Friday, December 19, 2014

බ්ලොගට හිම වැටෙන ස්ක්‍රිප්ට් එකක්. - Snow Falling Script For Blog.

මේ අවුරුද්දත් ඉවර වෙන්න ලගයි. නත්තල් මාසේ නත්තල් අසිරිය බ්ලොගේ පෙන්නන්න පොඩි ස්ක්‍රිප්ට් කෑල්ලක් හොයාගත්තා. දැනට මගේ බ්ලොගේ හිම වැටෙනවා වගේ පෙන්නේ, ඔය විදියටයි මේ ස්ක්‍රිප්ට් එක වැඩකරන්නේ. 

මං දන්නවා ගොඩක්දෙනා කැමති නෑ බ්ලොග් එකට අනං මනං ස්ක්‍රිප්ට් කෑලි දාන්න. මොකද අනවශ්‍ය ප්‍රශ්න නිසා. මේ ස්ක්‍රිප්ට් එකේ ප්‍රශ්න නෑ. වෙනමම HTML/JavaScript ස්ක්‍රිප්ට් එකක් විදියට බ්ලොගේ ඕනේම තැනකට ඇඩ් කරන්න. ඊටපස්සේ කිසිම ප්‍රශ්නයක් නැතිව අයින් කරලා දාන්න පුළුවන්. හරි හරි වැඩේට බහිමු. 

මුලින්ම බ්ලොගර් ඩෑෂ් බෝර්ඩ් එකට ලොගින් වෙලා "Layout" මෙනු එකට යන්න.




ඊට පස්සේ පහල තියෙන පින්තුරේ වගේ  "Add a Gadget" කියලා තියෙන ඕනම තැනකින් තෝරගන්න.


එතනින් එන මෙනු එකෙන් "HTML/JavaScript" කියන මෙනු එක තෝරාගන්න. පහල පින්තුරේ වගේ.



එතකොට පහල පින්තුරේ වගේ මෙනු එකක් පෙන්නයි. එතනට මම පහලින් දාලා තියෙන ලින්ක් එකෙන් ස්ක්‍රිප්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ ඩවුන්ලෝඩ් වෙන "Text Document" එකෙන් ස්ක්‍රිප්ට් එක කොපි කරලා දාන්න. නැත්තං එතනින්ම කොපි කරගන්න. කොපි කරගන්නවානම් අංක 1,2 නැතුව අනික් ටික විතරක් කොපි කරගන්න. එච්චරයි.





ස්ක්‍රිප්ට් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.
මේ සම්බන්ධව මොනාහරි ගැටළුවක් තිබ්බොත් මේල් එකක් දාන්න. හැමෝටම සුබ නත්තලක් වේවා කියලා ප්‍රර්ථනා කරනගමන් අදට සමුගන්නවා. ජය වේවා....!!!

11 comments:

  1. එලස්
    හැබැයි මාත් එකක් හොයල දානව
    නිරෝ එක්ක තරගෙට වගේ
    නෑ නෑ කොපියට වගේ
    හිහි
    හිටුකො හැමදාම නිරු වනෙ එකේක වැඩකෑලි දාන්නෙ මේපාර මාත් මොකක් හරි දානව
    හිහි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ජය වේවා...!! දාමු බලන්ට අපිටත් වැඩක් වෙන දෙයක්....!!!

      Delete
  2. හිම නෙවෙයි මම උඹට දෙන්නේ පොල් වැටෙන්න අහුවෙච්ච් වෙලාවක ඕ යේස්

    ReplyDelete
    Replies
    1. අනේ මගේ කට....., නිකං උඩ බුරන්නේ නැතුව ඉදිං,

      Delete
  3. වැඩකට නැති #ත්තවල් දාන්නේ දාපියකෝ ඇන්ඩ්‍රෙීයිඩි ඇපි එකක් හදන විදිහ

    ReplyDelete
    Replies
    1. ඕකනේ බැරි, හරි හරි දාන්නම්.. දාන්නම්....!!!

      Delete
  4. තැන්කු... ඔන්න අපිටත් දැන් හිම වැටෙනවා.. හි..හි..

    ReplyDelete
  5. ඔන්න දැම්මා!!
    මේ සිරාවට අර අටං අයියා කියනවා වගේ ප්ලීස් වෙලා දාකො මචං අැන්ඩ්‍රොයිඩ් අැප් කෙරුවාව!!

    ReplyDelete
    Replies
    1. දානවා දානවා..... ඉක්මනටම දානවා, දැනටම ක්‍රමයක් හම්බුනා පොඩ්ඩක් සාර්ථක මදි. තවම ටෙස්ටින්. හරියටම සාර්ථක උන ගමන් දානවා.

      Delete
  6. හොඳ විස්තර පිරි බ්ලොග් එකක්, ස්තුතියි.

    ReplyDelete

හිතුන දෙයක් තියෙනවනම් නොකියා මාරුවෙන්න එපා හොදේ........!
ගල් මුල්, යෝජනා, චෝදනා, ඕනදෙයක්.....!

Related Posts Plugin for WordPress, Blogger...