Tuesday, October 21, 2014

ඊමේල් එකෙන් පොස්ට් පබ්ලිෂ් කරන්න. - Publish Post From E-mail.

ගොඩ කාලෙකට පස්සේ බොරු පොස්ට් එකක් දාලා නිකන් ඇග බේරගත්තා. අද කියන්න යන්නේ ඊමේල් එකකින් බ්ලොගර් පොස්ට් එකක් පබ්ලිෂ් කරන විදිය ගැන. මේ ක්‍රමය කොයි තරම් සාර්ථක හා ප්‍රායෝගිකද කියන එක දැනගන්න වෙන්නේ සහෝදර බ්ලොග්කරුවන්ගෙන්ම තමයි. මේ ක්‍රමය ගොඩක් ප්‍රොයෝජනවත් වෙන්නේ ජංගම දුරකතනයෙන් පොස්ට් ටයිප් කරන අයට. ටයිප් කරලා එහෙන්මම පොස්ට් කරලා දාන්නත් පුළුවන්.

හරි..... 
වැඩේ කරන්න කලින් පොඩි සෙට්ටින්ග්ස් ටිකක් හදාගන්න තියෙනවා,

ඉස්සෙල්ලාම බ්ලොගර් ඩෑෂ් බෝර්ඩ් එකට ලොගින් වෙලා "Settings" වල තියෙන "Mobile and Email" ඔප්ෂන් එකට යන්න.
එතනින් "Add Mobile Device" කියන එක තෝරාගන්න. 


පහල පින්තුරේ බලන්න 





එතන තෝරගත්තට පස්සේ පහලින් තියෙන පින්තුරේ වගේ මෙනු එකක් එයි.


එතන වෙරිෆිකේෂන් කෝඩ් එකක් එනවා. මේ කෝඩ් එක අහබු ලෙස (Randomly) දෙන කෝඩ් එකක්.
මේ කෝඩ් එක අපි ගූගල් එකට යවන්න ඕනේ.මේ කෝඩ් එක යවන්න ඕන go@blogger.com ඊමේල් එකට. ඊමේල් එකට "Subject" එකක් අවශ්‍ය නෑ. 

අනික් වැදගත්ම දේ තමයි, ඔය මේ ඊමේල් එක go@blogger.com යවන ඊමේල් ඇඩ්රස් එක තමා පොස්ට් එක පබ්ලිෂ් කරන මේල් ඇඩ්රස් එක විදියට ගන්නේ. ඒ නිසා ඒ ගැන සැලකිලිමත්වෙන්න. 
 
ඊමේල් එකේ බොඩි එකට වෙරිෆිකේෂන් කෝඩ් එක විතරක් ටයිප් කරලා යවන්න. එතකොට ඊමේල් එකට කන්ෆර්මේෂන් මේල් එකක් එයි. එතනින් කන්ෆර්ම් කරන්න. ඊට පස්සේ සෙට්ටින්ග්ස් පේජ් එක රිෆ්‍රෙශ් කරන්න. එතකොට පේජ් එක පහල පින්තුරේ තියෙන විදියට වෙනස් වෙයි. 



ඔතන මම රතු පාටින් කොටු කරලා තියෙන තැනට ඔයා go@blogger.com මේල් ඇඩ්රස් එකට මේල් එක යවන්න පාවිච්චි කරපු මේල් ඇඩ්රස් එක පෙන්නයි

හරි...... 
ඊට පස්සේ කරන්න තියෙන්නේ, පොස්ට් එකක් ලියලා, ඒක මේල් එකේ බොඩි එකට පේස්ට් කරලා, මේල් එකේ "Subject" එකට දාන්න ඕනේ ඔයාට පොස්ට් එකට දාන්න ඕන මාතෘකාව,
(E-mail Subject = Post Topic). ඊට පස්සේ go@blogger.com එකට සෙන්ඩ් කරන එක. 

ඔය පහල පින්තුරේ තියෙන්නේ එහෙම මේල් එකෙන් දාලා ටෙස්ට් කරපු පොස්ට් එකක්.

 
 
එහෙනං... ජය වේවා...!! කරලා බලලා හොද නරක කියමුකෝ...!!


Thursday, October 16, 2014

එකවුන්ට් කීපයක මේල් එකකට ගෙන්න ගන්න - Email Forwarding.

මම දන්න විදියට අපේ බ්ලොග් කරුවෝ ගොඩක් වෙලාවට බ්ලොග් එකට වෙනම ඊ මේල් ඇඩ්රස් එකකුත් එදිනෙදා පාවිච්චියට වෙනම මේල් එකක් පාවිච්චි කරනවා. 
එතකොට ඒ මේල් බලන්න එක මේල් එකකින් ලොග් අවුට් වෙලා අනිකට ලොග් වෙන්න ඕනේ. 
එහෙම නැත්නම් වෙනත් වෙබ් බ්රෝව්සරයක් පාවිච්චි කරන්න ඕනේ.
එහෙම නැත්තන් පොඩි ක්‍රමයක් තියෙනවා ඊමේල් ෆොර්වඩ්න්ග් (Forwarding) . ඊමේල් ඇඩ්රස් කීපයක් පාවිච්චි කරන අයට මේ ක්‍රමය ප්‍රොයෝජනවත් වෙයි. 

මේ ක්‍රමය හැම ඊමේල් එකකම වගේ නොමිලේ ලබාදෙන සේවාවක්. කොහොම නමුත් ජීමේල් තවත් ජීමේල් එකකට ඊමේල් ෆොර්වොර්ඩ් කරන විදිය දැනට කියන්නම්.

