Wednesday, April 1, 2015

ඩවුන්ලෝඩ් කරන්න ඕනෙද..? මෙන්න ඊගල් ගෙට්. - EagleGet Download Manager.

http://www.eagleget.com/

EagleGet කියන්නේ නොමිලේ ලබාදෙන ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගයක්. මේ මෘදුකාංගයේ ගොඩක්ම ප්‍රොයෝජනවත් විශේෂාංගය වෙන්නේ ඕනෑම අඩවියකින් වීඩියෝ ඩවුන්ලෝඩ් කිරීමට තියෙන හැකියාව. මේ මෘදුකාංගය නොමිලේ ලබාදෙන සංස්කරණයකින් තියෙන එකත් ගොඩක් ලොකු වාසියක්. 

කරන්න තියෙන්නේ මෙතනින් ගිහින් දැනට යාවත්කාලින අලුත්ම මෘදුකාංග ගොනුව බාගන්න. ඊට පස්සේ සාමාන්‍ය මෘදුකාංගයක් පරිගණකයට ස්ථාපනය කරන විදියට ස්ථාපනය කරගන්න. ඊටපස්සේ තමා අපිට පොඩි වැඩක් කරන්න තියෙන්නේ.

මේ මෘදුකාංගය තමන්ගේ පද්ධතියට ස්ථාපනය කරගත්තට පස්සේ, තමන් භාවිතා කරන වෙබ් බ්රෝව්සරය ඕපන් කරන්න. එතකොට මෙහෙම පෙන්නයි. 
(මං පාවිච්චි කරන්නේ Firefox)

        
මේ අහන්නේ Flash Get මෘදුකාංගයෙන් වෙබ් බ්රෝව්සරේට ප්ලගින් එකක් (ආධාරක මෘදුකාංගයක්) ස්ථාපනය කරන්න අහනවා, ඒකට ප්‍රශ්නයක් නැද්ද කියලා.

මේකෙන් කිසිම ගැටළුවක් වෙන්නේ නෑ, මේකෙන් තමයි වෙබ් බ්රෝව්සරේ Flash Get මෘදුකාංගයත් එක්ක සම්බන්ධ කරන්නේ. 

මෙතැනදී කරන්න ඕනේ පහල තියෙන පින්තූරේ වගේ "Allow this installation" තැන "හරි" ලකුණ දාලා Restart Firefox තෝරාගන්න එක. එතකොට වෙබ් බ්රෝව්සරය රී-ස්ටාට් වෙනවා.

  
ඊට පස්සේ කරන්න තියෙන්නේ මොකක් හරි දෙයක් ඩවුන්ලෝඩ් කරන එක. එතකොට පහලින් තියෙන පින්තූරේ වගේ එකක් එයි.  ඔතනින් "OK" තෝරගත්තම අදාල ගොනුව ඩවුන්ලෝඩ් වෙනවා.



එහෙනම් අපි ගියා, පොස්ට් එක සම්බන්ධව ගැටළු මොනාහරි තියෙනවානම් කොමෙන්ට් එකක් හරි මේල් එකක් හරි දාන්න. ජය වේවා.....!!!!
________________________________________________________
ප.ලි : ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගයක් විදියට මම ගොඩක් දුරට පාවිච්චි කලේ IDM - Internet Download Manager කියන මෘදුකාංගය. ඒත් ඒ මෘදුකාංගය නොමිලේ ලබාදෙන සංස්කරණයක් නොමැති නිසා, දිගටම පාවිච්චි කරනවා නම් අඩුම තරමෙන් මාසෙට එක පාරක්වත් මෘදුකාංගය යාවත්කාලින කරන ගමන්ම Crack කරන්න ඕනේ, මේ වෙනකන් Crack මෘදුකාංග කිසිම දෙයක් දීලා නැති නිසා, ඒ සම්බන්ධව කරුණු කාරණා කතා කරමින් ඉන්නේ. මේ ගැන පුළුවන් නම් ඔයාලගේ අදහසකුත් එකතුකරලම යන්න.

9 comments:

  1. ඔය ජිගිරිබාං එක උඹගේ ගොංපීතරේට දාල නේද තියෙන්නේ , මං ඇවිත් මොක මොකවත් බාගන යන්නං

    ක්රැක් නෙමෙයි කක්ක හරි දාහං

    මේ රෙද්ද උඩ උපුටන්ඩ බැ , ඒක හදහං

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් මගේ ඩේටා ටිකටත් කෙලින්නයි යන්නේ.

      හයියෝ ඒවා බ්ලොගේ දාන්න බෑ,

      ඔන්න ඒකත් හැදුවා,

      Delete
  2. තැන්කූ තැන්කූ....

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වෙල්කම්,

      Delete
  3. වැදගත් වෙයි. ස්තුතියි තොරතුරට. බලමු ට්‍රයි එකක් දාල.

    ReplyDelete
    Replies
    1. ප්‍රොයෝජනවත් වෙයි අනිවාර්යෙන්ම,

      Delete
    2. වෙල්කම් හොදේ...!!

      Delete
  4. ඉස්සර නම් බොහොම ජනප්‍රිය මාතෘකාවක්. දැන් නම් ඉතිං කනෙක්ෂන් හොඳයිනේ.

    ReplyDelete
    Replies
    1. කනෙක්ෂන් හොද උනත් බාන වේගයේ සැලකිය යුතු වැඩිකිරීමක් කරන්න පුළුවන්, ඒ වගේම youtube වගේ අඩවි වලින් ඩිරෙක් ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන්, ආ...... වෙල්කම් වේවා...!!

      Delete

හිතුන දෙයක් තියෙනවනම් නොකියා මාරුවෙන්න එපා හොදේ........!
ගල් මුල්, යෝජනා, චෝදනා, ඕනදෙයක්.....!

Related Posts Plugin for WordPress, Blogger...