Monday, March 9, 2015

මැල්වෙයා කියන්නේ මොනවද ? - What Is Malware ?

මැල්වෙයා කියන්නේ Malicious Software කියන යෙදුම කෙටි කරලා. සරලව මේ මැල්වෙයා කියන මෘදුකාංග වලින් කරන්නේ පරිශීලකයට නොදැනෙන්න පරිශීලකයාගේ මුරපද (Passwords) සංවේදී දත්ත (Sensitive Information) සොරාගෙන ඒ අදාල මැල්වෙයා මෘදුකාංගයේ නිර්මාණ කරුට යැවීමයි. මේ තොරතුරු වලින් ඒ අදාල මැල්වෙයා නිර්මාණකරුට අපේ දත්ත වලට පහසුවෙන් පිවිසීමටටත් ඒ දත්ත පරිශීලකයාගේ අනුදැනුමකින් තොරව අනවශ්‍ය හා නිත්‍යානුකුල නොවන ආකාරයට යොදාගැනීමටත් හැකිවෙනවා. 
(ඔයාගේ ඊමේල් එකෙන් ඔයා නොදැනුවත්වම ස්පෑම් ඊමේල් යවන එක වගේ)

සාමාන්‍ය හා ඉහළපෙලේ ප්‍රති වයිරස් මෘදුකාංග බොහොමයකට මැල්වෙයා හදුනාගන්න බෑ. ඒ නිසා ඉතාමත් ප්‍රසිද්ධ ආයතන පවා මේ මැල්වෙයා පරිශිලකයාගේ ක්‍රියාවන් ඔත්තු බැලීම සදහා යොදාගන්නවා. ඒ අනුව ඔවුන් ඒ ඒ අදාල පරිශීලකයන්ගේ රුචිකත්වය අනුව දැන්වීම් තෝරාබේරා ඒ සදහා පරිශිලකයන්ව යොමු කරනවා.

මේ මැල්වෙයා හදුනාගෙන විනාශකිරීම සදහා විශේෂිත වූ මෘදුකාංග තියෙනවා. ඒ මෘදුකාංග අතුරින් ගොඩක්ම ප්‍රතිපල සහිත හා නොමිලේ ලබාගතහැකි සංස්කරණයකින් නිකුත් වෙන මෘදුකාංගයක් තමයි Malwarebytes කියන්නේ.
 
http://www.malwarebytes.org/

Malwarebytes නිල වෙබ් අඩවියෙන් Free Version Download කියන තැනින් ගිහිං බාගත කරගෙන පරිඝනකයට ස්ථාපනය කරගන්න.
(මේ මෘදුකාංගය 20MB විතර වෙන්නේ )



හරිම ලේසියි ඔක්කොටම Next, Next, Next, කර කර යන්න.



බාගත කරගෙන ස්ථාපනය කරගත්තට පස්සේ ස්ටාර්ට් මෙනු එකෙන් Malwarebytes තෝරගෙන Scan කරන්න.  



ඒ Scan එකේදී මොනවහරි මැල්වෙයා මෘදුකාංග පරිඝනකයේ තිබිලා හම්බුනොත් මේ රුපයේ විදියට ඉවත් Quarantine කියන ඔප්ෂන් එක තෝරලා Apply Action කියන ඔප්ෂන් එක තෝරන්න.

මේ විදියට අපිට නොදැනුවත්ව අපේ පරිඝනකයේ තැන්පත් වෙලා තියෙන කරදර කාර මැල්වෙයා ලේසියෙන්ම ඉවත් කරගන්න පුළුවන්. මේ මෘදුකාංගය නිතරම යාවත්කාලින කරන නිසා ස්ථාපනය කරලම තිබ්බට පාඩුවක් වෙන්නේ නෑ. ඒ වගේම මේ මෘදුකාංගයට ගන්නේ හරිම පොඩි මතක ප්‍රමාණයක්.  
 

එහෙනම් තවත් පොස්ට් එකකින් හමුවෙමු....!!!!

6 comments:

  1. නියමයි බා ගන්න ඕන .

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ප්‍රොයෝජනවත් වෙයි.

      Delete
  2. කාලේකින් නේද ...

    මේක මට හුඟක් වැදගත්. ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. ගොඩ කාලයක් නොලියා හිටියා. ඔපීසියේ වැඩ පොඩ්ඩක් වැඩි උනා.

      මේක මටත් ගොඩක් ප්‍රොයෝජනවත් උනා. අනිවාර්යෙන්ම ඔයාටත් ප්‍රයෝජනවත් වෙයි.

      Delete
  3. වැදගත් දෙයක් දැනගත්තා.. ස්තුතියි බං....

    ReplyDelete
    Replies
    1. වැදගත් උනා නම් සතුටුයි මචෝ... ජයවේවා..!!!

      Delete

හිතුන දෙයක් තියෙනවනම් නොකියා මාරුවෙන්න එපා හොදේ........!
ගල් මුල්, යෝජනා, චෝදනා, ඕනදෙයක්.....!

Related Posts Plugin for WordPress, Blogger...