Tuesday, March 18, 2014

බ්ලොග් ෆලෝ කරන්න බැරිද? මෙන්න විසදුම.

නිතර දෙවේලේ මේල් දාන්න හදාගත්ත ජි මේල් එකවුන්ට් එක අයින් කරලා වෙන ජි මේල් එකවුන්ට් එකකට බ්ලොග දාගත්තා. දාගත්තා තමයි එවෙලේ ඉදන්  බ්ලොගක් ෆලෝ කරනවා බොරු. දවස් තුනක් කට්ට කෑවා, එත් හරිගියේ නෑ.මම හිතුවේ මේක මට  විතරක් වුන වැඩක් කියලා. බැලින්නම් නෑ. කොහොමින් කොහොම හරි මම වෙන විදියක් හොයා ගත්තා.

                                                        මෙහෙම එරර් එකක් තමයි එන්නේ.
අනිවා මේක ගූගල් එකේ අව්ලක්. දැන් සෑහෙන දවසක් වෙනවා. පොඩි විසදුමක් හොයාගත්තා දැනට ඒක සාර්ථකයි.



ඕකට කරන්න තියෙන්නේ බ්ලොගර් ඩෑෂ් බෝර්ඩ් එකට ලොගින් වෙන්න. www.blogger.com වලින් 




එතකොට මේ විදියට පෙනෙයි. ඔතන තියෙන Add බටන් එක සිලෙක්ට් කරන්න.
(ඔය රතු පාටින් කොටු කරලා තියෙන්නේ.)

 



එතකොට මේ විදියේ කොටුවක් පෙන්නනවා. "Add from URL" එතනට බ්ලොග් ඇඩ්රස් එක කොපි කරලා පේස්ට් කරන්න. 

"Following Option" වලින් ෆලෝ කරන ක්‍රමය තෝරන්න පුළුවන්.

ඔතන තියෙන +Add බටන් එකෙන් බ්ලොග් ඇඩ්රස් කීපයක් උනත් එකසැරේ ෆලෝ කරන්න පුළුවන්. 
(මේ නිකන් වැඩි වැඩ ඕනේ නෑ නේ)

ඊට පස්සේ පහලින් තියෙන Fallow බට්න් එක ක්ලික් කරා නම් හරි. 
(ඔය පහලින් තියෙන්නේ තැබිලි පාටින්)

 support-sl.blogspot.com/2014/03/blog-post_15.html

මෙතැනදී හොදට මතක තියාගන්න, බ්ලොග් ඇඩ්රස් එක කොපි කරද්දී බ්ලොග් URL එක විතරක් ගන්න. මම උඩින් දාලා තියෙන ලින්ක් එකේ යටින් ඉරක් ඇදලා තියෙන ටික බ්ලොග් ඇඩ්රස් එකට අයිති වෙන්නේ නෑ. ඒ නිසා ඒ ටික අනිවාර්යෙන්ම මකන්න.

.com කියන තැනට වෙනකන් විතරයි බ්ලොග් ඇඩ්රස් එක එන්නේ. අත්හදා බලන්න ඕනේ නම් මගේ බ්ලොග් ඇඩ්රස් එක පාවිච්චි කලාට මම නම් අමනාප නෑ. (මේ ඇත්තමයි)
මගේ බ්ලොග් ඇඩ්රස් එක - support-sl.blogspot.com
 
 එහෙනම් කට්ටියට ජය වේවා....! ගැටළු ඇත්නම් මේල් කෑල්ලක් දාන්න.


23 comments:

  1. ෂහ් නියමයි නිමො... මම ඊයේ ඉදන් හෙව්වේ තැන්කිව්,
    තව කීප දෙනෙක් ඉන්නවා හොයන පාර කියන්නම්

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ටැංකු වේවා මේ පැත්තට ආවට. ඒ වගේම ෆලෝ කරලා අනික් අයට පාර කියනවට.
      ජය වේවා..

      Delete
  2. We cannot finish adding . Please reload the page and check it again. මෙහෙම කියන්නෙ ඇයි අනේ?

