Tuesday, November 25, 2014

How To Root Your Android Mobile Without PC - පරිඝනකයක් නැතිව Root කරන්නේ කොහොමද?

මගේ ගාව තියෙන ඇන්ඩ්රොයිඩ් ෆොර්න් එක සෑහෙන පොඩි මතක ප්‍රමාණයක් තියෙන එකක්. මේ ෆොර්න් එක ගත්තේ Dialog එකෙන්. ඒ ගන්නකොට Dialog එකේ තියෙන ලට්ට ලොට්ට ඇප්ස් ඔක්කොම ඉන්ස්ටෝල් කරලා තමා දුන්නේ. ඒවා අයින් කරන්න ෆොර්න් එක Root කරන්න ඕනේ, මේක රූට් (Root) කරන්න ඕනේ කියලා හිතාගෙන හිටියට මොකෝ Warranty එකට තට්ටු වෙන නිසා නොකර හිටියා. මෙමරි බුස්ට් කරන්න තියෙන අරක මේක කර කර, රටේ නැති ඇප් දාගෙන හිටියේ. අන්තිමට හම්බුනා  Self Root කරන්න පුළුවන් නියම ඇප් එකක්. ඕන දෙයක් කියලා මේ ඇප් එක දාලා බැලුවා.වැඩේ ගොඩ.


හම්බුනේ English ඇප් එක නෙමෙයි. ඇප් එකේ මේ සංස්කරණයත් පරණ එකක් හැබැයි වැඩේ කරගන්න පුළුවන්. 

මුලුන්ම ෆොර්න් එකේ බැටරිය සීයට 50ක් (50%) වත් තියෙනවද කියල බලන්න. මේ වැඩේට ගොඩ වෙලාවක් යන්නේ නෑ, ඒ උනාට බැටරියේ ධාරිතාවය බලන්න. අනික් දේ වැදගත් කියලා දැනෙන ගොනු තියෙනවානම් මෙමරි කාර්ඩ් එකට නැත්නම් පරිඝනකයට ලබාගෙන ආරක්ෂා කරගන්න. මතක තියා ගන්න මේ ක්‍රමයට දුරකථනය Root කරන එක තමන්ගේ වගකීම. මේ ක්‍රමය මගේ ෆොර්න් එකට හරිගියා, ඔයාගේ එකට හරියන්නේ නැති වෙන්න පුළුවන්. අවධානමක් ගන්න කැමති නැත්තන් මේ ගැන දන්න කෙනෙක් එක්ක හෝ දන්න කෙනෙක්ට දීලා කරගන්න.

මෙතනින් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. මොකද මේ ඇප් එක ගූග්ල් ප්ලේ ස්ටෝර් එකේ නෑ.ඊට පස්සේ ෆොර්න් එකේ Settings වලට ගිහින්, Security Settings යටතේ, Unknown Resources කියන තැන ඉස්සරහින් "හරි" ලකුණ දාගන්න.

ඇප් එක ඉන්ස්ටෝල් කරලා, ඕපන් කරගත්තම මේ විදියට පෙනෙයි.  


1. Root.
මෙතන තෝරගත්තම Root කරන්න ඕනේ තැනට අපිට යන්න පුළුවන්. 
පහල පින්තුරේ වගේ,
මෙතැනදී පහලින් තියෙන කොලපාට බොත්තම එබුවහම Root වෙන්න පටන් ගන්නවා. එකපාරින් Root උනේ නැත්තන් තව පාරක් Root කරන්න. Root වෙලා ඉවර උනහම පහල පින්තුරේ වගේ "Rooted" කියලා පෙන්නන්න ඕනේ.


මෙහෙම පෙන්නනවා කියන්නේ වැඩේ හරි කියන එක. ෆොර්න් එක දැන් Root වෙලා තියෙන්නේ, දැන් පුළුවන් අපිට අවශ්‍ය නැති මෘදුකාංග ෆොර්න් එකෙන් අයින් කරලා දාන්න.

2. Application Permission Management.

අපි මොකක් උනත් ඇප් එකක් ඩවුන්ලෝඩ් කරනකොට අහනවා මේ ඇප් එක වැඩකරන්න මේ මේ විදියේ "Permissions" ඉල්ලනවා කියලා. මෙතනින් ගිහිල්ලා ඒ සෙට්ටින්ග්ස් වෙනස් කරන්න පුළුවන්. මොන ඇප් එකට මොන Permissions තියෙන්න ඕනෙද කියන එක අපිටම තීරණය කරන්න පුළුවන්.  

