මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 10 හී පරිශීලක සංස්කරණය මේ අවුරුද්දේ ජූලි මස අග වෙද්දී නිකුත් කරන බව මයික්‍රොසොෆ්ට් සමාගමෙන් නිවේදනයක් නිකුත් කරා. එත් එක්කම එහෙන් මෙහෙන් තොරතුරු කීපයක් ලැබුනා, ලංකාවෙත් ප්‍රසිද්ධ සගරාවලත් එහෙම මේ පුවත පළවුණා. ඒ තමයි මේ වින්ඩෝස් 10 සංස්කරණය සියලුම පරිශීලකයන්ට නිකුත් කරන දිනයේ ඉදං අවුරුද්දක් යනකං නොමිලේ ලබාගන්න පුළුවන් කියලා. ඒ ගැන හොයාගත්ත තොරතුරු ටිකක් තමයි මේ.
ඒ ගැන පොඩ්ඩක් මේ විදියට පැහැදිලි කරන්නම්.
මේ විදියට වින්ඩෝස් 10 සංස්කරණය නොමිලේ ලබාගන්න පුළුවන් පිරිස් දෙකක් ඉන්නවා.
එක පිරිසක් තමයි____________________________
මේ වෙනකොට වින්ඩෝස් 7 හෝ වින්ඩෝස් 8 හෝ 8.1 යන සංස්කරණ වලින් එකක් හෝ කීපයක් මිලදී ගෙන තියෙන අයට. හරියටම කියන්නේ දැනටත් ඔරිජිනල් වින්ඩෝස් පාවිච්චි කරන අයට.
අනික් පිරිස තමයි____________________________
මේ වෙනකොට වින්ඩෝස් 7 හෝ වින්ඩෝස් 8 හෝ 8.1 යන සංස්කරණ වලින් එකක් හෝ කීපයක් මිලදී නොගෙන, Crack, Pirate, Counterfeit, සංස්කරණ භාවිතා කරන අය. හරියටම කියන්නේ ඔරිජිනල් නොවන වින්ඩෝස් පාවිච්චි කරන අයට.
මොනවා....!!!
හොර කොපි වලටත් වින්ඩෝස් 10 ඔරිජිනල් දෙනවා....!!!!
හා... හා.... හදිස්සි නැතුව ඉතුරු ටිකත් කියවලම ඉමුකො.
_______________________________________________________
මේ තියෙන්නේ මයික්‍රොසොෆ්ට් සමාගමෙන් ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ දාපු දැනුම්දීම.
(ලින්ක් එකට යන්න පින්තූරය උඩ තෝරන්න)
වින්ඩෝස් 10 සංස්කරණය නොමිලේ ලබාදීමේදී, Crack, Pirate, Counterfeit, භාවිතා කරන අයටත් නොමිලේ ලබාදීමක් කරනවා කියලා මෙතනදී මයික්‍රොසොෆ්ට් සමාගම කිසිම සදහනක් කරන්නේ නෑ. ඔවුන් සදහන් කරලා තියෙන්නේ "යවත්කාලින කිරීම සදහා සුදුසු උපාංග (PC, Windows Mobile) පමණක් නොමිළේ යවත්කාලීන කරනවා." කියලා විතරයි.
_______________________________________________________
මේ තියෙන්නේ www.pcworld.com වෙබ් අඩවියේ පල කරන ලද ලිපියක්.
මෙතැනදී පැහැදිලිවම කියනවා වින්ඩෝස් 10 සංස්කරණය නොමිලේ ලබාදීමේදී, Crack, Pirate, Counterfeit, භාවිතා කරන අයටත් නොමිලේ ලබාදීමක් කරනවා කියලා.
______________________________________________________
මේ තියෙන්නේ www.reuters.com වෙබ් අඩවියේ පල කරන ලද ලිපියක්.
මෙතැනදී පැහැදිලිවම කියනවා වින්ඩෝස් 10 සංස්කරණය නොමිලේ ලබාදීමේදී, Crack, Pirate, Counterfeit, භාවිතා කරන අයටත් නොමිලේ ලබාදීමක් කරනවා කියලා. මේ ප්‍රකාශය කරන්නේ මයික්‍රොසොෆ්ට් සමාගමේ, මෙහෙයුම් පද්ධති සම්බන්ධ විධායක උප සභාපති Terry Myerson.
ඔක්කොම පැත්තක තියලා ඇමතුවා ලංකාවේ මයික්‍රොසොෆ්ට් එකට, උන් දන්නේ නැත්තං කවුද දන්නේ..?
