හරි.....
වැඩේ කරන්න කලින් පොඩි සෙට්ටින්ග්ස් ටිකක් හදාගන්න තියෙනවා,
ඉස්සෙල්ලාම බ්ලොගර් ඩෑෂ් බෝර්ඩ් එකට ලොගින් වෙලා "Settings" වල තියෙන "Mobile and Email" ඔප්ෂන් එකට යන්න.
එතනින් "Add Mobile Device" කියන එක තෝරාගන්න.
පහල පින්තුරේ බලන්න
එතන තෝරගත්තට පස්සේ පහලින් තියෙන පින්තුරේ වගේ මෙනු එකක් එයි.
එතන වෙරිෆිකේෂන් කෝඩ් එකක් එනවා. මේ කෝඩ් එක අහබු ලෙස (Randomly) දෙන කෝඩ් එකක්.
මේ කෝඩ් එක අපි ගූගල් එකට යවන්න ඕනේ.මේ කෝඩ් එක යවන්න ඕන go@blogger.com ඊමේල් එකට. ඊමේල් එකට "Subject" එකක් අවශ්‍ය නෑ.
අනික් වැදගත්ම දේ තමයි, ඔය මේ ඊමේල් එක go@blogger.com යවන ඊමේල් ඇඩ්රස් එක තමා පොස්ට් එක පබ්ලිෂ් කරන මේල් ඇඩ්රස් එක විදියට ගන්නේ. ඒ නිසා ඒ ගැන සැලකිලිමත්වෙන්න.
ඊමේල් එකේ බොඩි එකට වෙරිෆිකේෂන් කෝඩ් එක විතරක් ටයිප් කරලා යවන්න. එතකොට ඊමේල් එකට කන්ෆර්මේෂන් මේල් එකක් එයි. එතනින් කන්ෆර්ම් කරන්න. ඊට පස්සේ සෙට්ටින්ග්ස් පේජ් එක රිෆ්‍රෙශ් කරන්න. එතකොට පේජ් එක පහල පින්තුරේ තියෙන විදියට වෙනස් වෙයි.
ඔතන මම රතු පාටින් කොටු කරලා තියෙන තැනට ඔයා go@blogger.com මේල් ඇඩ්රස් එකට මේල් එක යවන්න පාවිච්චි කරපු මේල් ඇඩ්රස් එක පෙන්නයි.
හරි......
ඊට පස්සේ කරන්න තියෙන්නේ, පොස්ට් එකක් ලියලා, ඒක මේල් එකේ බොඩි එකට පේස්ට් කරලා, මේල් එකේ "Subject" එකට දාන්න ඕනේ ඔයාට පොස්ට් එකට දාන්න ඕන මාතෘකාව,
(E-mail Subject = Post Topic). ඊට පස්සේ go@blogger.com එකට සෙන්ඩ් කරන එක.
ඔය පහල පින්තුරේ තියෙන්නේ එහෙම මේල් එකෙන් දාලා ටෙස්ට් කරපු පොස්ට් එකක්.
මං එක...
ReplyDeleteමෙලෝ බෝලයක් තේරුං නෑ..
ස්තුතියි..
ජ ය වේ වා !!
තේරුන්නැති උනාට කමක් නෑ තේරුනා වගේ හිටපිය! :D
Deleteඇයි යකෝ නිට්ටබු විදානේ..... මෙච්චර සරලව කියලත් තොට තේරෙන්නේ නැද්ද..?
Delete@ ප්‍රියා, ඒ කතාව ඇත්ත බං.
හා එහෙනම් දැන් උඹට මෙහෙම කරලා පොස්ට් දාන්න පුළුවන්නේ , එහෙනම් දාපන්කෝ . බොරුවට මාරුවෙන්නේ නැතුව
ReplyDeleteනිමෝගෙ මාළු නිමෝගෙ පිටේම තියා කැපීම. :D
Delete(ඔය ඉතිං..... මොනාහරි කිව්වම තොපිත්.......)
Deleteහරි හරි බං.. මන් දැන් දිගටම ඒම තමා ලියන්න ඉන්නේ..........
@ ප්‍රියා...
නෑ.. නෑ.. බං මන් මස්, මාළු කන්නේ නෑ..... ඔය මගේ මාළු වෙන්න බෑ.....
(කෑ ගහලා නොන්ඩි කරන්න එපා යකෝ)
ඔය කිව්වට 23 න් වෙනිදයිං පස්සෙ ඕකා තාම නෑ. මෝර කෑල්ලක් එක්ක කොටුවක් පැනල තාම බුදි ඇති ඇඟේ අමාරුවට.
Deleteඔය විදිහට ෆොටෝස්, ලිංක් දාන්නෙ කොහොමද බං?
ReplyDeleteමෙන්න මෙහෙම
Deleteකෝ බං?
Deleteඑක තාම හොයනවා, හොයලා කියන්නම්
Deleteආ තව එකක්. ඔය මගේ දිනපොත, ආ නෑ උඹේ දිනපොත තියන් ඉන්නෙ ටෙස්ට් කරන්න විතරද? ඒක ලියන්න අදහසක් නැත්ද?
