Monday, February 17, 2014

ජි මේල් - අවුට්ලූක් කන්ටැක්ස් සින්ක්. (Sync Outlook Contacts with Gmail Contacts)



අද කියන්න යන්නේ ගොඩක් දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතන ඇප්ලිකේෂන් එකක් ගැන.

ඊ මේල් වෙනුවෙන් ජි මේල් භාවිතා කරන කට්ටිය ගොඩ දෙනෙක් ඉන්නවා. ඒ වගේම ජි මේල් එක Outlook එකෙන්  පාවිච්චි කරන අයත් ඉන්නවා. එහෙම අයට මේ ගැටලුවත් ඇති. ඒක තමයි ජි මේල් එකට වෙබ් බ්රෝව්සරෙන් ලොග් වෙලා ඊ මේල් යවන කන්ටැක්ස් Outlook එකේ පෙන්නන්නේ නෑ. කොටින්ම කියනවනම් සින්ක් වෙන්නේ නෑ. ඒකට තියෙනවා පොඩි ටූල් එකක්.

Contacts Sync. 
මේක ඉතාම කුඩා මතක ප්‍රමාණයක් හා කුඩා ඉඩ ප්‍රමාණයක් ලබාගන්න ටූල් එකක්.

මේක සංස්කරණ දෙකකින් නිකුත් වෙනවා.

නොමිලේ නිකුත් කරන සංස්කරණයේ ජි මේල් ලිපින දෙකක් Outlook වලට සින්ක් කරන්න පුළුවන්.

සම්පුර්ණ සංස්කරණයේ ජි මේල් ලිපින දෙකක් හා Outlook එකිනෙක අතර කන්ටැක්ස් හුවමාරු (Merge) ආකාරයට සින්ක් කරන්න පුළුවන්.


 
අපි බලමු කොහොමද මේක සෙට් අප් කරන්නේ කියලා. 
මහා ලොකු දෙයක් නෑ. පොඩි වැඩයි තියෙන්නේ. 


Username, Password කියන තැන අදාල ජි මේල් ලිපිනයයි Password එකයි දන්නා ඕනේ. 
ඊට පස්සේ Outlook Folder For Synchronization කියන තැනින් Load Default Folders කියලා තෝරාගන්න. 
මතක තියාගන්න මේකෙන් තෝරාගන්නේ දැනට භාවිතා කරන Outlook Contacts File එක.

Synchronize Options වලින් ඔයාලට අදාල විදියට තෝරාගන්න. 
මම තෝරා ගත්තේ ජි මේල් එක මාස්ටර් කරලා, Outlook එකට කන්ටැක්ස් සින්ක් වෙන්න. 
එක අනෙක් පැත්තට කරන්නත් පුළුවන්. ඒ කියන්නේ Outlook  එක මාස්ටර් කරන්නත් පුළුවන්.
අදාල විදිය තෝරගත්තට පස්සේ "Save All Settings" කරලා Synchronize කරන්න.

Synchronize කරපුවහම Fetching Gmail Contacts කියලා පහළින්ම පෙන්නයි. ඒ කියන්නේ වැඩේ හරි කියන එක.

Other Settings වලින් අපි සකසන නියමිත වෙලාවකට සින්ක් වෙන්න හදන්න පුළුවන්. 
පැයෙන් පැයට හෝ කැමති වෙලාවක් සකසන්න පුළුවන්.

Contacts Sync හි නිල වෙබ් අඩවියට පිවිසෙන්න.

ජය වේවා...! තව පොස්ටුවකින් හමුවෙමු.

No comments:

Post a Comment

හිතුන දෙයක් තියෙනවනම් නොකියා මාරුවෙන්න එපා හොදේ........!
ගල් මුල්, යෝජනා, චෝදනා, ඕනදෙයක්.....!

Related Posts Plugin for WordPress, Blogger...