Wednesday, January 22, 2014

වින්ඩෝස් 7 සහ 8 වලින් අමතර මෘදුකාංග නැතුව පාර්ටිෂන් කරන්න. Shrink From Win 7 & 8


 වින්ඩෝස් 7 සහ 8 භාවිතා වන සමහර පරිඝනක වල ගොඩක් වෙලාවට තියෙන්නේ එක Partition එකයි.

මෙහෙම වෙන්නේ පරිඝනක නිෂ්පාදකයා විසින්ම අව්‍යාජය (Original) මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරලා වෙළද පොලට නිකුත් කරානම් හෝ වැරදීමකින් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමේදී Partition කරන්න අමතක උනානම්.

මේ වගේ අවස්ථාවකදී සාමාන්යෙන් අපි තුන් වන පාර්ශවයේ මෘදුකාංගයක සහය පතනවා. ඒත් වින්ඩෝස් 7 සහ 8 වල මෙම පහසුකම මෙහෙයුම් පද්ධතියේම සපයා තියෙනවා.

මතක තියාගන්න මෙතැනදී Partition කිරීමක් කිව්වට හරියටම වෙන්නේ හාර්ඩ් ඩිස්ක් එකේ තියෙන ෆයිල් සිස්ටම් එකෙන් කොටසක් වෙන්කරගෙන ඒ කොටස Partition එකක් විදියට පෙන්වීම්යි.

මේ හේතුව නිසා හැමවෙලේම නිදහස් ඉඩ ප්‍රමාණයෙන් පමණයි Partition එක සදහා ඉඩකඩ ලබාගන්න පුළුවන්. ඒ කියන්නේ හාර්ඩ් ඩිස්ක් එකේ තියෙන ෆයිල් නැති හරිය අන්තිම හරිය වගේ. 
  
" ඔක්කොටම කලින් හාර්ඩ් ඩිස්ක් එක Defrag කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි."
 
ඉස්සෙල්ලම My Computer රයිට් Click  කරලා Manage තෝරාගන්න.



එතනින් Disk Management තොර ගන්න. එතකොට මේ වගේ වින්ඩෝ එකක් පෙන්වයි. 


Partition කරන්න අවශ්‍ය කරන Drive එක උඩ රයිට් Click කරහම මෙනු එකක් පෙන්නයි.  




Change Drive Latter and Paths...

මෙතනින් ඔයාට ඕනකරන ඩ්‍රයිව් එකක පාත් එක වෙනස් කරන්න පුළුවන්. උදාහරනයක් විදියට ( E:\ ) ලෙස තියෙන සිඩි හෝ ඩ්ව්ඩ් රොම් එකට වෙනත් පාත් එකක් දෙන්න පුළුවන්. 
මේක හාර්ඩ් ඩිස්ක් එකටත් කරන්න පුළුවන් හැබැයි ( C:\ ) ඩ්‍රයිව් එක වෙනස් කරන්න බෑ, මොකද කියනවනම් වින්ඩොස් මෙහෙයුම් පද්දතිය විසින් මේ ඩ්‍රයිව් එක පාවිච්චි කරන නිසා. ඒ වගේම මතක තියාගන්න මේවිදියට වෙනස් කලහම ඒ අදාල පාර්ටිෂන් එකේ වැඩකරන සියලුම ගොනු වල පාත් එක වෙනස් වෙනවා. ඒ නිසා මොනවහරි මෘදුකාංග ස්ථාපනය කරලා තියෙනවනම් ඒ ගැන පරිස්සම් වෙන්න. 
පස්සේ මාව අනුභව කරන්න තනනවා එහෙම නෙමෙයි..


Shrink Volume... 

වැඩේ ශ්රින්ක් කරන එක ගැනනෙ. දැන් එක තමයි කරන්න යන්නේ.

Shrink Volume... තොර ගත්තම මෙ විදියේ වින්ඩෝ එකක් පෙන්නයි.



1. මෙතන මම තෝරගෙන තියෙන හාර්ඩ් ඩිස්ක් එකේ ධාරිතාව 80GB.

2. Shrink කරන්න පුළුවන් ඉඩ ප්‍රමාණය. නැත්නම් මේ ප්‍රමාණයෙන් Partition එක හදන්න පුළුවන්. 


3. Partition එකේ ප්‍රමාණය වෙනස් කරනවානම්.


4. Partition කරන්න කලින් තිබුන Partition එකේ ධාරිතාවය අලුත් Partition එක හැදුවට පස්සේ.

මෙතැනදී 3 කියන තැනින් ඔයාට අලුත් Partition එකේ අදාල ධාරිතාවය අවශ්‍ය ප්‍රමාණයට වෙනස් කරගන්න පුළුවන්.





  
මෙතැනදී මම හදන අලුත් Partition එක 50GB එකක් විදියට හදාගන්නවා.