රින්ග්ස් ගිහින්, ගිහින්, ගිහින්, යන්තං එකෙක් ඉංගිරිසියෙන්
උදේට කෑවද?
දවල්ට කෑවද?
කියලා කියන්න ගත්තද නැත්තන් මට ඇහුන විදියද දන්නේ නෑ .
උගෙන් ඇහුවම,
(හරිම හිමිං)
"ලොකු අයියේ මෙන්න මෙහෙම මයික්‍රොසොෆ්ට් එකෙන් ඒ කිව්වේ ඔයැයිලගේ කොම්පැනියෙන් වින්ඩෝස් 10 නිකන් දෙන්න යනවා කියන්නේ, ඇත්තද ඈ....?? "
එතකොට ඒ යකා කියපි,
(මල් පොකුරක් අතේ අරං)
"මොන ගල් පැලෙන බොරුද මල්ලී ඔය කියන්නේ....? අපි කවදද නිකන් දුන්නේ, ඔයාට පිස්සු තද වෙලාද...? නිකන් එන්න එපා නෝන්ඩිය දාන්න"
එන පොට හොද නැති නිසා " ආ.. ආ.. හරි හරි අයියේ කියලා ශේප් උනා"
ඒ උනාට මගේ පපුවේ ගින්දර දන්නේ මම නෙව......,
ෆොර්න් එකේ රී-ඩැල් බටෝන් එක ඔබලා ආපහු ඇමතුවා,
ඒ පාර නං ඇහුනේ හීනියට...
සුරූපී,
සුකොමාල,
තැන්පත්, ගෑල්ලමෙක්ගේ කටහඩක්,
"හෙලෝ..... *^*& &*5 @#$^ &_(+ &^*()()* "
(ඇගිල්ලෙන් පොලොව හුරන්න බැරිනිසා සපත්තුව හූරමින්)
" මේ... නංගි....., ඇත්තද ඔයාලා වින්ඩෝස් 10 නිකන් දෙනවා කියන්නේ...?"
එතකොට ඒ ළමය කියපි,
"අනේ අයියා, මම නං දන්නේ නෑ මේ නම්බර් එකට අරන් බලන්න."
"හා දෙන්න නංගි..."
අනේ කරුමෙක මහත,
එතනින් වෙන තැනකට,
එතනිනුත් තවත් තැනකට,
ඔය විදියට මාව රවුමේ යවලා.., යවලා.., යවලා.., යවලා.., යවලා.., යවලා.., යවලා..,
පස් හය සැරයක් කරවලා යන්තං යමක් කමක් තේරෙන එකෙක් ගාව නැවතුනා. මේ පාර නං මට මල් පොකුරක්ම පැනල තිබුනේ. එත් තත්වේ සෝචනීයයි. මිනිහගෙන් ඇහුවම මිනිහ කියපි,
"හලෝ...."
(මොරායල් හඩින්)
"හලෝ අයියේ, "
"මේ ඔයාල වින්ඩෝස් 10 නිකන් දෙනවද...? ඒ කතාව ඇත්තද..?"
"පිස්සුද මල්ලි අපි නම් දෙන්නේ නෑ, ඔය ටොරන්ට් දෙන කට්ටිය වින්ඩෝස් 8 වල නම වෙනස් කරලා දෙනවා ඇති. ඔයා කොහොමද මේක දන්නේ..?"
(නැවතත් මොරායල් හඩින්)
"එතකොට මයික්‍රොසොෆ්ට් සයිට් එකේ දාලා තියෙන්නේ...? "
(ඉතාමත් නිවිච්ච හඩකින්)
"ආ..... ඇත්තද මල්ලී, එහෙම එකක් මයික්‍රොසොෆ්ට් සයිට් එකේ දාලා තියෙනවද..? අපි දන්නේ නෑනේ. ඔයා මෙහෙම කරන්න, අපිට මේල් එකක් දාන්න අපි හොයල බලලා කියන්නං හොදේ, බායි..."
එතකොට මමද මයික්‍රොසොෆ්ට් එකේ ඉන්නේ උන්ද..? ලංකාවේ මයික්‍රොසොෆ්ට් සමාගමෙන් උත්තරයක් නැති තැන ඇමරිකාවේ මයික්‍රොසොෆ්ට් සමාගමේ පාරිබෝගික සේවා මද්යස්ථානයෙන් විමසීමක් කරන්න සිද්ධ උනා.
