Thursday, October 16, 2014

එකවුන්ට් කීපයක මේල් එකකට ගෙන්න ගන්න - Email Forwarding.

මම දන්න විදියට අපේ බ්ලොග් කරුවෝ ගොඩක් වෙලාවට බ්ලොග් එකට වෙනම ඊ මේල් ඇඩ්රස් එකකුත් එදිනෙදා පාවිච්චියට වෙනම මේල් එකක් පාවිච්චි කරනවා. 
එතකොට ඒ මේල් බලන්න එක මේල් එකකින් ලොග් අවුට් වෙලා අනිකට ලොග් වෙන්න ඕනේ. 
එහෙම නැත්නම් වෙනත් වෙබ් බ්රෝව්සරයක් පාවිච්චි කරන්න ඕනේ.
එහෙම නැත්තන් පොඩි ක්‍රමයක් තියෙනවා ඊමේල් ෆොර්වඩ්න්ග් (Forwarding) . ඊමේල් ඇඩ්රස් කීපයක් පාවිච්චි කරන අයට මේ ක්‍රමය ප්‍රොයෝජනවත් වෙයි. 

මේ ක්‍රමය හැම ඊමේල් එකකම වගේ නොමිලේ ලබාදෙන සේවාවක්. කොහොම නමුත් ජීමේල් තවත් ජීමේල් එකකට ඊමේල් ෆොර්වොර්ඩ් කරන විදිය දැනට කියන්නම්.

මෙහෙම හිතමු, අපි ගාව ඊමේල් ඇඩ්රස් දෙකක් තියෙනවා මේවගේ,

1. test@gmail.com

2. test1@gmail.com

අපිට දැන් ඕනේ test@gmail.com එකට එන ඔක්කොම මේල් ටික test1@gmail.com කියන මේල් ඇඩ්රස් එකට ගෙන්න ගන්න.

හරි වැඩේ ලේසියි. එහෙනම් පටන් ගමු.

ඉස්සෙල්ලම test@gmail.com එකට ලොගින් වෙන්න. එකෙන් දැති රෝදයක් වගේ තැනින් සෙටින්ග්ස් (Settings) වලට ගිහින් Forwarding and POP/IMAP තෝරාගන්න. 

පහලින් තියෙන පින්තුරේ බලන්න.


ඔතනින් Add a Forwarding Address කියන තැනි ක්ලික් කරන්න. එතකොට පහලින් පෙන්නන පින්තුරේ වගේ එකක් එයි.  


ඔතනට ඊමේල් ගෙන්නගන්න ඕන ඇඩ්රස් එක නැත්නම් test1@gmail.com දාන්න. ඊට පස්සේ "Next" කරන්න. එතකොට කන්ෆර්ම් කරන්න කියයි. 


මොකා..... කන්ෆර්ම්.....!! හරි.. හරි.. කලබල වෙන්න කාරී නෑ........

ඔතනදි ගුගල් සේවය බලාපොරොත්තු වෙන්නේ මේ අදාල ඊමේල් ගිණුම් දෙකම ඔයාට අයිති හෝ ඔයාට ලොගින් වෙන්න පුලුවන්ද කියන එක හොයලා බලන එක විතරයි.


ඔතනදි කරන්න ඕනේ යටින් තියෙන සේව් බටන් එකෙන් සේව් කරලා,  මේ මේල් එකවුන්ට් එකෙන් ලොග් අවුට් වෙලා test1@gmail.com එකට ලොගින් වෙන්න. එකට ඊමේල් එකක් ඇවිත් තියෙයි. 
ඔකේ තියෙනවා කන්ෆෙර්මේෂන් කෝඩ් එකක්. එක කොපි කරලා අපහු test@gmail.com එකට ලොගින් වෙලා Confirmation Code කියන තැන පේස්ට් කරලා Verify කරන්න.

ඊටපස්සේ Forward a copy of incoming mail to (test1@gmail.com) and Mark Gmail’s Copy as read කියන එක අනිවාර්යෙන්ම තෝරන්න. 

Mark Gmail’s Copy as read :
 
Mark Gmail’s Copy as read කියන ඔප්ෂන් එකකේ කරන්නේ, test@gmail.com මේල් ඇඩ්රස් එකට එන මේල් test1@gmail.com එකට ෆොර්වර්ඩ් උනහම ඒ අදාල ඊමේල් එක "කියෙව්වා" කියලා ලකුණු කරන එක.

