Tuesday, January 28, 2014

පෙන් එකෙන් එන ඔටෝ රන් වයිරස් නවත්තන්න. USB Disk Security.

අද කියන්න යන්නේ පෙන් එකෙන් එන ඔටෝ රන් වයිරස් නවත්තන්න පුළුවන් ක්‍රමයක්. 

ගොඩක් වෙලාවට ප්‍රතිවයිරස් මෘදුකාංග මගින් ඔටෝ රන් වයිරස් හදුනාගන්න පරක්කු වෙනවා හෝ හදුනාගන්නේ නෑ. ගොඩක් වෙලාවට මම දැකලා තියෙන දෙයක් තමයි රේටින් වලින් ගොඩක් උඩින් තියෙන ප්‍රතිවයිරස් මෘදුකාංග වලිනුත් මේක ගොඩක් සාර්ථකව කෙරෙන්නේ නෑ.

ඒ වෙනුවෙන් තමයි මේ මෘදුකාංගය හදුන්වල දෙන්නේ. ඉතාම පුංචි ඉඩ ප්‍රමාණයක් හා මතක (Memory) ප්‍රමාණයක් ලබාගන්න මේ මෘදුකාංගය පෙන් එකෙන් එන ඔටෝ රන් වයිරස් නවත්තන්න ගොඩක් සාර්ථකයි.

USB Disk Security නිල වෙබ් අඩවියට පිවිසෙන්න.

මෙතනින් ආරක්ෂක උපාංග නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න පුළුවන්. 


මතක ඇතුව ලකුණු කරලා තියෙන තැන හරි ලකුණ (Tick) එක දාලා තියන්න.



මෙතනින් පෙන් එක ස්කෑන් කරන්න පුළුවන්.

USB Disk Security නිල වෙබ් අඩවියට පිවිසෙන්න.










ජය වේවා......! තව පොස්ට් එකකින් නැවත හමුවෙමු....!

Wednesday, January 22, 2014

වින්ඩෝස් 7 සහ 8 වලින් අමතර මෘදුකාංග නැතුව පාර්ටිෂන් කරන්න. Shrink From Win 7 & 8


 වින්ඩෝස් 7 සහ 8 භාවිතා වන සමහර පරිඝනක වල ගොඩක් වෙලාවට තියෙන්නේ එක Partition එකයි.

මෙහෙම වෙන්නේ පරිඝනක නිෂ්පාදකයා විසින්ම අව්‍යාජය (Original) මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරලා වෙළද පොලට නිකුත් කරානම් හෝ වැරදීමකින් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමේදී Partition කරන්න අමතක උනානම්.

මේ වගේ අවස්ථාවකදී සාමාන්යෙන් අපි තුන් වන පාර්ශවයේ මෘදුකාංගයක සහය පතනවා. ඒත් වින්ඩෝස් 7 සහ 8 වල මෙම පහසුකම මෙහෙයුම් පද්ධතියේම සපයා තියෙනවා.

මතක තියාගන්න මෙතැනදී Partition කිරීමක් කිව්වට හරියටම වෙන්නේ හාර්ඩ් ඩිස්ක් එකේ තියෙන ෆයිල් සිස්ටම් එකෙන් කොටසක් වෙන්කරගෙන ඒ කොටස Partition එකක් විදියට පෙන්වීම්යි.

මේ හේතුව නිසා හැමවෙලේම නිදහස් ඉඩ ප්‍රමාණයෙන් පමණයි Partition එක සදහා ඉඩකඩ ලබාගන්න පුළුවන්. ඒ කියන්නේ හාර්ඩ් ඩිස්ක් එකේ තියෙන ෆයිල් නැති හරිය අන්තිම හරිය වගේ. 
  
" ඔක්කොටම කලින් හාර්ඩ් ඩිස්ක් එක Defrag කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි."
 
ඉස්සෙල්ලම My Computer රයිට් Click  කරලා Manage තෝරාගන්න.



එතනින් Disk Management තොර ගන්න. එතකොට මේ වගේ වින්ඩෝ එකක් පෙන්වයි. 


Partition කරන්න අවශ්‍ය කරන Drive එක උඩ රයිට් Click කරහම මෙනු එකක් පෙන්නයි.  




Change Drive Latter and Paths...