3. Clean Up Systemic Applications.

මෙතනින් තමා අපිට සාමාන්‍ය විදියට Uninstall කරන්න බැරි ඇප්ස් අයින් කරන්නේ. සාමාන්‍ය Uninstaller ඇප් එකක් වගේමයි. 

4. System Optimization. 
මේ ඔප්ෂන් එකෙන් කරන්නේ ෆොර්න් එක ප්‍රශස්තිකරණය (Optimize)කරන එක.ඒ උනාට මේ ඔප්ෂන් එක නම් සාර්ථක නෑ.

එහෙනම් ජයවේවා.....!!! නැවත හමුවෙමු.....!
 

9 comments:

  1. මේකෙන් රූට් වෙන්නෙ සුපර් යූසර් ද..
    නැත්තං වෙන මොකක් හරි එකද්ද..
    framaroot කියන්නෙ මේ වගේ තවත් ඇප් එකක් නිතරම යාවත් කාලීන වෙන ඇප් එකක් එක්ස් ඩී ඒ ඩිවෙලපර් වෙබ් සයිට් එකෙන් ගන්න පුලුවන් සුපයූස මයි දෙන්නෙ මට ඒක නං හරි ගියෙ නෑ... මේක යූස් කරන්න කලිං දැන ගන්න ඕන දෙන්නෙ සුපයූස ද කියල...

    ඉක්මණට උත්තරයක් දියෝ

    ReplyDelete
    Replies
    1. මම පාවිච්චි කරන්නේ Dialog K 35 ෆොර්න් එකක්, එක නම් රූට් උනේ සුපර් යුසර් විදියට. මේකෙත් අප්ඩේට් තියෙනවා. එතකොට Root Master කියන ඇප් එක iRoot කියල වෙනස් වෙනවා.

      Delete
    2. සුපර් යූසර් නං හොදයි මම ට්‍රයි කරලම බලල කියන්නං...
      තැංකිවි

      Delete
    3. වැඩ කරන්නෙ නෑ මට... මං අලුත් අප්ඩේට් එක්කු.ත් හොයල දාල බැලුව වැඩ නෑ...
      ගත්ත දවසෙ ඉදං ට්‍රයි කරන්නෙ මේ සෙද්ද රූට් කරන්න තාම බැරි වුණා

      Delete
    4. මොකක්ද ෆොර්න් මොඩල් එක. රූට් කලහම මොකද උනේ, රූට් ඇප් එක අත්බූත විදියට අතුරුදහන් උනාද..? එක පාරද රූට් කලේ, නැත්තං කී සැරයක් කලාද..?

      Delete
    5. හතර පාරක් ට්‍රයි කලා රූට් කියල දුන්නම 0% වැටෙනවනෙ.. ඊට පස්සෙ අර යට ලයින් හතරක් තියෙන්නෙ ඒකෙ පළවෙනි එක ඉස්සරහින් ටිකක් වෙලා යද්දි රතු පාටට කතිරයක් වැටුණ හතර පස් පාරම ඒමයි...
      මොඩල් එක එල් ජී ඔප්ටිමස් එල් සෙවන් 2 එකක්
      පී 710

      කොච්චර ට්‍රයි කලාද නිමෝ හරි යන්නෙම නෑ සෙද්ද

      Delete
    6. කරන්න පුළුවන් දෙයක් බලලා කියන්නම්, හිටු......!!

      Delete
  2. කොච්චර උනත් මට්ටු වීමක් නෑ. ඒ නිසා මාත් ට්‍රයි කරන්නම්. හැබැයි දැනට තියෙන එකනම් රූට් කරල තියෙන්නේ. ඒත් කොයි වෙලාවක හරි ඕනිවෙයිනේ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම කවදාහරි ඕනවෙයි. වරදින තරමට තමයි බන් අපි ඉගෙනගන්නේ.

      Delete

හිතුන දෙයක් තියෙනවනම් නොකියා මාරුවෙන්න එපා හොදේ........!
ගල් මුල්, යෝජනා, චෝදනා, ඕනදෙයක්.....!

Related Posts Plugin for WordPress, Blogger...