ගොඩ කාලෙකින් මොනවත් ලියන්න බැරි උනා, ඔපීසියේ තිබුන වැඩ නිසාම බ්ලොග් කොමෙන්ටුත් මිස් වෙලා තිබුනේ, පත්තරයා මාව ආදරෙන් මතක් කරලා මේල් එකකුත් දාලා තිබුනා.
(පත්තරයගේ ආදර බර වචන දැනුත් මතක් වෙනවා)
මේ දේවල් ගැන ගොඩක් දෙන සමහරවිට දන්නවා ඇති. නොදන්නා අයට දැනගන්න තමයි මේ ලියන්නේ.
කොහොමින් හරි මේ ලියන්න යන්නේ ජි මේල් එකට අද උදේ මට ලැබුන මේල් එකක් ගැන. ඒක කියවලම හිටියානම්.
මේක දැක්කම මගේ සතුට පිරිලා ඉතිරිලා ගියා, මොකද කියනවනම් ගූගල් දෙයියා මගේ එකවුන්ට් එක නොමිලේම අප්ඩේට් කරන්න යනවනේ. මම ඇත්තටම හිතුවේ ගිගාබයිට් කියක් වැඩිපුර ලැබෙයිද කියලා. එත් සැකයට හේතුවක් තිබුනා.
මේ මේල් එකේ සදහන් වෙන විදියට ලබාදීලා තියෙන ලින්ක් එකට ගියහම මගේ ගූගල් පාස්වර්ඩ් එක දෙපාරක් එන්ටර් කරන්න කියලා තිබුනා. කවදාවත් ගූගල් එකෙන් පාස්වර්ඩ් එක දෙපාරක් ඉල්ලන්නේ නැතිවෙයි කියලා හිතුනා. ඒ නිසාම මට මේල් එක ආපු මේල් එකවුන්ට් එක හොදට බැලුවා. එතකොටයි දැක්කේ, මේ ඊ මේල් ඇඩ්රස් එක එන්නේ norep@gmall.com කියලා.
ඉතින් මොකෝ අවුල මොකක්ද?
වෙනස තමයි ජි මේල් කියන අග කොටසේ MAIL (මේල්) වෙනුවට MALL (මෝල්) තමයි තියෙන්නේ. එතැනින්ම දැනගත්තා මේ මේල් එක මට එවල තියෙන්නේ මගේ එකවුන්ට් එක හයිජැක් කරන්න. සරලව කියනවනම් මගේ පාස්වර්ඩ් එක උස්සන්න.
(හයිජැක් කියන්නේ මොකක්ද කියලා විස්තරාත්මකව පස්සේ වෙලාවක කියන්නම්)
මෙතන තියෙන වෙබ් පිටුවත් හරියටම ගූගල් වෙබ් පිටුවකට සමානව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ දේවල් කරන අය මේ සම්බන්ධව හරිම දක්ෂයි, ගොඩක් වෙලාවට වෙනසක් හොයන්නම බෑ. මොකද ගෙඩි පිටින් ඒ වෙබ් පිටුවම කොපි කරලා දාගන්නවා.
(වෙබ් පිටුවේ පින්තුරයක් දාන්න විදියක් නෑ. වෙබ් පිටුව දැන් බ්ලොක් කරලා.)
අනික් කාරණාව තමයි මේ වෙබ් පිටුවට අදාල වෙබ් ලින්කුව.
මෙලෝ විදියකට ගූගල් එකත් එක්ක සම්බන්ද නැති විදියට තමයි ලින්ක් එක තියෙන්නේ. එතැනින්ම මගේ සැකය තහවුරු උනා.
මේ තියෙන්නේ ලින්ක් එක.
http://gmallupgrade.bnibarao.com.br/gmall.html
මම හයිලයිට් කරලා තියන ටික බලන්න. මෙතන තියෙන්නේ වෙන කොහෙද යන ලින්ක් එකක්.
මේ සිදුවීම ජි මේල් වලට විතරක් නෙමෙයි යාහු, පේපැල්, වගේ ඕනෑම ප්‍රසිද්ධ වෙබ් අඩවියක් ඉලක්ක කරගෙන සිදුවෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලගේ සංවේදී තොරතුරු අලුත් කිරීම, නැවත ඇතුලත් කිරීම, වගේ දේවල් ඉල්ලා හිටියොත් පොඩ්ඩක් ඒ ගැන විමසිල්ලෙන් කරන්න. හැමවෙලාවෙම මේල් එකවුන්ට් වල රිකවරි ඔප්ෂන් වලට SMS එකක් ගෙන්න ගන්න පුළුවන් දුරකතනයක අංකයක් දීලා තියන්න.