මෙතනින් ඔයාට ඕනකරන ඩ්‍රයිව් එකක පාත් එක වෙනස් කරන්න පුළුවන්. උදාහරනයක් විදියට ( E:\ ) ලෙස තියෙන සිඩි හෝ ඩ්ව්ඩ් රොම් එකට වෙනත් පාත් එකක් දෙන්න පුළුවන්. 
මේක හාර්ඩ් ඩිස්ක් එකටත් කරන්න පුළුවන් හැබැයි ( C:\ ) ඩ්‍රයිව් එක වෙනස් කරන්න බෑ, මොකද කියනවනම් වින්ඩොස් මෙහෙයුම් පද්දතිය විසින් මේ ඩ්‍රයිව් එක පාවිච්චි කරන නිසා. ඒ වගේම මතක තියාගන්න මේවිදියට වෙනස් කලහම ඒ අදාල පාර්ටිෂන් එකේ වැඩකරන සියලුම ගොනු වල පාත් එක වෙනස් වෙනවා. ඒ නිසා මොනවහරි මෘදුකාංග ස්ථාපනය කරලා තියෙනවනම් ඒ ගැන පරිස්සම් වෙන්න. 
පස්සේ මාව අනුභව කරන්න තනනවා එහෙම නෙමෙයි..


Shrink Volume... 

වැඩේ ශ්රින්ක් කරන එක ගැනනෙ. දැන් එක තමයි කරන්න යන්නේ.

Shrink Volume... තොර ගත්තම මෙ විදියේ වින්ඩෝ එකක් පෙන්නයි.



1. මෙතන මම තෝරගෙන තියෙන හාර්ඩ් ඩිස්ක් එකේ ධාරිතාව 80GB.

2. Shrink කරන්න පුළුවන් ඉඩ ප්‍රමාණය. නැත්නම් මේ ප්‍රමාණයෙන් Partition එක හදන්න පුළුවන්. 


3. Partition එකේ ප්‍රමාණය වෙනස් කරනවානම්.


4. Partition කරන්න කලින් තිබුන Partition එකේ ධාරිතාවය අලුත් Partition එක හැදුවට පස්සේ.

මෙතැනදී 3 කියන තැනින් ඔයාට අලුත් Partition එකේ අදාල ධාරිතාවය අවශ්‍ය ප්‍රමාණයට වෙනස් කරගන්න පුළුවන්.





  
මෙතැනදී මම හදන අලුත් Partition එක 50GB එකක් විදියට හදාගන්නවා.



මෙතන Unallocated කියලා හැදෙන නිදහස් ඉඩ ප්‍රමාණය හැදුනේ Shrink කරාට පස්සේ. හැබැයි තාම ඒක පාවිච්චි කරන්න පුළුවන් මට්ටමක නෑ.
ඒකට හේතුව තමයි, හදපු Partition එක තාම Format 
කලේ නෑ.


 ඒක කරන්නේ මෙහෙමයි.




 මෙතැනින් New Simple Volume තෝරාගන්න.

 මෙතැනින් Next කරන්න.



  මෙතැනින්නුත් Next කරන්න.


 

මෙතැනින් ඔයාට Drive Latter එක තොර ගන්න පුළුවන්.
(Partition එකට ඉස්සරහින් එන Latter එක.)



File System.
මෙතැනින් Format කරන්න ඕනේ ක්‍රමය තොර ගන්න පුළුවන්.
(NTFS තියන්න.)

Volume Label.
මෙතනින් Partitionඑකට නමක් දෙන්න පුළුවන්


ඊළගට එන වින්ඩෝ එක Finish කරහම වැඩේ ඉවරයි.
ජය වේවා....! තව පොස්ට් එකකින් හමුවෙමු.


 









Friday, January 17, 2014

ඇන්ඩ්‍රොයිඩ් වලින් ටොරන්ට් බාන්න (Flud - Torrent Downloader)

දැන් ගොඩක් දෙනෙක් ගාව ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් කෑලි තියෙන නිසා මෙහෙම පොස්ට් එකක් දාන්න හිතුවේ.
මේ ඇප් එක හොයාගත්තේ ගූගල් දෙයියා ගාව තිබුණු සෑහෙන ඇප් ටැස්ට් කොරලා කොරලා හෙම්බත් උනාට පස්සේ.


https://play.google.com/store/apps/details?id=com.delphicoder.flud
                                Flud - Torrent Downloader

ඔය කට්ටිය කියන ප්‍රසිද්ද ගණයේ ඇප් වලින්වත් ප්‍රයෝජනයක් ගන්න බැරි උනා. ෆෝන් රාජයා ස්ලීප් මෝඩ් ගියගමන් ඩවුන්ලෝඩ් ඩවුන්.