මෙතන Unallocated කියලා හැදෙන නිදහස් ඉඩ ප්‍රමාණය හැදුනේ Shrink කරාට පස්සේ. හැබැයි තාම ඒක පාවිච්චි කරන්න පුළුවන් මට්ටමක නෑ.
ඒකට හේතුව තමයි, හදපු Partition එක තාම Format 
කලේ නෑ.


 ඒක කරන්නේ මෙහෙමයි.




 මෙතැනින් New Simple Volume තෝරාගන්න.

 මෙතැනින් Next කරන්න.



  මෙතැනින්නුත් Next කරන්න.


 

මෙතැනින් ඔයාට Drive Latter එක තොර ගන්න පුළුවන්.
(Partition එකට ඉස්සරහින් එන Latter එක.)



File System.
මෙතැනින් Format කරන්න ඕනේ ක්‍රමය තොර ගන්න පුළුවන්.
(NTFS තියන්න.)

Volume Label.
මෙතනින් Partitionඑකට නමක් දෙන්න පුළුවන්


ඊළගට එන වින්ඩෝ එක Finish කරහම වැඩේ ඉවරයි.
ජය වේවා....! තව පොස්ට් එකකින් හමුවෙමු.


 









1 comment:

  1. මේ ගැන කොටින්ම නොදන්න කෙනෙකුට මේක ලොකු උදව්වක්. පිං.
    ඒවගේම, මේගැන ටිකක් දන්න කියන උදවියට වැදගත් වෙන, තව කතාවකුත් මෙතනට අදාලව කියන්න තියෙනවා නිමෝ.

    මේ විදිහට (හෝ වෙනත් 3rd party partition manager tool එකක් භාවිතයෙන් පාටිශන් වෙනස් කරන එක නිතර කරන්නහොඳ නෑ. අනික, වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට හසුරුවන්න පුළුවන් "ප්‍රයිමරි පාටිශන්" 3ක් විතරයි. පාටිශන් 3කට වඩා ඕනේනම් වෙනම "ලොජිකල් ඩ්‍රයිව්" විදිහට පාටිශන් හදාගන්න පුළුවන්.

    වින්ඩෝස් ස්ථාපනය කරන අතරතුර, හෝ වින්ඩෝස් ස්ථාපන තැටියකින් (Windows installation disk/ USB Drive) එකකින් හෝ පාටිශන් කරනවානම්, 2කට වඩා හදන්න හොඳ නෑ(3ක් පුළුවන් උනත්, 2කට සීමා වෙන එක හොඳයි). එහෙම කලොත් හාඩ් ඩිස්ක් එක "සිම්පල්" තත්වයෙන් "ඩයිනමික්" තත්වයට පරිවර්තනය වෙනවා. එහෙම උණොත් ආයෙත් ඒකෙ පාටිශන් හදන්නවත් වෙනස් කරන්නවත් බෑ. තියෙන ටික විතරයි. අලුතෙන් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරන්නත් බෑ.

    ඒනිසා අර විදිහට 2ක් (හෝ එකක් ) විතරක් හදලා වින්ඩෝස් ස්ථාපනය කරලා ඉතුරු වෙන ඉඩක් තියෙනවානම් නිමෝ මේ පෝස්‍ටුවෙන් කියලා තියෙන විදිහටම වින්ඩෝස් පාටිශන් මැනේජර් එකෙන් ඒ ටික ආයෙත් පාටිශන් කරගන්න පුළුවන් නේ.

    අර ඩයිනමික් තත්වයට පත් වුණු හාඩ් ඩිස්ක් එකක් ආයෙත් සිම්ප්ල් වලට හරවගන්නනම් ඒක සම්පූර්ණයෙන්ම මකලා පාටිශන් පවා ඩිලීට් කරන්න ඕනේ. ඩොස් වලින් වලින් කලොත් ටිකක් දිග ක්‍රියාදාමයක්.
    එහෙම නැත්නම්, වෙනත් වින්ඩෝස් 7 හෝ 8 හෝ 8.1 තියෙන පරිගණකයකට ඒ ඩයිනමික් හාඩ් ඩිස්ක් එක සම්බන්ධ කරලා, ඒ පරිගණකයේ තියෙන වින්ඩෝස් වලින් බූට් කරන්න ඕනෙ. එතකොට අර ඩයිනමික් ඩිස්ක් එක අමතර එකක් විදිහට තියෙන්නෙ.
    එහෙම කරලා ඒ පරිගනකයේ පාටිශන් මැනේජර් එකෙන්, අර ඩයිනමික් ඩිස්ක් එක Right click කරලා convert from dynamic to basic කරන්න ඕනේ.

    ඊට පස්සෙ ආයෙත් ඒක තමන්ගේ පරිගණකයට සවි කරලා අලුතෙන් වීන්ඩෝස් දාන්න වෙනවා.

    ReplyDelete

හිතුන දෙයක් තියෙනවනම් නොකියා මාරුවෙන්න එපා හොදේ........!
ගල් මුල්, යෝජනා, චෝදනා, ඕනදෙයක්.....!

Related Posts Plugin for WordPress, Blogger...