Wednesday, March 12, 2014

වැඩ ලේසි කරගන්න - KVM Switch







කට්ටිය හොදින් ඉන්නවා කියලා හිතනවා. අද මම කියන්න යන්නේ ගොඩක් දුරට එක පරිඝනකයකට වඩා එකම වෙලාවේ පාවිච්චි කරන අය වෙනුවෙන් ලොකු උදවුවක් වෙන ගැජට් එකක් ගැන. සමහර වෙලාවට ගොඩක් කට්ටිය මේ ගැන දන්නවත් ඇති. කොහොමින් කොහොම හරි නොදන්න අයගේ දැනගැනීම පිණිස ලියන්නම්කො.

මේක හදුන්වන්නේ KVM Switch (කේ.වී.එම්. ස්විච්) කියලා.

KVM Switch ප්‍රධාන වශයෙන් වර්ග 3 කට බෙදෙනවා.

PS2 KVM Switch


USB KVM Switch


ඔය අතරම VGA පොර්ට් එකයි DVI පොර්ට් එක අතරිනුත් වර්ග කිරීමක් වෙනවා. හැබැයි DVI පොර්ට් එක තෝර ගන්න එක අදාල උපකරණත් එක්කම වෙනස් වෙනවා.

KVM Switch පොර්ට් ප්‍රමාණයෙනුත් වෙනස් වෙනවා. 2 පොර්ට්, 4 පොර්ට්, 8 පොර්ට්, 16 පොර්ට්, ඔය විදියට තියෙනවා. එතනින් එහාට තියෙන 32 පොර්ට් වගේ ඒවා ගොඩක් දුරට HDMI විදියටත් එනවා

මේක ක්‍රියාකරන්නේ මෙහෙමයි.

KVM Switch එකට අවශ්‍ය කරන කේබල් KVM Switch එකත් එක්කම ලැබෙනවා. ඒවා සම්බන්ද කරන්නේ පරිඝනකයේ ඉදන් එන VGA, Key Board, Mouse, කෙලින්ම KVM Switch එකට. KVM Switch එකේ වෙනම පොර්ට් එකක් තියෙනවා මොනිටර්, කී බෝර්ඩ්, මවුස්, සම්බන්ධ කරන්න. USB එකක නම් ගොඩක් වෙලාවට අමතර පොර්ට් එකකුත් එනවා සෙන්ට්‍රල් USB  එකක් වගේ පාවිච්චි කරන්න.

ගොඩක් වෙලාවට KVM එකේ හොට් කී (Hot Key) එකක් එනවා. ඒ කීස් වලින් පරිඝනක අතර හුවමාරු වෙන්න පුළුවන්. එහෙම නැත්තන් KVM එකේ බටන් එකක් තියෙනවා එකෙන් කරන්න පුළුවන්. KVM ගොඩක් වෙලාවට පරිඝනක ගොඩක් තියෙන සර්වර් රූම් වල පාවිච්චි කරනවා. ඒ නිසා ගොඩක් ඉඩ කඩ ඉතිරි කරගන්නත් පහසුවෙන් වැඩක් කරන්නත් පුළුවන්. ගැටළු එහෙම තියේ නම් ඉතින් මේල් කෑල්ලක් දාන්න. 


කට්ටියටම ජය වේවා...!

5 comments:

  1. නිමෝ, මේ වගේ උපදෙස් අඩංගු ලිපි බොහොම හිගයි..
    මොනව හරි ගැටළුවක් උනොත් අහනවා හොදේ.. දිගටම ලියමු..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අනිවා ඕන දෙයක් අහන්න. දන්න දෙයක් නම් මේල් එකකින් හෝ පොස්ට් එකකින් අනිවා සහයෝගයක් දෙන්නම්.

      ජය වේවා..

      Delete
  2. මේල් වලිං දෙන්න ඕට්‍ටු නෑ නිමෝ.
    අපිටත් බලාගන, පෝස්‍ටුවකිං ම දැම්මනං තමයි හොඳ.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වේවා....!

      අනිවා ඒක පොස්ටුවක් කරන්නම්. පොඩි වෙනස්කම් ටිකක් කරන්න ඕනේ. ඊලග පොස්ටුවට එක දාන්නම්. ආවට ටැංකු වේවා...!

      Delete
    2. හැම තිස්සෙම කොමෙන්‍ටු දැම්මේ නැතුවට දැං ටික දවසක ඉඳලා අපිත් මේ පැත්තේ එනවා.

      හෙ හේ!! වෙල්කම් වෙල්කම්!!!!

      Delete

හිතුන දෙයක් තියෙනවනම් නොකියා මාරුවෙන්න එපා හොදේ........!
ගල් මුල්, යෝජනා, චෝදනා, ඕනදෙයක්.....!

Related Posts Plugin for WordPress, Blogger...