මේ ඇප්  එක ඒ අතින් සෑහෙන ඉදිරියෙන් ඉන්නේ.

සාමාන්‍ය පරිඝනකයේ භාවිතා කරන ටොරන්ට් ඇප්ලිකේෂන් එකකින් කරන දේවල් ගොඩක් මේකෙන් කරන්න පුළුවන්.


පාවිච්චි කරලා හොද නරක කියමු බලන්න. 


දැන් කොම්පුටර් රාජයා ඉන්දැද්දි මොන ඇන්ඩ්‍රොයිඩ් ද කියලා තොපිලා මාව කන්න එපා

මේකෙන් විදුලි බිලත් අඩුකරගන්න පුළුවන්.


ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින් යන්න.

Tuesday, January 14, 2014

ක්ලීන් මාස්ටර් (Clean Master)


ඇන්ඩ්රොයිඩ් භාවිතා කරන ගොඩක් දෙනා දන්නවා ඇති අත්විදලා ඇති, කාලයක් යනකොට ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මන්දගාමී (Slow) වීමක් වෙනවා. 
මේකට තියෙනවා නියම විසදුමක්.

ක්ලීන් මාස්ටර් මෘදුකාංගය. 

මේකෙන් ප්‍රධාන වශයෙන්,





1.අනවශ්‍ය ලෙස තැන්පත් වෙලා තියෙන ගොනු මකන්න පුළුවන්.


2.අනවශ්‍ය ලෙස භාවිතා වෙන මතක (Memory) ප්‍රමාණය අඩු කරන්න පුළුවන්.


3.වෙබ් බ්‍රොව්සරයේ තැන්පත් වෙලා ඇති පුද්ගලික තොරතුරු ඉවත් කරන්න පුළුවන්.(password)


4.අනවශ්‍ය මෘදුකාංග කළමනාකරණය කරන්න පුළුවන්.


මීට අමතරව මතක ප්‍රමාණය(Memory), ධාරිතා ප්‍රමාණය(Capacity), දැනට භාවිතා වෙන මෘදුකාංග  ගැන සවිස්තරාත්මකව බලාගන්න. ඒවා ඉවත් කරන්න පුළුවන්.


ක්ලීන් මාස්ටර් මෘදුකාංගය බාගන්න මෙතනින්.






Monday, January 6, 2014

Power ISO ගැන දැනගන්න. (Part-1)





Power  ISO කියන්නේ තවත් ගොඩක් ප්‍රොයෝජනවත් මෘදුකාංගයක්. මේකෙන් ගොඩක් දේවල් කරගන්න පුළුවන්. පොඩියට හදුන්වාදීමක් කරන්නම්.


පහලින් දාලා තියෙන නිල වෙබ් අඩවියෙන් මේක බාගන්න. ඊට පස්සේ Install කරලා ඉවර වෙද්දී මේ වගේ එකක් පෙන්නයි. 

ඔය පිළිවෙල ඔය විදියටම තියන්න. 


Power ISO ඕපන් කරපු ගමන් මේ විදියට මැසේජ් එකක් එනවා. මේ කියන්නේ ඔබ Power ISO  හි අත්හදා බැලීමේ සංස්කරණය පාවිච්චි කරන වගයි.
ගැටළුවක් නෑ, Continue Unregistered බටන් එක ක්ලික් කරන්න.  



දැන් හරි..., දැන් තමා වැඩ කෑලි ටික තියෙන්නේ.

මෙතනින් CD හෝ DVD එකක් Image File  එකක් විදියට ගන්න පුළුවන්.
තව USB Drive එකක් Bootable කරන්නත් පුළුවන්. මම ඒ ගැන විස්තර කරන්න යන්නේ නෑ.
ඔතන තියෙන Make CD/DVD/Blu-ray Image File… කියන තැන තෝරාගන්න.



එතකොට මේ විදියට වින්ඩෝ එකක් එනවා.