දැන් වැඩේ හරි. යටින්ම තියෙන තියෙන සේව් බටන් එකෙන් සේව් කරලා, test1@gmail.com එකට ලොගින් වෙලා බලන්න.
මේල් දැන් ෆොර්වර්ඩ් වෙන්න ඕනේ.
ඔක්කොම මේල් එන්නේ ඉන්බොක්ස් එකට එකටත් පොඩි වැඩක් තියෙනවා කරන්න. වෙනම ෆෝල්ඩර් එකක් හදලා එකට යන්න හදන්නේ. මේ ක්‍රමය හරිගියේ නැතිබව සහෝදර මට කිව්වා. එහෙම නම් මට කියන්න, ඒ ගැන තව හොයලා බලලා කියන්නම්. වැඩේ කරන්න කලින් test@gmail.com එකෙන් ඔයාට ෆොර්වර්ඩ් උන මේල් එකක් හොයාගන්න

    
මේ පින්තුරේ විදියට ඒ මේල් එක විතරක් ටික් එක දලා තෝරාගන්න. ඊට පස්සේ උඩින් රතු පාටින් කොටුකරලා තියෙන තැනින් Create New තෝරාගන්න. 

පහල පින්තුරේ බලන්න.


ෆොර්වර්ඩ් වෙන මේල් දාන්න වෙනම හදන්න යන ෆෝල්ඩර් එකට කැමති හෝ ගැලපෙන නමක් දාගන්න. 
නම් විතරක් දලා වෙන මුකුත් කරන්නේ නැතුව Create කරන්න. එතකොට ඔයාට ඉන්බොක්ස් එක යටින් ඔයා හදපු ෆෝල්ඩර් එක පෙනෙයි. 

ප. ලි. - මිතුරු බ්ලොග්කරුවන්ගෙන් මාගේ ශ්‍රී දේහය බේරාගනු වස් මෙසේ (බොරුවට) පොස්ට් කෑල්ලක් කොටා මාරුවෙන්නට තීරණය කලෙමි. වෙනදා සේම තාක්ෂණික ගැටළු ඇත්නම් පමණක් දැනුම් දෙනලෙස කාරුණිකව ඉල්ලාසිටිමි. 

ඒ අතරම සල්ලි ප්‍රශ්න, ඉඩං නඩු , බූත දෝෂ , කසිප්පු කේස් ,රේප් කේස් බාර නොගන්නා බවද  කරුණාවෙන් සලකන්න. 

ඔබට ජය...!!!! 

42 comments:

  1. Replies
    1. යකෝ නිමෝ ... මං කරගත්ත මහම ගොං වැඩේ තමයි කාර්යාලීය වැඩවලට පාවිච්චි කරපු ඊමේල් එක බ්ලොග් එකටත් දාගත්ත එක.. දැං මක්ක කරන්නෙයි .. දෙකෙන් එකක්වත් වෙනස් කරන්න බෑ.. නැද්ද මේකට විසඳුමක්...

      ජ ය වේ වා !!!

      Delete
    2. කාර්යාල ඊමේල් එකෙන්ද බ්ලොගට ලොග් වෙන්නේ??
      admin@ithelpzone.info දාන්න ඊමේල් එකක්. බලමු කරන්න පුළුවන් දේ.

      Delete
    3. පාස්ව්‍ර්ඩ් එකත් එක්කම දාහං ඈ !!!!

      Delete
    4. අන්න හරි. ඒකත් දාහන් ඈ...!

      Delete
    5. මටත් ඕකමයි බොලවු වෙලා තියෙන්නෙ. ඔක්කොම සෙල්ලම් එකම මේල් එකෙන්. බයේ බෑ වෙලාවකට.

      Delete
    6. ඇඩ්මින් ෂිප් එක අනික් මේල් එකවුන්ට් එකට දැම්ම නං හරි...
      පරණ එක අයිං කරල අලුත් එකෙන් වැඩ පටං ගන්න පුලුවං කිසි ප්‍රස්නයක් නැතිව

      Delete
    7. රයිට් නිමෝ .. එලකිරිවගේ බඩු වැඩ...
      බුදු අම්මෝ තියන සං තෝසේ.....

      ඒ ප්‍රිත්‍රිය (ප්‍රීති එපා - බොබසේ) නිමිත්තෙන්.. හෙට ගල් බෝතලයක් ගහනවා....

      මචෝ පට්ට තැන්කිව් කරපු උදව්වට..

      හෙට කෝල් කරන්නං... එහෙනං

      ජ ය වේ වා !!!

      Delete
    8. ප්‍රිෙයා් ... // ඔක්කොම සෙල්ලම් එකම මේල් එකෙන්. බයේ බෑ වෙලාවකට.// බයවෙන දවස්ටික අල්ලල අතිං කරපං.. ඩී..