කොහොම නමුත්, ඇමරිකාවේ මයික්‍රොසොෆ්ට් සමාගමේ පාරිබෝගික සේවා මද්යස්ථානයෙන්
පාරිබෝගික සේවා මද්යස්ථානයෙන් ලබාදුන්න මේ තොරතුර ඇත්ත නම් Terry Myerson කියලා තියෙන්නේ බොරුද...?? එතකොට කවුද වැරදි....??
මෙතැනදී මතක තබා ගන්න ඕනේ කරුණක් තමයි,මයික්‍රොසොෆ්ට් කියන්නේ මේ වෙනකන්ම Crack, Pirate, Counterfeit, මෘදුකාංග හා මෙහෙයුම් පද්ධති භාවිතය නිසා හොදටම පහර වැදුන සමාගමක්.
Crack, Pirate, Counterfeit, මෘදුකාංග හා මෙහෙයුම් පද්ධති භාවිතයෙන් ඉවත් කරන්න ඔවුන් කොච්චර උත්සහා කලත්, මේක හැබෑ නොවෙන හීනයක් කියල දැනගත්තට පස්සේ ඒ පස්සෙන් යන එක නවත්තලා වෙනත් අදායම් මාර්ග වලට යොමු උනා. එත් වින්ඩෝස් 10 නොමිලේ ලබාදෙනවා නම්, Crack, Pirate, Counterfeit, මෙහෙයුම් පද්ධති භාවිතයෙන් ඉවත් කරන්න ඔවුන්ගේ තවත් එක පියවරක් වෙන්නත් පුළුවන්.
කොහොම නමුත් ගොඩක් දුරට වෙන්න පුළුවන් දේ හා මයික්‍රොසොෆ්ට් සමාගම නිල වශයෙන් නිකුත් කරලා තියෙන ප්‍රකාශයට අනුව, මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් නිත්‍යානුකුල පිටපත් භාවිතා කරන අයට විතරක් මේ අදාල යාවත්කාලින කිරීම වින්ඩෝස් 10 සංස්කරණය නිකුත් කල දින සිට අවුරුද්දක කාලයක් නොමිලේ ලබාදීම සිදුකිරීමයි.
කරුණු කාරණා එක්රැස් කරලා විශ්ලේෂණය කලාට පස්සේ මට හිතෙන දේ තමා මේ ලිපියේ සදහන් කරලා තියෙන්නේ. මයික්‍රොසොෆ්ට් සමාගමේ මේ තීරණය ඕනෑම වෙලාවක ඕනෑම ආකාරයකට වෙනස් වෙන්නත් පුළුවන්.
ප.ලි - ඕන එකක් සිලිං දෙකයි කියලා මම දන්න, හොදට වැඩකරන වින්ඩෝස් 7 වලම ඉන්නවා.
"කොන්දේසි සහිතයි"
ReplyDeleteවටිනා ලිපියක්
අටංගෙ පාර ඔස්සේ පැමිණියා
කොන්දේසි නැතුව ඉතින් මුකුත් දෙනවද?
Deleteස්තුතියි,
එල . මමනම් Ubuntu පවිචේ කරන්නේ ඒක නිසා Windows ඕනේ නැහැ
ReplyDeleteනොමිලේ දෙන නිසාත් වයිරස් කරදර නැති නිසාත් උබුන්ටු හොදයි. එත් පොඩි පොඩි අඩුපාඩු නැත්තේම නෑ.
Deleteඒ උනත් සල්ලි වලට දෙන එක හොරෙං අරං පාවිච්චි කිරීම තරම් ආතල් වැඩක් තියෙනවයැ... මං නං ඔය ජනෙල් දහය ආපු ගමං පයිරට් කොපිය බාගෙන පාවිච්චි කරනවා...
Deleteනොමිලේ දුන්නෙ නැත්ත නොමිලේ දුන්නත් ලංකාවෙ අය කොහොමත් ගන්නෙ "නොමිලේ"මනෙ :D
ReplyDeleteආයෙ අහන්නත් දෙයක්ද ඕක. :D
Deleteබොහෝ දුරට ඕක හොරු අල්ලන මිසොං එකක් වෙන්නත් බැරි නෑ...