ReplyDeleteනෑ නෑ.. යකූ එකත් ලියනවා, කෙටිකථා, ගද්‍ය, පද්‍ය, මොනාද එව්වා ගැන මට දැනුමක් නෑ බං. වැඩ වලට හිරවෙලා නෙව හිටියේ.
Deleteමම හිතන්නෙ නිමෝ මේ ක්‍රමය ගොඩක් වැදගත් වෙන්නෙ ව්‍යාපාරික බ්ලොග් අඩවි හෝ පුද්ගලික තොරතුරු බෙදාහරින අඩවි (නළුනිලියො එහෙම තමන්ගෙ තොරතුරු බෙදාගන්නෙ.) වගේ ඒවට. ඔන් ද ස්පොට් බ්ලොගින් වගේ සීන් එකක් නිසා.
ReplyDeleteමම ට්‍රයි කරල බැලුවා. ඊ මේල් සීන් එක වගේම බ්ලොගර් ඇප් එකත්. ඒත් ඒ දෙකම අපිට වැඩියෙ සෙට් වෙන්නෙ නෑ කියලයි මට හිතුනෙ. මට ඒ ක්‍රම දෙකම සෙට් උනේ නෑ බං.
මමනම් කරන්නෙ බ්ලොගර් ඇප් එකෙන් ලියනවා යමින් එමින් ගමන්. පස්සෙ එඩිට් පාරක් දාලා. පින්තූර දාලා (මොකද මම ටිකක් මහන්සි වෙනවා ගැලපෙන පින්තූර හොයන්න.) ලින්ක් එහෙම හොයල දාල තමයි පෝස්ට් කරන්නෙ. ඉතින් මටනම් සෙට් වෙන්නෙ ලැප තමයි.
හැබැයි ඕක වැදගත් වෙයි අපේ අඩවි රජාගෙ සංචාරක සටහන්, සංචාරකයගෙ යන එන තැන්, එතකොට අර රට වෙද්දු බ්ලොග් එක ලියන මල්ලිගෙ විනෝද චාරිකා, ගාලු කොල්ලා නිතරම ලියන ට්‍රිප් වල විස්තර වගේ දේවල් වලට. මොකද උණු උණුවේම චාරිකා විස්තර අපිට කියන්න පුලුවන් නෙ.
සෙලිබ්රිටීස්ලාට එහෙමත් වැදගත් වෙයි මේ අතන ශෝ එකට යනගමන්, මෙතන ෂූටින් යනගමන්, අද හවස ඔටෝග්‍රාෆ් දෙනවා අරක මේක අප්ඩේට් කරන්න පුලුවන්නෙ.
ඇයි මගේ එක.. හොයපල්ලකෝ අළුත් පොන් එකකුත්..
Deleteඅළුත් ෆෝන් එකත් එක්ක නිට්ටඹුවට ගෙනියන්න සිග්නල් පැකට් එකකුත් ගනින්. නැත්නම් අපරාදෙ! :D
Deleteපෝ(ර්)න් ද ෆෝන්ද විදානෙ
Deleteතැන්කු මචං බස්සියෝ. උබේ කොමෙන්ටුවෙන් මට තව පොඩි අදහස් ටිකකුත් අවා. පොස්ටුවක්ම දාන්නම්.
Deleteඑලස්. බලමුකො ඕන වුනොත්.
ReplyDeleteඑලස්.... වේවා...!!
Deleteදැනට නං දෙයියනේ කියල බ්ලොගර් ඇප් එක තමා ඒත් උවමනාවක් වුනොත් කරල බලනව..
ReplyDeleteස්තූතියි පැහැදිලි කිරීමට...
ජයවේවා
තැන්කු වේවා මේ පැත්තේ ගොඩවුනාට. තව ගොඩක් දේවල් ඉස්සරහදි දෙන්න හිතං ඉන්නේ. ජයවේවා...!!!
Deleteස්තූතිය් තොරතුරට බලමුකෝ වැඩක් ගන්න..
ReplyDeleteතැන්කු වේවා...!! බලමු මොනා හරි වැඩක් වෙයි නෙව.
Deleteමට විතරද මල් පිපෙන්නෙ
ReplyDeleteමම විතරද මල් නෙලන්නෙ
අනුං ඇවිත් මල් නෙලුවාවේ
මලේ සුවඳ මට දැනුනාවේ
බොහෝ සේ ස්තුතියි හෙළිදරවු කලාට
බොගෙ ආච්චිට හාල්ගරංට ගියාද, මාලු කූරිය...
Deleteහප්පට සිලි කිව්වලු. කයි ලියන්න මන් දන්නේ නෑ හොදේ. ඒ උනාට සුපිරි කවිය.
Deleteහරි හරි තරහ ගන්න කාරී නෑ නෙව, රාජකාරි අදික වීම නිසා පොඩ්ඩක් බිසී උනා මචං.....
ඔය ආයෙම පෝස්ටුවක් දාලා අතුරුදහන් වෙලා..... ඇත්තට ම ඔය කොහෙද යන්නේ???
ReplyDeleteකොහේ යන්නද අප්පා, හදාගත්ත බ්ලෝග දාලා. පොඩ්ඩක් එහෙ මෙහෙ උනා....!!
Delete