එකවුන්ට් වල රිකවරි ඔප්ෂන් වලට SMS එකක් ගෙන්න ගන්න පුළුවන් දුරකතනයක අංකයක් දීලා තියන්න.

කවදාවත් ක්‍රෙඩිට් කාර්ඩ් සම්බන්ධ තොරතුරු කෙලින්ම කිසිම වෙබ් අඩවියකට ඇතුලත් කරන්න එපා. ඒ වෙනුවෙන් වගකීමක් ගන්න වෙනම විශ්වාසවන්ත වෙබ් අඩවි තියෙනවා. අපි ගනුදෙනු කරන මුදල වෙනුවෙන් යම්කිසි කාලයකට වගකියනවා. පේපැල් වගේ ඒවා.

මේ දේ ඔයාලට කියන්න හිතුනේ වෙන දෙයක් නිසා නෙමෙයි, බ්ලොග්කරුවෝ විදියට ජි මේල් එකවුන්ට් එක හැක් උනොත් ඉවරමතමා. සෑහෙන දේවල් කැපකරගෙන අමාරුවෙන් ඇදගෙනයන බ්ලොග නැති උනොත් මොනවා කරන්නද?  ඒ ගැන කියන්න දෙයක් නෑ මම හිතන්නේ. 

මේ වගේ හේතු නිසාම ගූගල් සේවාව මගින්ම ආරක්ෂක උපක්‍රම කීපයක් හදුන්වලා දීලා තියෙනවා කැමතිනම් බ්ලොග් එක කරන මේල් එකවුන්ට් එකට වත් දාගන්න.  

සෑහෙන කාලෙකින් ලියන්න වෙලාවක් ලැබුනේ. ලියුවේ නැත්තේ මොකෝ කියලා කුරුටු අහලත් තිබුනා. ස්තුතියි කුරුටු.

එහෙනම් නැවත හමුවෙමු. වෙනදා වගේම ප්‍රශ්න තියෙයි නම් ඉතින් මෙල්ලුවක් කොටන්න. ජය වේවා....!
Related Posts Plugin for WordPress, Blogger...