කවදාවත් ක්‍රෙඩිට් කාර්ඩ් සම්බන්ධ තොරතුරු කෙලින්ම කිසිම වෙබ් අඩවියකට ඇතුලත් කරන්න එපා. ඒ වෙනුවෙන් වගකීමක් ගන්න වෙනම විශ්වාසවන්ත වෙබ් අඩවි තියෙනවා. අපි ගනුදෙනු කරන මුදල වෙනුවෙන් යම්කිසි කාලයකට වගකියනවා. පේපැල් වගේ ඒවා.
මේ දේ ඔයාලට කියන්න හිතුනේ වෙන දෙයක් නිසා නෙමෙයි, බ්ලොග්කරුවෝ විදියට ජි මේල් එකවුන්ට් එක හැක් උනොත් ඉවරමතමා. සෑහෙන දේවල් කැපකරගෙන අමාරුවෙන් ඇදගෙනයන බ්ලොග නැති උනොත් මොනවා කරන්නද? ඒ ගැන කියන්න දෙයක් නෑ මම හිතන්නේ.
මේ වගේ හේතු නිසාම ගූගල් සේවාව මගින්ම ආරක්ෂක උපක්‍රම කීපයක් හදුන්වලා දීලා තියෙනවා කැමතිනම් බ්ලොග් එක කරන මේල් එකවුන්ට් එකට වත් දාගන්න.
සෑහෙන කාලෙකින් ලියන්න වෙලාවක් ලැබුනේ. ලියුවේ නැත්තේ මොකෝ කියලා කුරුටු අහලත් තිබුනා. ස්තුතියි කුරුටු.
එහෙනම් නැවත හමුවෙමු. වෙනදා වගේම ප්‍රශ්න තියෙයි නම් ඉතින් මෙල්ලුවක් කොටන්න. ජය වේවා....!
අප්පට සිරි..... තව ඩිංගෙන් සියල්ල ඉවරයි නේද??? ස්තූතියි ඔත්තුවට නිමෝ......... අපිටත් බොහොම වැදගත් වේවි....
ReplyDeleteතව පොඩ්ඩෙන් මාරම නස්පැත්තියක් වෙන්නේ.
Deleteමම කුරුටුගේ ඊයට රිප්ලයි දැම්මා.
අඩේ මේව ගැන දැන ගත්ත එක හොදා නිමෝ... අපිත් අහුවෙනවා මේවගේ ගැට වලට නං.
ReplyDeleteඅනිවා නලින් අයියේ, තව පොඩ්ඩෙන් මමත් අහුවෙනවා.
Deleteපරිස්සමෙන් මේවගේ හැකර්ලගෙන්.
චැහ් ..තොගෙ එකවුන්ට් එක හැක් උන් නෑනෙ බොල.. !!!
ReplyDeleteඅපිට කොච්ච්ර තන්තෝසද එහෙනං. මගෙ ගානෙ මං බ්ලොග් අවකාසෙටම බොන්ඩ දෙනවා එහෙනං.ඕ යේස්..
අනේ පල යන්න, තෝ කැමති ඇති එහෙම උනා නම්.
Deleteමම තව එකවුන්ට් එකක් හරි හදාගෙන එනවා, ඔයෙස්...!
රහසින් ...මේ අර බ්ලොග් අවකාසේට බොන්න දෙනවා කියපුවා තාම තියෙනවද?
තියනවා තියනවා බොල. එකවුන්ට් එක හැක් කරගංකෝ එතකොට දෙන්නං
Deleteබයිටුත් තියෙනව නම් කියපන් මාත් එනවා. :)
Deleteබ්‍රොයිලර් කුකුලෙක් ගෙනත් තියනවා උයාගෙන කාපං :D
Deleteමම හිතුවා ඌරෙක් වත් ගෙනල්ලා කියලා. කමක් නෑ. උයලා නෙමේ ඩෙවල් එකක් දාමු. ;)
Delete@ පත්තරේ,
Deleteහා... එතකොට උබෙන් බෝතලයක් ගලවන්න මම එකවුන්ට් හැක් කරගන්න ඕනේ? යකෝ මේක පුදුම අපරාධයක්නේ....