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ ආවට ටැංකු. පුලුවන්නම් නම් ස්ක්‍රීන් ෂොට් එකක් මේල් කරන්න. අනිවා කරන්න පුළුවන් දෙයක් කරන්නම්.
      admin@ithelpzone.info

      Delete
  3. බොහොම ස්තුතියි නිමො....දෙවියො දුන්නා වගේ..............

    ReplyDelete
    Replies
    1. ඔබ නොවේ ආ යුත්තේ Sasha යි..

      Delete
    2. මේ පැත්තේ ආවට ටැංකු. ගැටළුවක් නැතුව ඔයාට Add කරගන්න පුළුවන් වෙලා වගේ. ජය වේවා.

      Delete
  4. මගේ අප්පේ කොල්ල වැඩේ ගොඩ දාගෙන..

    ReplyDelete
    Replies
    1. යැස් යැස්, කොහොමහරි විකල්පයක් සොයාගත්තා. ටැංකු මේ පැත්තට ආවට.

      Delete
  5. හොඳ තොරතුරක්. බෙදා ගත්තාට ස්තුතියි !

    ReplyDelete
    Replies
    1. ප්‍රොයෝජනවත් උනා නම් ඒ ගැන සතුටුයි. ටැංකු මේ පැත්තේ ආවට. ජය වේවා...!

      Delete
  6. බොහොම ස්තුතියි සහෝ! මේකනම් ඇත්තටම වටිනවා..මටත් මේ අවුල තිබුනා

    ReplyDelete
    Replies
    1. වැඩේ ගොඩ ගියානම් එච්චරයි.මේ පැත්තේ ආවට ටැංකු. ජය වේවා...!

      Delete
  7. හොදයි මං ලින්කුව දාන්නම් මගේ පොස්ටුවකට වැදගත්වෙයි කස්ටියට

    ජයවේවා!!!!!

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ ආවට ටැංකු වේවා... ප්‍රොයෝජනවත් උනා නම් පාර කියමු නේ. එහෙනම් ජය වේවා...!

      Delete
  8. මාත් හිතුවෙ මට විතරක් තියන අවුලක් කියල..
    අලුතින් යන්න ගත්තු බ්ලොග් කිහිපයක්ම ෆලෝ කරන්න බැරිව හිටියෙ..
    බොහොම ස්තූතියි..!!!

    ReplyDelete
    Replies
    1. ප්‍රයෝජනවත් උනා කියන්නේ මම සාර්ථකයි. ටැංකු වේවා ගොඩවැදුනට.
      ජය වේවා.....!

      Delete
  9. තාමත් අවුල තියෙනවද නිමෝ, මේ ක්‍රමෙත් හොදයි මගේ තිබිරිගේත් ලියුවා දවසක් මේක . හොදයි මෙහෙම පෝස්ට් එකක් දාපු එක

    ReplyDelete
    Replies
    1. තාමත් තියනවා අපුර්වී අක්කේ. ජීමේල් මේ දවස්වල පිස්සු නටනවා. ඊමේල් එකවුන්ට් එක මාරුකලාට පස්සේ මේ විදියටමයි බ්ලොග් ෆලෝ කලේ. තාමත් ජීමේල් සපෝර්ට් එකෙන් රිප්ලයි නෑ.
      තැන්කූ මේ පැත්තේ ආවට. ..ජය.!

      Delete
  10. පල පල ඩෝ..බොරු කියන්නේ නැතුව.මටත් මේ වැඩේ සෙට් උනා හැබැයි.එල..... එල....

    ReplyDelete
    Replies
    1. තෝ පල,,, තොටත් උනානම් තේරෙයි......

      Delete
  11. වටින වැඩක් නෙව මේක.. ජය වේවා..!!

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං,
      තැන්කු වේවා මේ පැත්තටත් ගොඩවැදුනට, ජය.......!!!

      Delete

හිතුන දෙයක් තියෙනවනම් නොකියා මාරුවෙන්න එපා හොදේ........!
ගල් මුල්, යෝජනා, චෝදනා, ඕනදෙයක්.....!

Related Posts Plugin for WordPress, Blogger...