මේ අවුරුද්දත් ඉවර වෙන්න ලගයි. නත්තල් මාසේ නත්තල් අසිරිය බ්ලොගේ පෙන්නන්න පොඩි ස්ක්‍රිප්ට් කෑල්ලක් හොයාගත්තා. දැනට මගේ බ්ලොගේ හිම වැටෙනවා වගේ පෙන්නේ, ඔය විදියටයි මේ ස්ක්‍රිප්ට් එක වැඩකරන්නේ.
මං දන්නවා ගොඩක්දෙනා කැමති නෑ බ්ලොග් එකට අනං මනං ස්ක්‍රිප්ට් කෑලි දාන්න. මොකද අනවශ්‍ය ප්‍රශ්න නිසා. මේ ස්ක්‍රිප්ට් එකේ ප්‍රශ්න නෑ. වෙනමම HTML/JavaScript ස්ක්‍රිප්ට් එකක් විදියට බ්ලොගේ ඕනේම තැනකට ඇඩ් කරන්න. ඊටපස්සේ කිසිම ප්‍රශ්නයක් නැතිව අයින් කරලා දාන්න පුළුවන්. හරි හරි වැඩේට බහිමු.
මුලින්ම බ්ලොගර් ඩෑෂ් බෝර්ඩ් එකට ලොගින් වෙලා "Layout" මෙනු එකට යන්න.
ඊට පස්සේ පහල තියෙන පින්තුරේ වගේ "Add a Gadget" කියලා තියෙන ඕනම තැනකින් තෝරගන්න.
එතනින් එන මෙනු එකෙන් "HTML/JavaScript" කියන මෙනු එක තෝරාගන්න. පහල පින්තුරේ වගේ.
එතකොට පහල පින්තුරේ වගේ මෙනු එකක් පෙන්නයි. එතනට මම පහලින් දාලා තියෙන ලින්ක් එකෙන් ස්ක්‍රිප්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ ඩවුන්ලෝඩ් වෙන "Text Document" එකෙන් ස්ක්‍රිප්ට් එක කොපි කරලා දාන්න. නැත්තං එතනින්ම කොපි කරගන්න. කොපි කරගන්නවානම් අංක 1,2 නැතුව අනික් ටික විතරක් කොපි කරගන්න. එච්චරයි.
ස්ක්‍රිප්ට් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.
මේ සම්බන්ධව මොනාහරි ගැටළුවක් තිබ්බොත් මේල් එකක් දාන්න. හැමෝටම සුබ නත්තලක් වේවා කියලා ප්‍රර්ථනා කරනගමන් අදට සමුගන්නවා. ජය වේවා....!!!
දන්නා විදියට දන්නා දෙයක්, නොදන්නා අය අතරේ බෙදාගැනීමට දරන පුංචි උත්සහයක්.......!
Friday, December 19, 2014
Wednesday, December 10, 2014
බ්ලොගර් ඊමේල් ගිණුම මාරු කරගන්නේ කොහොමද? - How To Change Blogger Admin Email Account.
බ්ලොග් එකට ලොගින් වෙන ඊමේල් ඇඩ්රස් එක වෙනස් කරගන්න විදිය ගැනයි කියන්න යන්නේ. වැඩි විස්තර ඕනේ නෑ, වැඩේට බහිමු.
එහෙනං පහල පින්තූරේ පෙන්නලා තියෙනවා වගේ බ්ලොගර් ඩෑෂ් බෝර්ඩ් එකට ලොගින් වෙලා Settings වල Basic වලට ගිහින්,
+Add Authors කරන්න.
ඊට පස්සේ එතනට box එකක් එනවා, එතනට ඔයාට බ්ලොගට අලුතෙන් දාගන්න ඕනේ මේල් ඇඩ්රස් එක දාලා (හෝ කීපයක් දාන්න පුළුවන්.) Invite authors තෝරන්න, පහල පින්තූරේ බලන්න.
ඊට පස්සේ පහලින් තියෙන පින්තුරේ වගේ පෙනෙයි.
එතකොට බ්ලොගට අලුතෙන් දාගන්න ඕනේ මේල් ඇඩ්රස් එකට මේල් එකක් එනවා පහල තියෙන පින්තුරේ වගේ. එතන Accept invitation කරහම. ඒ අදාල මේල් ගිණුමට ලොගින් වෙන තැනකට ගෙනියනවා. එතනිනුත් ආපහු ලොගින් වෙලා අපහු Accept invitation කරන්න ඕනේ.
ඊට පස්සේ Settings Page එක Refresh කරලා ගත්තම පහල පින්තුරේ වගේ පේනවා. එතැන් තියෙන ඩ්‍රොප් ඩවුන් එකෙන් ඇඩ්මින් "Admin" තෝරලා තියන්න.
ඊටපස්සේ අපහු සැරයක් Settings Page එක Refresh කරලා ගත්තම පහල පින්තුරේ වගේ පෙන්නයි. එතනට අලුතෙන් Add කරපු ගිණුම පේනවා වගේම ඔයාට අයින් කරන්න ඕනේ ගිණුම ඉස්සරහින් තියෙන කතිරේ ඔබලා අනවශ්‍ය ගිණුම අයින් කරන්න පුළුවන්.
මේක කලහම අලුත් මේල් ගිණුමට මාරු වෙනවා. එතකොට ඒ ගිණුම තමා ප්‍රොෆයිල් එක විදියට පෙන්නන්නේ.
බැරි වෙලාවත් ඔය ගිණුම් දෙකම Author කියන විදියට මාරු කරන්න එපා.
මේ වැඩේ අපේ විදානේට කරගන්න ඕනේ වෙලා තිබුනා, ඒ වෙලාවේ ගත්ත ක්‍රීන් ෂොට් ටික අපරාදේ නිසා පොස්ට් එකක් දාන්න හිතුනා. ඒ නම් ඇත්තටම මගේ කම්මැලිකමට නම් නෙමෙයි. නොදන්නා අනෙක් අයගේ දැනගැනීම පිණිසම පමණයි. මේ ඇත්තමයි!!!
එහෙනම් ජයවේවා...!! නැවත හමුවෙමු....!!!

Subscribe to:
Posts (Atom)