@ ප්‍රියා,
අනේ ඕකා ගේන උරෝ, ඔය කියන කුකුලත් සුවර් එකට කැලේකින් බෙල්ලෙන් අල්ලන් ආපු එකෙක් වෙන්න ඇති.. අනිවා....
පට්ටනේ බන් බොන්න තියෙනවා නම් මමත් එනවා හරිය.....
Deleteතවත් බේබද්දෙක්.
Deleteහා....හා.....මන් බේබ උබ බබා.....
Deleteහදිසියේ අපිත් ඔය වගේ එවට අහුවෙනා,එහෙම වුණා නම් ඉවරයි බොගි කරලා .මමත් ඇස්.ඇම්.ඇස් වැඩේ දා ගෙන ඉන්නෙ ,එක එපා වෙන්නෙ වෙන කම්පියුටර් එකකින් ලොග් වෙනකොට ..
ReplyDeleteඒක කරදරයක් වගේ උනාට ඒ වෙනුවෙන් කැපකරන වෙලාව නොසැහෙන්න වටිනවා. බ්ලොගිය වෙන එකෙක් ඉස්සුවොත් මැරෙන්න තමයි වෙන්නේ සහෝ..
Deleteයන්තම් බේරුනා වගේ. මේ වැඩේ හැකර්ලා පුරුද්දක් හැටියටම කරන දේවල්.
ReplyDeleteවෙල්කම් වේවා...!
Deleteඑකනම් ඇත්ත, දන්න නිසා බේරුනා, අනිත් අයවත් දැනුවත් කරන්නයි පොස්ටුව දැම්මේ.
තැන්කු මේ පැත්තේ ආවට.
වටින තොරතුරක් නිමෝ...හයිජැක් කියන්නේ phishing ම වෙන්න ඇති නේද?
ReplyDeleteඔව් කුරුටු හයිජැක් කියන්නේ phishing ම තමයි, ඔන්න බලාගෙන හොදේ :D
Deleteඅනෙ අම්මෝ බං මේ ජංජාලෙත් මළ ජංජාලයක්නෙ. දැලි පිහියෙන් කිරි කනවා වගේ තමා නෙ.
ReplyDeleteබ්ලොගත් එක්ක මගෙ එකවුන්ට් එක නැති උනොත් මම වහ කනවා යකූ.
සිරාවටම ස්තූතියි බොල විස්තර ටිකට.
(පත්තරේ බොටත් ස්තූතියි පාර පෙන්නුවට)
මූ බොරු ප්‍රියෝ කියන්නෙ,මුගේ මගුල හැක් කරලා අල කන්ඩැයි හැකර්ලට.. ඊට හොඳා අර මගේ වේලෙන බ්ලොගේ හැක් කරනාං හිට්ස් වකාරෙට ..හැක් හැක් .
Deleteඋන් බයයි බන් උඹේ එක හැක් කරපු ගමන් ඇමරිකාවම යුධ ප්‍රකාශ කරයි කියලා.
Deleteඇයි බොල බොගේ බ්ලොග ඒක ලේසි පහසු බ්ලොගක්ද?
මේ ඒක නෙමේ ඊයෙ උඹ දාපු පෝස්ට් එක නම් පට්ට ඈ. :)
@ පත්තරේ
Deleteආ....ආ... නරකටි හිටි මේක හැක් කොලහම, උබේ වේලෙන බ්ලොග පැත්තේ යන්න හැකර්ලා බයයි බන්, මොකද හිට්ස් වකාරේ උනාට කාන්තාරේ වගේනේ.. :P
@ ප්‍රියා,
හෑ බන් පත්තරයා කවදද ඔකේ පොස් එකක් දැම්මේ???? කොටින්ම ඕකා ඕක හැදුවෙත් නැද්ද මන්දා, මම නෙමෙයි ඕවා රට්ටු කියන කතා.
@ප්‍රියා, වහ කන්න වෙන්න කලින් එස්.එම්.එස්. වෙරිෆිකේෂන් දාගනින්.
Deleteපත්තරේ පොස්ටු දානවා එවා පේන්නෙ බුද්ධිමත් සම හරක්ට විතරයි වෙන්ඩෑ ,නැත්නම් හිට්ස් විතරක් නගින්නෙ කොමද ;)))
Deleteහැකර් ලා ගෙනුයි පැකර් ලා ගෙනුයි පරිස්සම් වෙන්න කියන්නෙ නිකන්ද බොල.
