Thursday, March 19, 2015

ප්‍රති වයිරස් මෘදුකාංග කීපයකින් එකවිට ගොනු පරික්ෂා කරගන්න. - Scan Your Files From Many Antivirus Applications Same Time.

වයිරස් ටෝටල් කියන්නේ ගූගල් සමාගමට අනුබද්ධ සමාගමක්.

මේ සමාගමෙන් කරන්නේ, නොයෙකුත් හනිකාරක වැඩසටහන් සදහා දත්ත ගොනු හා වෙබ් සබැදි පරික්ෂා කරලා ඒ ඒ අදාල වෙබ් සබැදිය හෝ දත්ත ගොනුව සම්බන්ධව කලින් හෝ එම වෙලාවේම විශ්ලේෂණය කරනලද තොරතුරු අපිට ලබාදීමයි.

https://www.virustotal.com/en/
මෙම සේවාව නොමිලේ ලබාදෙන සේවාවක් වන අතර කිසිම ආකාරයක වෙළද දැන්වීම් හෝ කිසිම ආකාරයක ප්‍රති වයිරස් මෘදුකාංගයක් වෙනුවෙන් අනුග්‍රහයක් හෝ පරිශීලකයාව පෙලබවීමක් කරන්නේ නෑ. 

වයිරස් ටෝටල් ක්‍රියාකරන්නේ දැනට භාවිතයේ පවතින සියලුම ප්‍රති වයිරස් ආයතනවල තිබෙන වයිරස් හෝ හානිදායක මෘදුකාංග සම්බන්ධ තොරතුරු ඇතුලත් දත්ත ගබඩා වල ඇති තොරතුරු අප ලබාදෙන ගොනුව සමග සංසන්දනයකර පරික්ෂා කිරීමෙනි. 

සරලව ක්‍රියාකාරිත්වය වෙන්නේ මෙහෙමයි.

අපිට පුළුවන් වයිරස් ටෝටල් වෙබ් අඩවියට කුමක් හෝ ගොනුවක් පරික්ෂා කරන්න ලබාදෙන්න. (Upload) 

(ලබාදියහැකි ගොනුවේ උපරිම ධාරිතාව 128MB) 


වෙබ් අඩවියේ ඇති "Choose File" කියන තැනින් ගිහිල්ලා අවශ්‍ය ගොනුව තොරලා දෙන්න, ඊට පස්සේ "Scan it!" කරන්න.  


 ඊට පස්සේ මේ වගේ විස්තර ටිකක් පෙන්නයි.

මෙතන කියන්නේ අපි ලබාදුන්නු අදාල ගොනුව 2012-07-20 වෙනිදා 14:09 ට පලවෙනි පාරට පරික්ෂා කරලා තියෙන අතරම 2015-03-15 වෙනිදා 23:58 ට කවුරුහරි අන්තිම පාරට පරික්ෂා කරලා තියෙනවා.

Detection Ratio : 0/57 කියන්නේ, ප්‍රති වයිරස් මෘදුකාංග දත්ත ගබඩා 57 ක් ඇතුලේ පරික්ෂා කරලා කිසිම ප්‍රති වයිරස් මෘදුකාංග දත්ත ගබඩාවකින් මෙම ගොනුව සැකසහිත එකක් කියලා හදුනාගෙන නෑ කියන එක.  


____ මෙතැනදී කරුණු දෙකක් දැනගන්න. ____

1. මෙතන පෙන්නන්නේ අවසාන වරට ඒ කියන්නේ 2015-03-15 වෙනිදා 23:58 ට ප්‍රති වයිරස් මෘදුකාංග දත්ත ගබඩා එක්ක කරපු පරික්ෂා කිරීමයි. 

2. මේ දවස ගොඩක් පරණ එකක් නම් මේ දත්ත වෙනස් වෙලා තියෙන්න පුළුවන්.