      Delete
  2. එළකිරි, බඩු වැඩ!
    තැන්කුයි මචෝ,
    අනේ මක්ක හරි කොටපාං සතියකට දවසක්වත්, ශ්‍රී දේහය පිළිබඳ කටයුතු අපි පලාගන්නං

    ReplyDelete
    Replies
    1. වැඩක් උනා නම් එළ.
      හිතන් ඉන්නේ දිගටම පොස්ට් දාන්න තමා,, කොහෙද ඉතිං වැඩ වැඩි උනාම වෙලාවක් නෑ නෙව.

      Delete
  3. //ඒකෙන් දැති රෝදයක් වගේ තැනින් සෙටින්ග්ස් //

    මට පෙනුනෙ හිරමණ තලයක් වාගෙනෙ බං.. චැහ්

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඔව්... බොට කොමත් අවුල් වෙලා නෙව පෙන්නේ, ඕනේ නම් එතන මන් " හිරමණ තලයක් " කියලා වෙනස් කරන්නං.

      Delete
  4. නිමෝ....................

    හරි වැදගත් කතාවක්. අපිටත් මේල් දෙක බැගින් තියෙනවා. බ්ලොගයට එකයි අනික් වැඩ වලට එකයි....................... දැන් ට්‍රයි කරනවා මේ වැඩේ කරගන්න..

    ReplyDelete
    Replies
    1. මේක කරගන්න බැරි වෙන එකක් නෑ. උදවුවක් ඕනේ නම් ඉතින් මේල් එකක් දාන්න.

      Delete
    2. අනේ උඹලටත් දෙක දෙක තියෙනවද? මට දෙකක් නෑනෙ! ඇඬෙනවා බොලවු තනි ඇහැට. :'( :'( :D

      Delete
    3. ආඬි අට දෙනාගේ බ්ලොග් එක

      Delete
  5. gmailවලට විතර ද පුළුවන්?

    ReplyDelete
    Replies
    1. මම දන්න හැටියට මේ පහසුකම හැම මේල් සේවාවක් එක්කම නොමිලේ ලබාදෙනවා. ඒ එක්කම ඕනෑම ගිණුමකින් ඕනෑම ගිණුමකට මේල් ෆොර්වඩ්න්ග් කරන්න පුළුවන්.

      මේ උදාහරණ කීපයක් විතරයි
      Gmail to Yahoo, Yahho to Gmail, Hotmail to Yahoo, Hotmail to Gmail,

      Delete
  6. හැක් ..මේ වගේ ප්‍රශ්න තියෙන්නෙ මට විතරයි කියලා මං හිතුවේ මට තව උදව්වක් ඕන බන් මේ බුකි එකවුන්ට් දෙකකට එක pc එකකින් එක්වරම යන්න පුළුවන් ද ???

    උඹ එදා වෙනම පොස්ට් එකක් වගේ මට එවපු මෙල නිසා ගොඩ ගියා දැන් වැඩ සුපිරියටම අර ෆොල්ඩර් වැඩේ ආයේ කරලා බලන්න ඕන එහෙම නැතත් අවුලක් නෑ ,ස්තුතියි නිමෝ
    මේ 4වෙනි පාර කෝ කමෙන්ටු දාපු එවා

    ReplyDelete
    Replies
    1. බුකියේ සැරිසරන්නේ නැති නිසා ඒ ගැන වැඩි දැනුමක් නෑ. කොහොමත් වෙබ් බ්රෝව්සර් දෙකකින් වෙන වෙනම ලොගින් වෙන්න පුළුවන්. හොයල බලලා මෙල්ලුවක් දාන්නම්කො. කොමෙන්ට් ටික ස්පෑම් එකෙත් නෑ, අනේ මංදා බහිරවයා ගිල්ලද දන්නේ නෑ.

      Delete
  7. මට තියෙන ලොකුම ප්‍රශ්ණය - අද වහින්ඩ වගේ!! (උඹ පෝස්ට් එකක් මෙවුවා කරලා නොවැ!) හැක්! :D

    ReplyDelete
    Replies
    1. අප්පේ අදත් වැස්සොත් හෙම තෙමි තෙමි තමා යන්න වෙන්නේ. කමක් නෑ බොලන්ලා නාන්නෙත් නැහැ නෙව......!!!!!!

      Delete
  8. මටත් කෝකටත් තෛලෙ කියලා එකම මේල් එකයි බන් තියෙන්නෙ. එක, දෙක කර ගන්න සිස්ටොම් එකක් නැත්ද?