ReplyDeleteපැකර් නං හොඳායි එයාගෙ එකේ ලස්සන ලස්සන නංගිලත් ඉන්නවා .. :D
Deleteඑයාගෙ එකේ කිව්වෙ මොකේද බං? :)
Delete@ ප්‍රියා,
Deleteඕකා කියන්නේ කැසිනෝ ගැන,
ඉතින් එකේ ඉන්න නංගිලාට මොකෑ පත්තරයෝ??
//ප්‍රශ්න තියෙයි නම් ඉතින් මෙල්ලුවක් කොටන්න. ජය වේවා....! /
ReplyDelete,
සල්ලි ප්‍රශ්න, ඉඩං නඩු , බූත දෝෂ , කසිප්පු කේස් ,රේප් කේස් , ඒවත් එව්වට කමක් නැද්ද බං.. අයියෝ දෙන්නංකො ප්‍රශ්නද නැත්තෙ මස්සිනා :D
ඇයි බං තව තියෙනවා පවුල් අවුල්, ප්‍රේම ප්‍රශ්ණ, …… තව ඒවා කිව්වොත් මූට ප්‍රශ්ණ විසදලම මහණ වෙන්න හිතෙයි බං. :)
Deleteපත්තරේ/ප්‍රියා - ඕන කුඩුකේඩු කෙස් එකක් එවහන් සුරුස් ගලා විසදන්නම්,
Deleteඅනේ මගේ දෙයියෝ ප්‍රේම ප්‍රශ්න එතනින් ගියහම පවුල් ප්‍රශ්න ඒවා නං එවන්න එපා, උබල වෙනුවෙන් එල්ලුම් ගහට හරි යන්නං, පවුල් වෙලා බොලන්ලා කන කට්ට දැක්කම මගේ තනි ඇහැට ඇඩෙනවා....!
ටෙලරේ වගේ යන යන තැන ඇදගෙන යන්නයි, ගෙදරින් එලියට බහිනකොට ප්‍රශ්න පත්තරේකට උත්තර දෙන්නයි, අනේ අම්මෝ මට බැරියෝ...!
Deleteඅඩේ නිමෝ සහෝ, මේකනම් මටම ලිව්ව එකක් වගේ. මට මෙහෙම මේලක් නම් ආවෙ නෑ. ඒත් පෙරේදා රෑ එකපාරටම මගේ ෆෝන් එකට ගූගල් එකෙන් එස්.එම්.එස් එකක් ආව සැකසහිත ලොගින් ඇටම්ප්ට් එකක් වළක්වූවා, වහාම ගූගල් එකට ලොග් වෙන්න කියලා. සැනින් මං ලොග් උනා, පාස්වර්ඩ් එක රී සෙට් කලා. කොහොමින් හරි ගූගල් එකෙන් ආව මේල් එකේ, මගේ එකවුන්ට් එක හයිජැක් කරන්න හදපු එකාගෙ අයි.පී. එඩ්රස් එක පවා දීල තිබුනා. පුදුමෙ කියන්නෙ උගේ ලොකේෂන් එක විදියට පෙන්නුවේ, ඇමරිකාවෙ සියැටල් වලින් කියලා. වෙච්ච දේ හිතාගන්න බෑ. ඔහොම එකක් උනාමයි. මං මේ තාම කල්පනා කරන්නෙ මොකද උනේ කියලයි.
ReplyDeleteගොඩක් ස්තුතියි වැදගත් ලිපියක්....
ReplyDeleteසහන් නැති එකේ ඔයා ඉන්න එක ලොකු සේවයක් බ්ලොග් අවකාශේ අපිට.....
වැදගත් තොරතුරක් ගැන කිව්වට ස්තුතියි෴
ReplyDeleteඑකනම් ඇත්ත සහෝ නියම ලිපිය හොදේ තව නියමට කරපන් උබට ජය වේවා සහෝ ආ ...කියන්න බැරි උනා නේ මගේ නිවස පැත්තේ වරෙන් ඉඩ තියන වෙලාවක මෙන්න පාර ඇවිල්ල නිකන් යන්නේ නැතිව කොම්මෙන්ට් එකක් දාලා පලයන් http://topnetsystem.blogspot.com එහෙනං මම ගියා
ReplyDelete