Thursday, November 27, 2014

Free LAN Messenger - නොමිලේ ලබාදෙන ජාලකරණ "Chat" මෘදුකාංගයක්.

අද අරන් ආවේ බොහොමයක් දෙනෙක්ට ගොඩක් ප්‍රොයෝජනවත් වෙන LAN Chatting මෘදුකාංගයක්. වැදගත්ම දේ මේ මෘදුකාංගය ක්‍රියාත්මක වෙන්න "Server" පරිඝනකයක් හෝ අන්තර්ජාල පහසුකම් අවශ්‍ය නොවීමයි. ගොඩක් වෙලාවට මේක ගොඩක්ම ප්‍රොයෝජනවත් වෙන්නේ සාමාන්‍ය ප්‍රමාණයේ කාර්යාලයකට වගේ. නිතරම කෝල් ගන්නවට වඩා සැහෙන දෙයක් මේ මෘදුකාංගයෙන් කරගන්න පුළුවන්. File Transfer, Group Chatting, වගේ දේවලුත් කරගන්න පුළුවන්. ඔක්කොටොම වඩා වැදගත් වෙන්නේ නම් ඕපාදුප කතාකරන්න.

http://lanmsngr.sourceforge.net/downloads.php

එත් එක්කම මේ මෘදුකාංගයේ සංස්කරණ දෙකක්ම තියෙනවා,

1. සාමාන්‍ය විදියට පරිගණකයේ ස්ථාවරව ස්ථාපනය කරන ක්‍රමය. (Installation)  
2. ස්ථාවරව ස්ථාපනය නොකර භාවිතා කිරීමේ ක්‍රමය. 
(Portable)

1. සාමාන්‍ය විදියට පරිගණකයේ ස්ථාවරව ස්ථාපනය කරන ක්‍රමය. (Installation)
මේ ක්‍රමයේදී සාමාන්‍ය විදියට අනෙකුත් මෘදුකාංග ස්ථාපනය කරනවා වගේ ස්ථාපනය කරගන්න පුළුවන්.

2. ස්ථාවරව ස්ථාපනය නොකර භාවිතා කිරීමේ ක්‍රමය. 
(Portable)
මේ ක්‍රමයේදී සාමාන්‍ය විදියට අනෙකුත් මෘදුකාංග ස්ථාපනය කරනවා වගේ ස්ථාපනය කිරීමක් සිදුවෙන්නේ නෑ. අදාල ගොනු සහිත ෆෝල්ඩරයෙන් අදාල අයිකනය තෝරාගෙන මෘදුකාංගය ක්‍රියාත්මක කරන්න පුළුවන්. අනවශ්‍ය වෙලාවට Exit කරලා තියන්නත් පුළුවන්. මේ ක්‍රමයේදී පරිඝනකයේ "Add or Remove Programs" තුලට මෘදුකාංගයේ විස්තර ඇතුලත් වෙන්නේ නෑ. මෘදුකාංගය ඉවත් කරන්නේ අදාල ගොනු සහිත ෆෝල්ඩරය මකා දැමීම පමණයි.   

මේ මෘදුකාංගයෙන් ලබාදෙන ප්‍රධාන විශේෂාංග පොඩ්ඩක් බලමු.

Instant messaging.
තමන්ගේ ජාලයේ (Network) එකේ ඉන්න අනිත් සාමාජිකයින් එක්ක Chat කරන්න පුළුවන්.

Secure messaging for privacy.
මේ යවන පණිවිඩ AES ආරක්ෂක ක්‍රමය යටතේ ආරක්ෂා කරලා යවන්නේ.

Broadcast messages
කීපදෙනෙක්ට එකවර පණිවිඩයක් යැවීමට ඇති හැකියාව.

File transfer.
ජාලය හරහා ගොනු මාරු කිරීමට ඇති හැකියාව.


Serverless architecture.
ජාලය තුල ප්‍රධාන පරිඝනකයක් නොමැතිව භාවිතා කිරීමට ඇති හැකියාව.

No internet connection required.
අන්තර්ජාල පහසුකමකින් තොරව ක්‍රියාකිරීම හා එම නිසා බාහිරින් විය හැකි අනතුරු වලින් ආරක්ෂාව.

Cross-platform support.
එකිනෙකට වෙනස් පාලන පද්ධති (OS) වල ක්‍රියා කිරීමට ඇති හැකියාව. Windows වගේම Linux, හා Mac පාලන පද්ධතිවල.
 



මේ පින්තූරේ තියෙන්නේ මේ මෘදුකාංගයේ සෙට්ටින්ග්ස් මෙනු එක. මේ ගැන වැඩි විස්තර කරන්න යන්නේ නෑ මොකද හරිම සරල විදියට ඕනෑම කෙනෙක්ට වෙනස් කරගන්න පුළුවන් විදියට තියෙන නිසා. මේක පාවිච්චි කරලා හොද නරක කියන්නකෝ. මේ සම්බන්ධව මොනාහරි ගැටළුවක් තිබ්බොත් මේල් එකක් දාන්න. එහෙනම් ජය වේවා....!!

Free LAN Messenger නිල වෙබ් අඩවියට පිවිසෙන්න.

9 comments:

  1. හා..................
    මේක මට වැඩක් නෑ බංන්ස් නිමෝ.........
    මං ඔපිසි යනවැයි

    ReplyDelete
    Replies
    1. වැඩක් නැති දේවල් තමයි ඉක්මනට ඕනේ වෙන්නේ බොලන්. උබ ඔපීසි යන්නේ නැත්තේ ඇයි බං.

      Delete
  2. අයියෝ සල්ලි...
    අනිච්චේ දුක්කේ සංසාරේ බවේ දුක හාදු දෙන රැයේ සිත හඩයි මා සනසා මා නැලවෙන්න සුදෝ රසකර ගී කාටදැයි ඔබ හා මෙමා අතිනත වෙලා....

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. මෙන්නෝ..... මුට සද මෝදු වෙලෝ......., මුව අංගොඩ ගෙනියන්න සපෝට් එකට කවුරුහරි වරෝ....!!!!

      Delete
  3. එල නීමෝ වටිනවා
    ජයවේවා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම, මටම සෑහෙන ප්‍රොයෝජනවත් උනා.

      Delete
  4. තැන්කූ තැන්කූ මේ තොරතුරු අපිත් එක්ක බෙදා ගත්තට ...

    ReplyDelete
    Replies
    1. ප්‍රස්නයක් නෑ, ගැටළුවක් කරගන්න එපා,
      අපි ඉන්නේ මේවා කියන්න නෙව.......

      Delete
  5. අපිටත් කැට අදින කාලෙට වැදගත් වෙන දෙයක්. ඉස්සර Xp වලිං නං නිකම්ම ඩොස් ප්‍රොම්ප්ට් එකේ චැට් කරන්න පුළුවං කම තිබුණා. ඒත් දැං තියෙන එව්වා එහෙම නෑ නේ.
    මේක දාගෙනම බලමු!!!
    ("කැට අැදීම = නියමිත රාජකාරියට අමතරව අහක යන වැඩ කිරීමට පැවරුණු විට, ඒවාට කාලය ගත කිරීම" අපේ අායතනික වචන මාලාවේ එහෙමයි)

    ReplyDelete

හිතුන දෙයක් තියෙනවනම් නොකියා මාරුවෙන්න එපා හොදේ........!
ගල් මුල්, යෝජනා, චෝදනා, ඕනදෙයක්.....!

Related Posts Plugin for WordPress, Blogger...