මෙතන 1 වෙනි කොටුව තියෙන තැනින් CD / DVD Rom  එක තෝරාගන්න පුළුවන්.
2 වෙනි කොටුව තියෙන තැනින් Image  File  එක Save  කරන ක්‍රමය (Format) එක තෝරාගන්න පුළුවන්. (ISO  විදියට තියන්න.)
3 වෙනි කොටුව තියෙන තැනින් Image  File  එක Save  කරන තැන තීරණය කරන්න පුළුවන්.


මේ කිව්වේ එක වැඩක් ගැන විතරයි. මීට වඩා තව ගොඩක් දේවල් මේ ගැන දැන ගන්න තියෙනවා. තව පොස්ට් එකකින් හමුවෙමු.

Friday, January 3, 2014

VLC Player Histroy. (VLC Player මෘදුකාංගයේ අතීතය.)




අපි කවුරුත් වගේ දැනට භාවිතා කරන ඉතාමත් සාර්ථක මෘදුකාංගයක් කිව්වොත් නිවැරදියි. ඒ ගැන පොඩ්ඩක හොයලා බැලුවා, හොයාගන්න පුළුවන් උන තොරතුරු ටිකක් දැම්මා. 


VLC Media Player සදහා පටන් ගත්ත වියාපෘතිය යොදාගනු ලැබුවේ 1996 දී විශ්ව විද්‍යාලයක පරිඝනක ජාලය හරහා වීඩියෝ දර්ශන විසුරුවා හැරීම සදහායි. මෙය මුලින් නිපදවනු ලැබුවේ පැරිසියේ පිහිටි ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක් වන École Centrale හි සිසුන් පිරිසක් විසිනි. නමුත් මෑත කාලය වන විට ලෝකය පුරා සිටින විවිද ක්‍රමලේඛණ ශිල්පීන්ගේ සහය ඇතිව ලාභ නොලබන සමාගමක් වන Video LAN සමාගම විසින් පවත්වාගෙන යයි.  


2001 පෙබරවාරි පළමුවැනිදා  සිට  École Centrale විසින් නොමිලේ නිකුත් කරන මෘදුකාංගයක් වශයෙන් VideoLan Server ලෙස නම් කෙරුණු ව්‍යාපෘතියේ නම VLC Media Player ලෙස වෙනස් කරමින් මෘදුකාංගයේ වෙනස්කම් කීපයක් සමගින් සියලු පරිඝනක භාවිතා කරන්නන් හට නිකුත් කෙරුණා. 

මේ සදහා භාවිතා කරන ලාංජනය (Logo) නිපයුනේ École Centrale හි ජාල ශිෂ්‍ය සංගමය මගිනි. (Networking Students' Association)

අවුරුදු දහ තුනක දීර්ග කාලයක නවීකරණ වලින් අනතුරුව
VLC Media Player හි පළමු සංස්කරණය (v 1.0.0) 2009 ජුලි 7 වෙනි දින නිකුත් කරනු ලබන අතර දෙවන සංස්කරණය (v 2.0.0) 2012 පෙබරවාරි 18 වන දින නිකුත් කරන ලදී. 

VLC Media Player හි සංස්කරණයන් පළමුව sourceforge.net වෙබ් අඩවියට පළමුව නිකුත් කෙරුණු අතර මේ වනවිට පරිශිලකින් බිලියන 1.3 පමණ මෙම මෘදුකාංගය පරිශීලනය සදහා ලබාගෙන ඇති බව සදහන්.


VLC Media Player හි සංස්කරණයන් ඇපල් සදහා වන ඇපල් ඇප් ස්ටෝර් සහ ඇන්ඩ්රෝයිඩ් සදහා වන ගූගල් ඇප් ස්ටෝර් වලිනුත් ලබාගත හැක.


මෙම මෘදුකාංගය Windows, OS X, iOS, Linux, Android, BSD, BeOS, OS/2, Solaris, Syllable සහ QNX යන මෙහෙයුම් පද්ධති සදහා නිපදවා ඇත. 

VLC Media Player හි නිල වෙබ් අඩවියට පිවිසෙන්න. 

මේක හදපු කවුරුහරි පාරේදී එහෙම දැක්කොත් ටැංකු කියලවත් කියපල්ලා..., එහෙනම් අපි ගියා, නැවත හමුවෙමු... 
ආ අමතක උනා....,
2014 සුබ අලුත් අවුරුද්දක් වේවා...!


Related Posts Plugin for WordPress, Blogger...