    ReplyDelete
    Replies
    1. තියෙනවා......!!
      පිහියක් අරන් දෙකට කපහන්. නැත්තං දෙකට කැඩෙන්න කොහේ හරි ගහපං.
      (අලුතෙන් එකක් හදහන් බං.)

      Delete
    2. එක දෙක කරගන්න නං ඉතිං :D

      කොල්ලෙක් හොඳා නේ ?? කෙල්ලෙක් නෙවැ ඉන්නේ

      Delete
    3. ආයෙත් අහලා...!! :D

      Delete
  9. බොහොම ස්තූතියි නිමෝ... වටින ලිපියක්!

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා මචං...!!

      Delete
  10. ඉස්සර නං නිමෝ මචෝ තන්ඩබර්ඩ් යූස් කලා මොකද ගූගල් දෙය්ය වුණත් වෙලාවකට මාන්දමික තත්වයට පත්වෙනව ඒ හන්ද දැං 8ග1 තියෙන හංද ගිනි ගිනි ගින්දර වගේ දෙකක් නෙවී තුනක්වුණත් සින්ක්‍රොනයිස් වෙනව...

    අයි ටී දැනුම විධිමත්ව බෙදා දෙනවාට මගේ උත්තමාචාරය
    ඉදල හිටල මං ඔය ලොරි ටෝක් එකක් දෙකක් දුන්නට මං දන්නෑ ඕව කියල දෙන්න... කිසිම විධිමත් බාවයක් නෑ නෙව...
    ඔහේ එහෙං මෙහෙං අතපත ගාල උස්සපු ටිකක් විතරයි..
    ඔහැක්...
    ජයවේවා
    ආයත් එංඤං කො

    ReplyDelete
    Replies
    1. තන්ඩර් බර්ඩ් හොද මේල් ක්ලයන්ට් එකක්. ස්තුතියි මතක් කිරීමට. විදිමත් බව නම් දන්නේ නෑ, බලන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදියට උපරිම සරල කරලා ලියන්න උත්සහා කරන්නේ. අපහු එමුකො මේ පැත්තේ එහෙනං.....ජය වේවා...!!

      Delete
  11. අඩෝ තාක්ෂනිකයා , උඹේ මේ බ්ලෝග අප්ඩේට් වෙන්නේ නෑනේ මගේ රෝලේ, එක හදලා දීපං ඉස්සෙල්ලා . නැත්තම් තොට බියර් පොවලා බයිසිකලේක යවනවා දැනගනින් .

    මේ වැඩේ හොඳයි ,ඕකේ කොහොමද හොයාගන්නේ කොයි මේල් ඇඩ්රස් එකට එන මෙල්ද කියලා , අනික රිප්ලයි කරනකොට කොහොමද අදාළ මේල් එකෙන්ම රිප්ලයි කරන්නේ

    ReplyDelete
    Replies
    1. ඔය පහලින් තියෙන ලින්ක් එකෙන් ගිහින් ඒ විදියට කොරල බලහං, අනිවාර්යෙන්ම ෆලෝ කරන්න පුළුවන්.

      බියර් නැතුව පොඩ්ඩක් සැර දෙයක් ගන්න බැරිද..?? බියර් වලට දැන් වෙරි වෙන්නේ නෑ... වගේ.

      http://www.ithelpzone.info/2014/03/blog-post.html

      ඉවාන්, මෙ විදියට කලහම වෙන්නේ එක ගිනුමක තියෙන මේල් කොපියක් තවත් ගිණුමකට යවන (Forward) කරන එක විතරයි.
      ඔය කියන විදියට ඒ ගිණුමෙන්ම ඊමේල් යවන්නත් ඕනේ නම් මිට වඩා ලොකු වැඩක් තියෙනවා කරන්න. ඒක දැනට කරන්න පුළුවන් ජීමේල් මේල් ගිණුම් දෙකකින් විතරයි.

      Delete
  12. තැන්කූ නිමෝ.... මේක නම් හුඟක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. වැඩක් උනා නම් සතුටුයි.

      Delete
  13. බොහොම ස්තුතියි.

    ReplyDelete
  14. ඒක හොඳ ක්‍රමයක් නෙ. තැන්කූ නිමෝ :)

    ReplyDelete
  15. ඒක හොඳ ක්‍රමයක් නෙ. තැන්කූ නිමෝ :)

    ReplyDelete

හිතුන දෙයක් තියෙනවනම් නොකියා මාරුවෙන්න එපා හොදේ........!
ගල් මුල්, යෝජනා, චෝදනා, ඕනදෙයක්.....!

Related Posts Plugin for WordPress, Blogger...