ReplyDeleteහැබැයි එකක් මං නං අම්මෙ මුත්තෙ කීවත් අප්ග්‍රේඩ් කොරන්නෙ නං නෑ කොහෙං හරි හොයල ඔබා ගන්නව මිසක... ආයෙ මොකටද නිකං හොර නාමෙ ගාගන්නෙ
ඔව් ඉදගෙන
මටත් ඕකම හිතෙනවා. ඔව් ඔව් කොහොමත් අප්ග්‍රේඩ් කරන්න යන්න එපා. හම්බුනාම බොට මම කියන්නං.
Delete2.5 කෝ ටූ ඩුවෝ එකට හොඳ මොකද්ද බං? අනික ඔය ටෙන් ඔලට ඩ්‍රයිවස් තියනවද?
ReplyDeleteඩ්‍රයිවස් එන්න නම් ටික කලක් යයි,
Delete2gb වත් RAM තියෙනවනම් වින්ඩෝස් 7 අව්ලක් නෑ. 1gb වලත් වැඩ කරනවා,
මටත් හරියන්නේ වින්ඩෝස් 7 තමයි.. 8 එක්ක වැඩ කරන්න ගිහින් මඥ්ඥං වෙන අපි තව 10ක් ගත්තොත්.. නිකං නෙවෙයි සල්ලි වලටවත් එපා.. හැක්. (අටම් තමයි පාර පෙන්නුවේ)
ReplyDeleteවින්ඩොස් 8 වලින් මයික්‍රොසොෆ්ට් එක නා ගත්තා.
Deleteවින්ඩෝස් 8 වලදී අයින් කරපු ස්ටාර්ට් මෙනු එක දැන් 10 වලදී මොඩිෆයි කරලා ආපහු දාලා. ඒ තරමට අව්ලක් නෑ ටෙස්ටින් වර්ෂන් එක මම දාලා බැලුවා.
ටෙක් ප්රවීව් එක මාත් දාලා බැලුවා. ඩ්‍රයිවර්ස් නැති එක තමයි ලොකුම පාඩුව. කන්ස්යුම' ප්රවීව් එකක් වත් තවම අාවෙ නෑ නේ. කෙලිං ම එන්ඩ් ප්‍රඩක්ට් එක දෙන්නද කොහෙද හදන්නෙ!!!
Deleteකෝකටත් ඕක බිමට බාගෙන අැඟිල්ලක ඔබලා ලැපට රිංගෝනවා මිසක්කා, අප්ග්‍රේඩ් කොරන්ට නං නාකයි ඕං!!
කෝමත් හෙලදිවේ අපිට ඔව්වා කොහෙං හරි එනෝමයි නොවැ!! ^_^
\\කෝමත් හෙලදිවේ අපිට ඔව්වා කොහෙං හරි එනෝමයි නොවැ!! \\
Deleteඒ ගැන නම් කුමන කතාද...??
10 එපා... 7 හොඳයි...
ReplyDeleteඅටමගේ අඩිපාරේ ආවේ... ;)
මටත් එහෙම හිතෙනවා,
Deleteඅපිට අපේම යහපාලන ඕ එස් එකක් හදාගන්ඩ බැරි වෙයිද අයියේ?
ReplyDeleteයහපලානේ ඕඑස් එකක් හැදුවොත් එහෙම කොම්පීතරේ බෙල්ලේ වැල දාගන්නවා.
Deleteඅපි වගේ XP පාවිච්චි කොරගෙන හිටියනං ඉවරයිනෙ.
ReplyDeleteඋඹලට කෙලවන්ඩ තමා ඔය හදන්නේ
Deleteවින්ඩෝස් XP වලට පස්සේ හදපු හැම OS එකම හැදුවේ XP වලට ගහන්න, එත් තවමත් ඒක කරගන්න බැරි උනා.
Delete@ අටම්, එදාට තමයි බිල් අයිය කෙලෝගන්නෙ. :D
Deleteඒක නෙමේ 8න් පස්සෙ කෙලින්ම 10ට ගියේ මොකද දන්නෙනෑ නේද ..??
ReplyDeleteමේ තියන එහොඳයි ... අනික ඔය නිකං දෙන්නෙ පස්සෙ බෙල්ල මුලින් හිරකොරන්නද මංද ....
\\ඒක නෙමේ 8 න් පස්සෙ කෙලින්ම 10 ට ගියේ,\\
Deleteවින්ඩෝස් 9 කියන එක අනිවාර්යෙන්ම අසාර්ථක වෙනවා කියලා වින්ඩෝස් 8, 8.1 පාවිච්චි කරන අයගෙන් දැනගත්තා. එකයි අපහු අයින් කරපු ස්ටාර්ට් මෙනු එකත් දාලා වින්ඩොස් 10 එලියට දැම්මේ.