දෙවෙනි කරුණ සම්බන්ධව, 
අදාල දවස ගොඩක් පරණ එකක් නම් කරන්න තියෙන්නේ Reanalyse කරන්න, එතකොට වෙන්නේ ඒ වෙලාවේම ඒ අදාල ගොනුව සියලුම ප්‍රති වයිරස් මෘදුකාංග දත්ත ගබඩා එක්ක පරික්ෂා කරලා අලුත්ම තොරතුරු ලබාදෙන එක.

View Last Analyse, තෝරගත්තම පහල තියෙන පින්තුරේ වගේ එකක් පෙන්නයි.

 
මෙතනදී මෙතනදී පහල කරුණු බලාගන්න පුළුවන්,

1. ප්‍රති වයිරස් මෘදුකාංගයේ නම,
2. ප්‍රතිපලය, (සැකසහිත මෘදුකාංගයක් හෝ එසේ නොවන වග)
3. අවසාන වරට අදාල ප්‍රති වයිරස් මෘදුකාංගය අදාල සමාගමේ දත්ත සමග යාවත්කාලින කරුපු දවස.


___________________________________________________
ප.ලි. : මේක ගොඩක්ම මට ප්‍රොයෝජනවත් උනේ අන්තර්ජාලයෙන් ගන්න නොයෙක් මෘදුකාංග ක්‍රැක්, ඇක්ටිවෙටර් වගේ දේවල් පරික්ෂා කරගන්න. ගොඩක් වෙලාවට තමන් භාවිතා කරන එක ප්‍රති වයිරස් මෘදුකාංගයකින් යම්කිසි ගොනුවක් සැකසහිත හෝ විනාශකාරී වැඩසටහනක් කිව්ව පමණින් (ගොඩක් එවා එහෙමයි) පිළිනොගෙන ඒ අදාල ගොනුවේ නියම තත්වය දැනගන්න හා එම ගොනුව භාවිතාවට ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්න මේ වෙබ් අඩවිය ගොඩක් උපකාරී වෙයි.

තව පොස්ටුවකින් නැවත හමුවෙමු.. ජය වේවා...!!! 

8 comments:

  1. මේකෙන් දෙයක් චෙක් කරන්ට නං මොද ඩේට තියෙන කනෙක්ෂන් එකක් ඕන නේද බං...
    මාත් එක පාරක් ඕක දැක්ක ඒත් අපිට කොයින්ද පූසො මාලු කියල මාරු වුණා
    හිහි

    ReplyDelete
    Replies
    1. මේකට නම් ඩේටා ඕනේ වෙනවා.
      ඩේටා අවශ්‍ය වෙන්නේ ඔයා පරික්ෂා කරන්න හදන ගොනුවේ ප්‍රමාණයට වඩා පොඩ්ඩක් වැඩියෙන්, (මෙගා බයිට් 1ක් විතර)
      ඒ එක්කම ඩේටා පොඩ්ඩක් වැඩියෙන් යනවට වඩා අදාල ගොනුවේ නිවැරදිතාවය හරියටම බලාගන්න පුළුවන්.
      ජය....!!!

      Delete
  2. Replies
    1. අර මොකෝ අර, උව්දවුවක් ඕනේ නං කියහං...

      Delete
  3. උඹේ උපදෙස් පිළිපැදල බලන්න මේ දවස් වල කාර්යබහුල නිසා ටිකක් අමාරුයි.. ඔහොම තිබිද්දෙන් කෝ.. අනිවාර්යෙන් වෙලාවක ඔව්ව ටෙස් කොරල බලනවා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් දේවල් මම ටෙස්ට් කොරල තමා දාන්නේ. උබත් කොරලා බලලා කියහන්කො....!!!!

      Delete
  4. ස්තූතියි ඔත්තුවට . නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක කරලා බලන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ප්‍රොයෝජනවත් වෙයි. කරලා බලන්නකෝ.

      Delete

හිතුන දෙයක් තියෙනවනම් නොකියා මාරුවෙන්න එපා හොදේ........!
ගල් මුල්, යෝජනා, චෝදනා, ඕනදෙයක්.....!

Related Posts Plugin for WordPress, Blogger...