මෙහෙම හිතමු, අපි ගාව ඊමේල් ඇඩ්රස් දෙකක් තියෙනවා මේවගේ,

1. test@gmail.com

2. test1@gmail.com

අපිට දැන් ඕනේ test@gmail.com එකට එන ඔක්කොම මේල් ටික test1@gmail.com කියන මේල් ඇඩ්රස් එකට ගෙන්න ගන්න.

හරි වැඩේ ලේසියි. එහෙනම් පටන් ගමු.

ඉස්සෙල්ලම test@gmail.com එකට ලොගින් වෙන්න. එකෙන් දැති රෝදයක් වගේ තැනින් සෙටින්ග්ස් (Settings) වලට ගිහින් Forwarding and POP/IMAP තෝරාගන්න. 

පහලින් තියෙන පින්තුරේ බලන්න.


ඔතනින් Add a Forwarding Address කියන තැනි ක්ලික් කරන්න. එතකොට පහලින් පෙන්නන පින්තුරේ වගේ එකක් එයි.  


ඔතනට ඊමේල් ගෙන්නගන්න ඕන ඇඩ්රස් එක නැත්නම් test1@gmail.com දාන්න. ඊට පස්සේ "Next" කරන්න. එතකොට කන්ෆර්ම් කරන්න කියයි. 


මොකා..... කන්ෆර්ම්.....!! හරි.. හරි.. කලබල වෙන්න කාරී නෑ........

ඔතනදි ගුගල් සේවය බලාපොරොත්තු වෙන්නේ මේ අදාල ඊමේල් ගිණුම් දෙකම ඔයාට අයිති හෝ ඔයාට ලොගින් වෙන්න පුලුවන්ද කියන එක හොයලා බලන එක විතරයි.


ඔතනදි කරන්න ඕනේ යටින් තියෙන සේව් බටන් එකෙන් සේව් කරලා,  මේ මේල් එකවුන්ට් එකෙන් ලොග් අවුට් වෙලා test1@gmail.com එකට ලොගින් වෙන්න. එකට ඊමේල් එකක් ඇවිත් තියෙයි. 
ඔකේ තියෙනවා කන්ෆෙර්මේෂන් කෝඩ් එකක්. එක කොපි කරලා අපහු test@gmail.com එකට ලොගින් වෙලා Confirmation Code කියන තැන පේස්ට් කරලා Verify කරන්න.

ඊටපස්සේ Forward a copy of incoming mail to (test1@gmail.com) and Mark Gmail’s Copy as read කියන එක අනිවාර්යෙන්ම තෝරන්න. 

Mark Gmail’s Copy as read :
 
Mark Gmail’s Copy as read කියන ඔප්ෂන් එකකේ කරන්නේ, test@gmail.com මේල් ඇඩ්රස් එකට එන මේල් test1@gmail.com එකට ෆොර්වර්ඩ් උනහම ඒ අදාල ඊමේල් එක "කියෙව්වා" කියලා ලකුණු කරන එක.

දැන් වැඩේ හරි. යටින්ම තියෙන තියෙන සේව් බටන් එකෙන් සේව් කරලා, test1@gmail.com එකට ලොගින් වෙලා බලන්න.
මේල් දැන් ෆොර්වර්ඩ් වෙන්න ඕනේ.
ඔක්කොම මේල් එන්නේ ඉන්බොක්ස් එකට එකටත් පොඩි වැඩක් තියෙනවා කරන්න. වෙනම ෆෝල්ඩර් එකක් හදලා එකට යන්න හදන්නේ. මේ ක්‍රමය හරිගියේ නැතිබව සහෝදර මට කිව්වා. එහෙම නම් මට කියන්න, ඒ ගැන තව හොයලා බලලා කියන්නම්. වැඩේ කරන්න කලින් test@gmail.com එකෙන් ඔයාට ෆොර්වර්ඩ් උන මේල් එකක් හොයාගන්න

    
මේ පින්තුරේ විදියට ඒ මේල් එක විතරක් ටික් එක දලා තෝරාගන්න. ඊට පස්සේ උඩින් රතු පාටින් කොටුකරලා තියෙන තැනින් Create New තෝරාගන්න. 

පහල පින්තුරේ බලන්න.


ෆොර්වර්ඩ් වෙන මේල් දාන්න වෙනම හදන්න යන ෆෝල්ඩර් එකට කැමති හෝ ගැලපෙන නමක් දාගන්න. 
නම් විතරක් දලා වෙන මුකුත් කරන්නේ නැතුව Create කරන්න. එතකොට ඔයාට ඉන්බොක්ස් එක යටින් ඔයා හදපු ෆෝල්ඩර් එක පෙනෙයි. 

ප. ලි. - මිතුරු බ්ලොග්කරුවන්ගෙන් මාගේ ශ්‍රී දේහය බේරාගනු වස් මෙසේ (බොරුවට) පොස්ට් කෑල්ලක් කොටා මාරුවෙන්නට තීරණය කලෙමි. වෙනදා සේම තාක්ෂණික ගැටළු ඇත්නම් පමණක් දැනුම් දෙනලෙස කාරුණිකව ඉල්ලාසිටිමි. 

ඒ අතරම සල්ලි ප්‍රශ්න, ඉඩං නඩු , බූත දෝෂ , කසිප්පු කේස් ,රේප් කේස් බාර නොගන්නා බවද  කරුණාවෙන් සලකන්න. 

ඔබට ජය...!!!! 
Related Posts Plugin for WordPress, Blogger...