මටත් හිතෙනවා බෙල්ල ගැන කතාව ගොඩක් දුරට ඇත්ත වගේ.
මට මෙවුව මැජික් . අපේ IT ගොයියො දාල දෙන os එකට ආයුබෝං කියල ඉන්නව. ටැබ් කට්ටත් උන්ටම දීල අප්ග්‍රේඩ් කරගන්න එක තමයි ඇගට ගුන.
ReplyDeleteඅටමගෙ ලින්ක් එක තමයි පාර පෙන්නුවෙ.
මේ අපේ ගල්බලකායෙ පොඩිම සාමාජික නිමෝගෙ බ්ලොග් එකනෙ .
Deleteමේ බං මට මේ කොම්පීතර් මැජික්. මම මගෙ ෆ්‍රොෆයිල් එක තියන තැනින් පෝස්ට් එකක් දාන හැටිවත් දන්නෙ නෑ ආසාවට පෝස්ට් එකක් දාන්න. ඒක හින්ද වෙන්න ඇති මේ තාක්ශනික ලිපි තියන බ්ලොගේ මග හැරුනෙ.
කොම්පීතරේ ඔය හැටි මැජික් එකක් නෑ. පොඩ්ඩක් මහන්සි වෙලා ට්‍රයි කොලොත් බැරි වෙන එකක් නෑ. අපි ඉන්නවනේ හෙල්ප් එකට.
Deleteඅනේ මට මැඡික්..
ReplyDeleteකොම්පීතරේ ඔය හැටි මැජික් එකක් නෑ බං.
Deleteලිපියේ මුල වාක්‍යය හරියට කියෙව්වා නම්
ReplyDeleteMicrosoft Corp is making its biggest push into the heavily pirated Chinese consumer computing market
ඊළඟට
The plan is to "re-engage" with the hundreds of millions of users of Windows in China, he said
අනික් ලිපියෙත් මූලාශ්‍ර හොයාගෙන ගියාම පේනවා උන් ට ආපු නිවුස් එකත් ඕකම තමයි කියල.
මටත් එහෙම හිතෙනවා. කොහොම නමුත් ඉදිරියේදී වෙන්නේ මොකක්ද කියලා බලමු.
Deleteගස්ලබ්බෙ ෆලෝ කිරිල්ල ගැන අහපු තාක්ශනික ගැටලු වලට උත්තර දුන්නෙත් නිමෝ නෙව... මටත් ඕව මැජික්.. ඉතින් මේවා හෙන වටිනවා.. අටං අයියා පාර කිව්වට හොයන් ආපුවාමනෙ දැක්කෙ මේ නිමෝ කියල.
ReplyDeleteජයවේවා..!!
කොම්පීතරේ ඇති මැජික් එකක් නෑ බං, පොඩි වෙලාවක් හොයාගෙන කොම්පීතරේ එක්ක ඔට්ටු උනානම් ඔය දන්නේ නැති දේවල් ඉගෙනගන්න පුළුවන්.
Delete7, 8, 8.1, 10
ReplyDeleteහැම උලව්වකටම වඩා අර අාදි කාලෙ අාපු Xp එක හොඳයි, අවාසනාවකට මගෙ ලැපේ ඕක ඔබාගන්න බැරි වුණා. බලමු අලුතෙං කාන්දං-තැටියක් ගන්න පුළුවං වුණොත් ලොවෙත් Xp ඔබනවා!!
දැන් ගොඩක් අලුත් ලැප්ටොප් වලට xp ඉන්ස්ටෝල් කරන්න බැරි විදියට හදලා එවන්නේ, ඩ්‍රයිවර්ස් උනත් හොයාගන්න නෑ. 7, 8, 8.1 තමයි දාන්න පුළුවන්.
Deleteඅලුත් නෑ බං නිමෝ අයියේ!! මේක නාකි වෙලා. දැනටම වයස අවුරුදු 3ට වැඩියි!!
Delete"The free upgrade to Windows 10 for consumers will carry over the licensing status from the user's previous copy of Windows; although Microsoft will not prevent upgrades to Windows 10 on devices running pirated and/or non-genuine copies of Windows, the resulting installation of Windows 10 will still be considered non-genuine. Some media outlets misinterpreted the related announcement at WinHEC 2015 as allowing those with pirated copies of Windows to upgrade to a legitimate copy of Windows 10 for free.[74][75]"
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Windows_10#Free_upgrade